~

චතුරිකා සනසා තිලංග ජනාධිපතිට ඇප දාන හැටි..! චිචීලා කරන කොට නරකයි..! චතූලා කරන කොට හොඳයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.16, පෙ.ව‍.4.45) වාහන අවභාවිතා, හිත මිතුරන්ට තනතුරු පිදීම්, මුදල් අක්‍රමිකතා ඇතුළු දූෂණ රැසකට වගකිව යුතු ක්‍රිකට් පරිපාලනයක යෙදෙන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මේ සියල්ල සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආවරණය හා රැකවරණය ලබා ගන්නා අයුරු විදහා දැක්වෙන තවත් අපූරු අවස්ථාවක් පෙරේදා අඟහරුවාදා (14) ඛෙත්තාරාම ක්‍රිඩාංගනයේදී සිදුවිය.

ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ සීමිත පන්දු ඕවර තරඟ ආරම්භය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් එදින ජෝගි උත්සවයක් සංවිධානය කර තිබිණ.

ලෝකෙට පරකාසය සඳහා කිසිදු ලෝබකමකින් තොරව ක්‍රිකට් ආයතනයේ මුදල් කාබාසිනියා කර දමන තිලංග මෙහිදී මෙමෙ ජෝගියේ සංවිධාන කටයුතු බාර දී තිබුනේ “මීඩියා ගැන්“ නමැති ප්‍රචාරක ආයතනයට ය. මේ සඳහා රු. ලක්ෂ 40 කට ආසන්න මුදලක් අදාල සමාගමට ගෙවා තිබේ. මෙම “මීඩියා ගැන්“ ආයතනයේ හිමිකාරිය වන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන ය.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 ලෝක ශූරතාවයට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් පිටත්වෙද්දී තිලංග ජනාධිපතිවරයාද එහි ගෙන්වා ඔවුන්ට සුබ පැතීම වෙනුවෙන් තවත් මහා ජෝගියක් කොළඹ දී පැවැත්වූ අතර එහි සංවිධානය ද බාර දී තිබුණේ චතුරිකාගේ ‘මීඩියා ගැන්‘ එකටම ය. ඒ සඳහා ඇයට රුපියල් කෝටි 3 හමාරකට ආසන්න මුදලක් හෙවත් රුපියල් මිලියන 34 ක් ගෙවීමට තිලංග ලෝබ වූයේ නැත. මීට අමතරව අනෙකුත් ප්‍රචාරක කටයුතු ෂිෆ්ට් (SHIFT) නම් තවත් හිතවත් සමාගමකට පවරා තිබේ.

තිලංග මෙසේ මිලියන ගණන් ක්‍රිකට් අරමුදල් චතුරිකාගේ මීඩියා ගැන් වෙත පුදන්නේ ඒ මගින් ජනාධිපති මෛත්‍රීපාලගේ සහයෝගය ලබා ගැනීමට බව ඔහු පුන පුනා කියයි.

දින ගණනක් මුළුල්ලේ උපවාසයේ යෙදුණු ක්‍රීඩාංගණ සේවකයන් පිරිසක් තිලංග විසින් කණින් ඇද දොට්ට දැම්මේත්, සනත් ජයසූරියලාට ක්‍රිකට් තේරීම් සිදු කිරීමට ඉඩ නොදී එම කටයුත්ත ද තම අතටම ගත්තේත්, ෂම්මි සිල්වා, අනුර වීරසිංහ, අරුණ ද සිල්වා, රවින් වික්‍රමරත්න, ප්‍රියන්ත සොයිසා, බන්දුල සමන් වතුරේගම, සුජීව ගොඩලියැද්ද ඇතුළු තම හිතවත් ගැන් එකට ක්‍රිකට් ආයතනයේ මුදල් රිසි සේ හොරකම් කරන්නට ඉඩ දී තිබෙන්නේත්, තම ඥාතීන් ඇතුළු හිතවතුන් රොත්තකට ක්‍රිකට් ආයතනයේ සුදුසුකම් පවා නොමැතිව තනතුරු ලබා දී තිබෙන්නේත්, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර තම අල්ලේ නටවන්නේත් චතුරිකාට සලකා එමගින් ලබාගෙන ඇති ජනාධිපති මෛත්‍රීගේ සහයෝගය නිසා ය.

මේ සියල්ල දෙස බලාගෙන තිලංග දිනවීමට සෑහෙන වෙහෙසක් දරා දැන් ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින්නේත් චතුරිකා සැනසීම හරහා ජනාධිපතිගේ ආරක්ෂාව තිලංගට ලැබෙන නිසාය.

චිචීලා කරන කොට නරක වන්නටත් චතූලා කරන කොට හොඳ වන්නටත් විදිහක් නම් නැත. 

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි- 

---------------------------
by     (2017-02-15 23:20:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

තිලන්ග සුමතිපාල කියන්නේ බුකිකාරය පාර්ලිමෙන්තුවේ වැදගත්ම නිලයක් වන නී කාතානයක ධුරය හොබවන්නේ ඔහු මේ වගේ සම්භාවනීය දූර අවභාවිතා කිරිම සැබවින්ම කනගාටුදායකය එහි ප්‍රතිපල ආංඩුවට ලැබෙනු ඇත
-- by poduminisa on 2017-02-16

බයවෙන්න එපා .. මොහාන් පීරිස් එලෙව්වේ පක්ෂපාතී වෙන්න හදපු නිසා .. බලපන් තිලන්ගයවත් එලවන්නේ නෙද්ද කියල අපේ ලොක්ක
-- by කසුන් on 2017-02-17

mona ponna huyannak da me,Chathu kiyanne..? kawda a..? api danne naa ne.. koheda iskole giye.. ? monawada pass korapu vibhaaga...? Dty Speaker..? or Dty Joker..? horunta giya ratak.. me rata kawa daaawath goda enne naa... goda ganda thibba ekama welaawa Jan 8. a kath gahala giyaa. ape anaagatha daru-deriyange awaasanaawa. Chaplin la nam thawa tika dohakin elowa yaavi.. a th ape lamai...? a koka wethath. E.gaawa FCID ekata yanna nam kattiya pin res-koragannawa ekasiya gaanata wage penne..
-- by Samantha-Badda on 2017-03-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links