~

වධකාගාරයේදී නවකයන්ට සිසුවියන්ගේ මුත්‍රා පොවලා: තවමත් වමනය: පේරාදෙණිය වධකයෝ අන්තරේ මෙන්ම පෙරටුගාමී පක්ෂයේ බව හෙළිවේ: වධකාගාරය සහ වෛද්‍ය සංගමය අතර සම්බන්ධයක්

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.22, පෙ.ව‍.7.15) පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. 

වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.

සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවීමෙන් තම දේශපාලන අරමුණු වලට නම්මා ගත නොහැකි වූ නවක සිසුන් 8 දෙනෙකු වෑන් රියකින් පැහැරගෙන ගොස් වධකාගාරයක් ලෙස භාවිතා කළ කුලියට ගත් නිවසකදී රාත්‍රියක් පුරා අමානුෂික වධයට ලක් කළ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ වධකයන් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් බව හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි.

වධකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පෙරටුගාමී පක්ෂයේ 8 දෙනෙකු ඔවුන් බැලීමට බන්ධනාගාරයට පැමිණි බවත් ඉන් 5 දෙනෙකුට ඔවුන් හමුවීමට අවසර ලැබී තිබූ බවත් වාර්තා වේ. 

වධකයන් අතර වයස අවුරුදු 31 සහ 32 දෙදෙනෙකු සිටින අතර ඒ තරම් වයස අය සිසුන් ලෙස සරසවියක දෙවන වසරේ උගෙන ගනිමින් සිටීම අසාමාන්‍ය බැවින් ඔවුන් සරසවි සිසුන්මදැයි සහතික කර ගැනීමට සරසවි පාලකයන්ගේ සහාය පතා ඇත.

පැහැරගැනීමට භාවිතා කළ වෑන් රිය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

වධකාගාරය සහ වෛද්‍ය සංගමය අතර සම්බන්ධයක්

පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුවේ වධකාගාරයක් ලෙස භාවිතා කළ මෙම නිවස සම්බන්ධයෙන්ද සැකයක් මතුව තිබේ. මෙය අර්ධ ලෙස සාදන ලද නිවසක් මිස මිනිසුන්ට පදිංචි විය හැකි නිවසක් නොවේ. ඒ සඳහා මසකට රුපියල් 10,000 බැගින් මාස 3 කට රුපියල් 30,000 ක් ගෙව්වා යයි කියයි. ප්‍රධානතම සැකය වන්නේ මෙම නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පුද්ගලයෙකුට අයත් බව හෙලිවීමයි. මහපොලින් ලැබෙන රු. පන්දහසින් වෙනම වධකාගාර පවත්වාගෙන යෑමට මුදල් ගෙවීමට සිසුවන්ට නොහැකිය. වෛද්‍ය නිලධාරී කාර්යාලයක පුද්ගලයෙකුගේ නිවසක් පෙරටුගාමීන්ට වධකාගාරයක් පවත්වාගෙන යෑමට ලබා දීම පිටුපස ත්‍රස්තවාදී වෛද්‍ය සංගමයේ ඇර සොයිසලා ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම පරීක්ෂකයන්ගේ වගකීමකි. 

මේ අතර සරසවි පාලකයන් විසින්ද වධකයන් පිලිබඳ වෙනම පරීක්ෂන ආරම්භ කර ඇති අතර 15 දෙනාගේ පංති තහනම් කර තිබේ. 

මෙය නවක වධය නොව ත්‍රස්තවාදයකි

කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට පැමිණවීමක් සිදුවිය නොහැකිය. එසේ වන්නේ නම් එය ‘නවක වධය‘ යන චෝදනා යටතේ ගිිනිය නොහැකිය. මෙම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවකි. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘ත්‍රස්තවාදය‘ භාවිතා කිරීමකි. නමුත් සරසවි පාලකයන් තම සරසවියේ ‘ගෞරවය‘ සඳහා යැයි කියමින් ඒ සඳහා ක්‍රියා නොකරන බවත් පොලිසියට ඒ සඳහා සහායක් නොදෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ. 

නිදහස ලබා ගැනීමෙන් පසුව ආරම්භ වී, නිදහස් අධ්‍යාපනයත් සමග වරපැන නැගී විත් ජවිපෙ දේශපාලනය සරසවි වසාගැනීමෙන් පසු පෙරටුගාමීන් දක්වා වන විට ත්‍රස්තවාදී ක්‍රියාවන් සේ වර්ධනය වී ඇති මෙම ‘නවක වධය‘ නම් අශිෂ්ඨ ක්‍රියාදාමය නතර කර ගැනීමට ශත වර්ශ භාගයකට වඩා වැඩි කාලයක් තිස්සේ සරසවි පාලකයන් මෙන්ම රට පාලනය කළ බලධාරීන් ද අපොහොසත් වීම ගැන රටක් ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතුය. මන්ද යත් මේ වන විට ශිෂ්ඨාචාරගත රටවල මෙවැනි දේවල් සිදුනොවනවා මෙන්ම ඒ සඳහා දඬුවම් දෙන්නේ ඒ රටවල පවතින සාමාන්‍ය නීතිය යටතේම මිස සිසුන්ට කියා විශේෂත්වයක් නොමැතිව බැවිනි. දැඩි දඬුවම් දීම මෙන්ම සිසු සිසුවියන්ද, දෙමාපියන්ද, බලධාරීන්ද එකට ගැට ගැසුනු, තනි තනි සිසුවා සරසවියේ සිටින තුරු නිරීක්ෂනය කෙරෙන දැවැන්ත අධ්‍යාත්මික, අධ්‍යාපනික, නවීන තාක්ෂනික වැඩ සටහනකින් තොරව මේ ගෝත්‍රික ක්‍රියාව නතර කළ නොහැකිය. නියැන්ඩර්තාල් වම්මුන්ට රටක අනාගත පරම්පරාවක් මානසික අබ්බගාතයන් කිරීමට තවත් ශත වර්ශ භාගයක් ඉඩ දී බලා සිටිනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතුය.   

පසු සටහන:

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයක කර්තෘවරයෙකු යැයි කියා ගන්නා සිරිමල්වත්ත මහතා ‘ලංකා ඊ නිව්ස්‘ යලිත් වතාවක් ‘මාධ්‍ය සම්ප්‍රදායට පටහැනිව වාර්තා කිරීමක්‘ (unethical reporting)  කර ඇතැයි සඳහන් කර තිබිණ. ඇමර්සෝන් වනාන්තරයේ තවමත් නිරුවතින් සිටින ගෝත්‍රික කණ්ඩායම් ඇඳුම් අඳින මිනිසුන් දෙස බලා කියන්නේද මේ ඇඳුම් ඇඳ සිටින වුන් සම්ප්‍රදායට පටහැනිව ජීවත් වන එවුන් කියා ය. සිරිමල්වත්තලාට ‘හුජ්ජ පෙවීම‘ කෙතරම් උතුම් සම්ප්‍රදායක් විය යුතුද?

(සේයාරූ වල දැක්වෙන්නේ වධකයන් මුහුණු වසාගෙන අධිකරණයෙන් බන්ධනාගාරයට ගිය අයුරු, පවත්වාගෙන ගිය වධකාගාරය සහ වධකාගාරය කුලියට දුන් අයිතිකරු සේවය කරන වෛද්‍ය නිලධාරී කාර්යාලයයි) 

---------------------------
by     (2017-02-22 02:50:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Meyata aththe vikakpa 2k bava mage adahasai. Saitem sisun vishesa pareekshanayakata yomu kota in samathvannan rajaye vidya sevayata athulath kara gathayuthuya. Nomathinam Saitem paalanaya visin divaine Saitem rohal pihituvaa mahajanayaata sevaya labaadiya yuthuya.
-- by nareen on 2017-02-22

https://sihisatahan.wordpress.com/2011/04/21/blogpost19/ "අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය." “නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරී තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා. කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක ආප්පෙකට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා. එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”
-- by gayan on 2017-02-23

https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/16684010_10206369520197307_1902531036282537075_n.jpg?oh=e8b6124bf5cc186107562bfd698cc1ff&oe=5932B5F8 source http://www.gossiplankanews.com/2017/02/peraseniya-rag-spot-raided.html
-- by gayan on 2017-02-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links