~

ලීඩර් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නියම තොරතුරු ටිකක් ඉල්ලලා..!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, පෙ.ව‍‍.4.50) ලීඩර් පුවත් පත් ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ අපූරු තොරතුරු ප්‍රමාණයක් යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා  සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන අශීලාචාර රජයේ නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා ඇතැයි ලීඩර් පබ්ලිකේෂන් ආයතනය පවසයි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට, ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට, රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීමට සහ ද නේෂන් සහකාර කර්තෘ කීත් නොයාර්ට පහර දීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගෙන සිටින, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සහ ඇප මත නිදහස් කර සිටින යුද හමුදාවේ අපරාධකරුවන් වෙනුවෙන් යුද හමුදාව විසින් සිදුකර තිබෙන උදව් උපකාර වල විස්තරයක් ඉල්ලා තිබේ.

එම උපකාර නම් සැකකරුවන්ට ගෙවා ඇති මුදල් කොපමණක්ද?, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට ගෙවා ඇති මුදල් කොපමණක්ද,  යුද හමුදාවෙන් නීති උපදෙස් ලබා දී තිබෙන නිලධාරීන්ගේ නම් මොනවාද?, සැකකරුවන් සිරගතව සිටියදී යුද හමුදාවෙන් ලබා දී තිබෙන ආහාර ඇඳුම් පැලඳුම් සහ ඥාතීන්ට ගමනා ගමනය සඳහා ලබා දී ඇති යුද හමුදා වාහන වල, ඉන්ධන වල විස්තර ආදිය තොරතුරු  දැන ගැනීමේ අයිතිය යටතේ ඉල්ලා තිබේ.

එපමණක් නොව සාපරාධී අපරාධ රැසක සැකකරුවන් වන යුද හමුදාවේ සහ විශ්‍රාම ලබා සිටින මේ අපරාධකරුවන්ට රැකවරණය ලබා දීම වස් ඔවුන්ට එරෙහිව රජය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ, ඔවුන්ගේ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ගේ තොරතුරු එකතු කිරීම, එම නීතිවේදීන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ දුරකථන වලට සවන්දීම, ඔවුන්ගේ නිවෙස්  වටා සිදුකරන ලද ඔත්තු බැලීම් කරන ලද අයගේ විස්තරද ලීඩර් ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඉල්ලා තිබේ.

සාපරාධී මිනිස් ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් මෙකී යුද හමුදා සැකකරුවන්ට යුද හමුදාවෙන් කිසිදු උපකාරයක් ලබා දිය නොහැකිය. එය නීති විරෝධීය. නමුත් ඒ සියල්ල වත්මන් යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් විසින් සිදුකළා පමණක් නොව ඇප මත නිදහස් කර නමුත් නඩු අහවර වී නැති සැකකරුවන්ව යලි හමුදා රැකියාවේද පිහිටුවීය.

මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට සම්බන්ධයැයි කියා තොරතුරු ලබා නොදී මග හැරීමට මේ අශීලාචාර නිලධාරීන් දෙදෙනා තැත් කළ හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුය. මන්ද යත් අපරාධකරුවන්ට මහජන මුදලින් නීති විරෝධීව උපකාර කිරීම කිසි සේත්ම ජාතික ආරක්ෂාවට අදාල කාරණයක් නොවන බැවිනි.  

---------------------------
by     (2017-02-27 23:45:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links