~

ලසන්ත මැරුවා කියා බොරු චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා වසරක් සිර කර තැබුවාට ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය වැරදිකරු කරයි: වන්දි ගෙවන්නත් නියම කරයි

රාජපක්ෂලාගේ ‘රණවිරු‘ උන්මාදය රෙද්ද පල්ලේ..!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.19, පෙ.ව‍.9.15)  අද අපරාධකරුවන්ට රණවිරු ලේබල් අලවමින් ඩෙඟා නටන රාජපක්ෂලා එදා සැබෑ රණවිරුවන්ට ව්‍යාජ අපරාධ ලේබල් අලවා සැලකූ අන්දම හෙළිකරන අපූරු නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිණ. ඒ තම අපරාධ වසා ගැනීමට බොරු අපරාධ චෝදනා  නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වසරක් තිස්සේ තමන්ගේම අත්සනින් සිර ගත කර තැබීම ගැන ගෝඨාභය රාජපක්ෂව වරදකරු කර වන්දි ගෙවීමටද නියම කිරීමයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැබෑ තතු වසන් කිරීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ කේ. පියවංශ නමැත්තෙකි.  

බොරු චෝදනා කරමින් තමන්ව රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවුනේ යයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ලාන්ස් කෝප‍්‍රල්  පියවංශ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ.  

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.

විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වීය

---------------------------
by     (2017-02-19 03:50:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links