~

බෝතලයක් රුපියල් 5000 ක් වටින වාජීකරණ කිරි වර්ගයක් වරායේ මුදලින් දිනපතා බොන අර්ජුන සහ ධම්මික මෛත්‍රී පාලනයට ‘අපමණ අගයක්‘ දෙන හැටි..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.09, පෙ.ව‍‍‍.7.30)  යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රජයේ හොඳම අමත්‍යාංශයක් වූ වරාය අර්ජුන රණතුංගට භාර දෙන අවස්ථාවේ රණතුංගලා ගැන හරි හමන් අවබෝධයක් නොතිබූ රටේ ජනතාව සිතා සිටියේ ආණ්ඩුව ඉතා හොඳ තීන්දුවක් ගත් බවයි. අර්ජුනට වරාය ඇමැතිකම දෙන්නැයි කියා සිටි ප්‍රධාන චරිතයක් වූයේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ය. 

රාජ්‍ය පාලනය ගැන මෙලෝ මල දානයක් දැන නොසිටි අර්ජුන, මුලදී උගත් සභාපති වරයෙකු සහ උප සභාපති වරයෙකු පත් කර ගෙන වරාය අධිකාරිය පාලනය කරන බව ප්‍රදර්ශනය කෙළේය. යහපාලන රජයේ මුල් දින 100 තුල යම් තරමක් දුරට යහපත් පාලනයක් කරගෙන ගියද, අර්ජුන වටා සිටි පසමිතුරන් සහ සහෝදරයින් හැතිකරය එකතු වී දැඩි ස්ත්‍රී ලෝලියෙකු වූ අර්ජුනට ගසා කෑමේ හැකියාවන් පෙන්වා වැරදි මාර්ගයට ඇද ගැනීමත් සමග ඔහු උන්මන්තකයෙකු ලෙස හැසිරීමට පටන් ගත්තේ ය. මේ වන විට ඔහුට වරාය ඇමැතිකම දෙන්නැයි කී චන්ද්‍රිකා මැතිණියට පවා තමා කළ මෝඩ කම ගැන තේරුම් ගොස් ඇත.

අර්ජුන වරායෙන් හොරකම් කිරීම ආරම්භ කළ හැටි

වරාය අධිකාරියේ සේවක රක‍්ෂණය MBSL සමාගමට ලබා දීමේ කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් මිලියන 50 ක පගාවක් තමාට අවශ්‍ය යැයි අර්ජුන මුලින්ම පත් කළ උගත් හිටපු සභාපති වරයාට බලකෙළේය. එතුමා අර්ජුන වැනි හොරෙකු නොවු බැවින් ඊට එරෙහි විය. එතැන් සිට එතුමා වරායෙන් එළවා දැමීමට අර්ජුන සැලසුම් කෙළේය. ඒ හිටපු උගත් සභාපති වරයා ඇතුලු අධ්‍යක‍්ෂ මණ්ඩලය වරාය අධිකාරිය සඳහා සුවිශේෂ වූ සැලසුම් සකස් කර ගෙන සංවර්ධනය සඳහා කටයුතු කරගෙන යෑමට සූදානම් වෙද්දී පැමිණි අගෝස්තු මැතිවරණයේදී අර්ජුන තම කූඨ සැලසුම ක්‍රියාත්මක කළේය. මැතිවරණයෙන් පසුව ඔවුන්ව නැවත පත්කරන බවට පොරොන්දු දී හිටපු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වමේ ලිපි  අර්ජුන විසින් ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු යලි වරාය ඇමැති වූ අර්ජුන පෙර කී උගත් සභාපති ඇතුළු  අධ්‍යක‍්ෂ මණ්ඩලය එලවා දමා තම සොහොයුරු ධම්මික අයියා සභාපති වරයා ලෙස පත් කරගන්නා අතරේම වරාය අධිකාරියේ කොතෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සිටියදි ඔවුන් නොසලකා හැර දැවැන්ත හොරෙක් කළමණාකාර අධ්‍යක්ෂ ලෙස පත් කර ගත්තේය.

ඔහු නම් වසර 20 කට පෙර වරායේ අති විශාල දෙඹකර මගඩියක් මගින් රුපියල් මිලියන 350 ක් අලාභ කළ එකෙකි.  Level Luffing වර්ගයේ දොඹකර දෙකක් අවශ්‍යතාවක් නොමැතිව මිලදී ගෙන ( අද වන විටත් එම දොඹකර දෙක කිසිදු වැඩක් නොගෙන වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් නිකම්ම තිබේ) ඒ සම්බන්ධයෙන්  වග කීමට සිදුවන නිසා පැන ගිය සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර නම් නීලකාස හොරාය. අර්ජුන මේ හොරා  වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක‍්ෂ ලෙස පත් කෙළේ වරාය ඉතිහාසයේ කිසිදු දිනක කිසිදු නිළධාරියෙකුට නොගෙවූ වැටුපක් වූ මාසයකට රුපියක් ලක‍්ෂ තුන හමාරක වැටුපක්  ලබා දෙමිනි. 

වරායේ සභාපති නූගත් අයියාටම ගැලපෙන හොරෙකු කළමනාකාර අධ්‍යක‍්ෂ ධූරයට පත්කරගත් අර්ජුන වැඩ පටන් ගත්තේ එවකට නැගෙනහිර පර්යන්තයට රැගෙන ඒමට සියලු කටයුතු නිමා කර තිබූ නවීන දොඹකර වල ටෙන්ඩරය අවලංගු කිරිමෙනි. ඊට හේතු වූයේ ඒ ගණුදෙනු ගිය ආණ්ඩු විසින් අහවර කර තිබූ නිසා අර්ජුනලාට කිසිදු ගැහිල්ලක් නැති වීම ය. 

ජනාධිපති මෛත්‍රීට වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇතැයි කීවද අත්දැකීම් නැති අයියෙක් සහ නූගත් මලයෙක් රටේ මර්මස්ථානයක් වූ වරායට දමා ගැනීමෙන් සිදුවිය හැකි හානිය ගැන සිතාගත නොහැකි වීම ජාතියේ අවාසනාවකි. 

එක් බහලුවකින් ඩොලර් 3.50 ක කොමිස්

අර්ජුන අයියා සහ කළමනාකාර අධ්‍යක‍්ෂ නීලකාසයා එකතු කරගෙන පළමුවෙන්ම කෙළේ ජය බහලු පර්යන්තයට පැමිණෙන නෞකා වල එක් බහලුවකින් ඩොලර් 3.50 ක් කොමිස් කෑම ය. 

ඉන්පසු අර්ජුනගේ අ.පො.ස. සා/පෙළ වත් හරියට සමත් නැති නූගත් අයියා ධම්මික රණතුංග වරායේ යකඩ කෑල්ලේ සිට වඩුමඩුවේ ලෑලි කෑල්ල දක්වා හොරට විකුණාගෙන කෑම ආරම්භ කෙළේය. 

මේවාට අමතරව පසුගිය කාලයේ රණතුංග අයියා මලෝ වරායේ රැකියා රුපියල් ලක‍්ෂ ගණනට විකුණා සේවකයින් පුරප්පාඩු නොමැති තනතුරු වලට පවා බුරුතු පිටින් නව සේවකයින් පුරවා වරායේ මුදල් විනාශ කරමින් අධිකාරිය අගාධයට ඇද දමා තිබේ.

කාමිනියන් 35 ක්

පසුගිය දිනවල අර්ජුන ඇමතිවරයා ඇමතිකමින් ඉවත් කරන බවට පැතිරුනු ආරංචි නිසා ඔහු විසින් අමාත්‍යාංශයට බඳවා ගෙන සුදිය විඳිමින් සිටි කාමිනියන් 35 කට වැඩි ප්‍රමාණයක් වරාය අධිකාරියට වහ වහා අනුයුක්ත කරන ලෙස සභාපති අයියා නිලධාරීන්ට බැන වැදී බල කරන ලදී.
   
මේ වන විට ජය බහලු පර්යන්තය 2015 ජනවාරි මාසයට සාපේක‍්ෂව  බහලු 500,000 ක් අඩුවෙන් මෙහෙයවීම නිසා  වරායට අති විශාල මුල්‍යමය පාඩුවක් සිදුව ඇත. එනම් වරායට අයත් එකම පර්යන්තය වූ ජය බහලුවද මේ මෝඩ ගොං බිජ්ජන් දෙදෙනා විසින් අගාධයට ඇද දමා තිබේ. අදවන විට වරාය අධිකාරිය නඩත්තු වන්නේ පෞද්ගලික පර්යන්තයන් වලින් ලැබෙන රාජ්‍යභාගයෙනි. සත්තකින්ම එය වරාය අධිකාරියට අයත් ආදායමක් නොවන අතර එය රජයේ ආදායමකි. එනම් වරාය පිටතින් තිබෙන දිය කඩනය ඉදිකරන ලද්දේ රජයේ මුදල් වලිනි. එම නිසා පෞද්ගලික පර්යන්ත වලින් ලැබෙන ආදායම  රජයට දිය යුතුය. වරාය අධිකාරියට අයත් නැති ආදායමකින් නඩත්තු වන වරාය අධිකාරිය අර්ජුනගේ සහ ධම්මික රනතුංගගේ පාලනය තුල අද වන විට නැත්තට නැති කර හමාරය. 

බෝතලයක් රු.5000 ක් වූ වාජීකරණ කිරි

මෙම අයිය මලෝ දෙදෙනාම අංක එකේ සල්ලාලයන් වෙති. ජනතා මුදලින් වෙසඟනන් නඩත්තු කරමින් වරායේ නිවාස අයුතු ලෙස යොදාගනිමින් සුදිය දැමීම හැර අන් දෙයක් නොදනිති. එක් උදාහරණයක් පමණක් හෙළි කරන්නෙමු. මොවුන් වරායේ මුදලින් බෝතලයක් රුපියල් 5000 ක් පමන වටිනා තිරිහන් වීමට බොන කිසියම් වාජීකරණ කිරි වර්ගයක් ගලධාරි හෝටලයෙන් දිනපතා මිලට ගනී. කිරි ටික ගලධාරියෙන් මිලට ගෙන නිල නිවාස වලට රැගෙන යෑමට පමණක් වරායෙන් පඩි ගෙවා වෙනම සේවයෙකු පත්කර තිබේ.

වරාය අධිකාරියෙන් වරායට පිවිසීමට ලොරි රථ වලට අවශ්‍ය බලපත්‍රය ලබාදීමේ කාරිය ද අර්ජුනගේ නියමය මත අමාත්‍යාංශයට පවරාගෙන ඇති අතර එක් ලොරි බලපත්‍රයක් වෙනුවෙන් අර්ජුන රණතුංගට පගාව ලෙස රුපියල් ලක‍්ෂ 2 ක් ගෙවිය යුතුය. අමාරුවෙන් ලොරි රථයක් මිලදී ගත් අහිංසක පුද්ගලයෙකු පසුගියදා වරාය භූමියෙන් පිටව ගියේ “මේවා ජාති ජාතිත් අපා ගත වන තිරිසන් වැඩ“ යයි අර්ජුනට දෙස් දෙවොල් තබමිනි.

හම්බන්තොට සහ නැගෙනහිර පර්යන්ත විකුණන්න ගිහින් මිදි තිත්ත වුනා

හම්බන්තොට වරාය සහ දකුණු කොළඹ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා සැලසුම් සකස් කරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු දෙවැනි වරටත් වරාය ඇමැති වූ අර්ජුන ඇමැති විසින් මිස අන් කිසිවෙක් නොවේ. ප්‍රථමයෙන් ඔහු හොර සැලසුම් සකස් කරන ලද්දේ නැගෙනහිර පර්යන්තය විකිණීමට ය. අනතුරුව හම්බන්තොට වරාය ද තමාගේ අභිමතය පරිදි කොම්පැනි 06 කට විකිණීමට පිඹුරුපත් සකස් කරමින් සිටියේ ය.

වාසනාවකටමෙන් මේ පිළිබඳ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් නිසා රජයේ අනෙකුත් ඇමතිවරුන්ට ද මෙය දැන ගැනීමට හැකි විය. මෙම ගණුදෙනු හරහා රටට වන විනාශය පිළිබඳව දැන ගත් අගමැතිවරයා මේ ගැන අධ්‍යනය කිරීමට අවශ්‍ය වන වටපිටාව සකස් කරනු වස් ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අධීක‍්ෂනය යටතේ විනිවිදභාවයෙන් යුතුව කරන ලෙස අර්ජුනට උපදෙස් ලබා දුන්නේය. ඉන් පසුව ඩොලර් මිලියන ගණනක කොමිස් මුදලකට හම්බන්තොට වරාය සහ නැගෙනහිර පර්යන්තය විකිණීමට අයිය මලෝ කළ සැලසුම් කඩා වැටීම නිසා කුපිත වූ අර්ජුන සහ ධමිමික ප්‍රසිද්ධියේ පෞද්ගලිකරණයට විරුද්ධවන ලෙස වරායේ සේවකයා 2017 ජනවාරි පළමුවෙනිදා කුපිත කරන ලද්දේ රජයේ වග කිව යුතු කැබිනට් ඇමති වරයෙකුට නොවටිනා අන්දමට ය. එදා වත්මන් අගමැතිවරයා මැදිහත් නොවන්නට මේ වන විටත් අති විශාල කොමිස් මුදලකට අර්ජුනලා වරාය විකුණා ගෙන කා හමාරය. මේ ඩීල් එක දමා ගැනීමට නොහැකිව වියරු වැටී සිටින අර්ජුන සහ ධම්මික, සංවේදී තොරතුරු රාජපක්ෂලාට ලබා දුන්හ. තමන් රහසිගත තොරතුරු ඒකාබද්ධ විපක්ෂයට දී රජයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලෙස ගම්මන්පිලට දැන්වූයේ යයි  ධම්මික රණතුංග වරායේ උසස් නිළධාරීන්ට සහ සේවකයන්ට ප්‍රසිද්ධියේම කීවේය.  ඒකාබද්ධ විපක්ෂයේ කැපී පෙණෙන හොරෙක් වන ප්‍රසන්න රණතුංග මොවුන්ගේ සොයුරෙකු වීම නිසා අමුතුවෙන් ගම්මන්පිලට තොරතුරු ලබා දීමක් අවශ්‍ය ද නැත.

රජය මගින් වරාය විකිණීමට තමා විරුද්ධ යැයි තප්පුලන අර්ජුන රණතුංග පුවත් පත් වලට විකෘති ප්‍රකාශ නිකුත් කරමින් කිසිම ලෙසකින් වරාය විකිණීමකට තමා ඉඩ නොතබන බව දැන් ප්‍රකාශ කරනුයේ මිදි තිත්තයි න්‍යාය අනුගමනය කරමිනි.

මෛත්‍රී පාලනයකට අපමණ අගයක්..!

වරායේ සිදු කරන ලද තම හොරකම් වසා ගැනීම සඳහා අර්ජුන රණතුංග ඇමතිවරයා උපක්‍රමයක් ලෙස පාවිචිචි කරනුයේ ලද්දුවහෙට්ටි වාර්තාවයි. වරායේ අතීත හොරකම් සම්බන්ධයෙන් වූ එම ලද්දුවහෙට්ටි වාර්තාවේ චෝදනා ලත් නිළධාරීන් බිය ගන්වා මොහු ඔවුන් ලවා තම හොරකම් කරවා ගනිමින් තුච්ඡ පාලනයක් ගෙන යයි 

මෙවන් දෙපිට කාට්ටු හොර තක්කඩි ඇමතියෙකු සහ නූගත් සභාපතියෙකු රජයේ මර්මස්ථානයක් අරක් ගෙන සිටීම යහපාලන රටක ‘මෛත්‍රී පාලනයකට අපමණ අගයක්‘ ගෙන දෙන්නේ කෙසේදැයි සිතා බැලීම ජනාධිපතිවරයාගේ වගකීමකි. ජනාධිපතිවරයා බැඳුම්කරයක් අල්ලාගෙන දුවද්දී ජනාධිපතිවරයාගේ ගෝල බාල අයියෙක් සහ මල්ලියෙක් බැඳුම්කර සීයක මුදල් වරායෙන් ගසා කන හැටි බලා සිටින අපිට දැනෙන්නේ ඕක්කාරයකි. මෙවන් හොරුන් ඉවත් නොකිරීම නිසා නැගෙන්නේ ‘තුඃ නොදකින්‘ කෝපයකි..!

වරාය සුරැකීමේ බලකාය 

---------------------------
by     (2017-03-09 02:20:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links