~

ජනතාව ගෙදර යැවූ, ජනමතයක් නැති පිරිසක් රටේ අනාගතය තීන්දු කරනා ලෝකයේ තිබෙන එකම රට ලංකාවද? ජනපති, අගමැති, ජනමතයට හිස නමනු..! -සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව.3.25) අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් තොරව දෙගොල්ලන්ම එකතුවී මීළඟ මැතිවරණයක් එනතුරු මැතිවරණ ගැන කතා කිරීම පවා නවතා රට පාලනය කරන ලෙසයි. ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද එයමය. උන්වහන්සේගේ දස වැදෑරුම් ක්‍රියාවලිය තුල ප්‍රධානම මාතෘකාව උනේ මේ විධායක ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිසම් ක්‍රියාවට නංවා රජයේ සියලු තනතුරුවලට ඊට සුදුසු පුද්ගලයන් පමණක් පත් කිරීමයි.  නව ව්‍යවස්ථාවක් ගෙන  ඒම උන්වහන්සේගේ මීළඟ බලාපොරොත්තුව වුවද මෙය ඉහත කී කරුණු තුන ඉටු කිරීමෙන් පසුව කරනු දැකීම උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව විය. මන්ද උන්වහන්සේ හොඳටම දැනගන හිටිය මේ දෙක පටලවා ගතහොත් මේ කිසිම දෙයක් කිරීමට නොහැකි බව. උන්වහන්සේ රටේ නායකයන් හමුවෙමින් පොදු අපේක්ෂකයකු සෙවීමේ කාර්යයේදීත්  හමුවන හැම නායකයෙක් ගෙන්ම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදු කලයුතු බවයි. අද මේ සිදුවෙමින් පවතින දේවල් දෙස බලන විට උන්වහන්ස්ගේ ඉසිවර නුවනින් දුටු සියල්ල සත්‍ය බවත්, අද සිටින කිසිම නායකයෙකුට මෙවන් දැක්මක් හෝ මේ සඳහා අවංකවම කරනු ලබන උත්සාහයක් දකින්නට නැත. අපි යම් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා යයි සිතමු. එහිදී අපිට නිශ්චිත කාලසීමාවක් තුල ලඟා  කරගත හැකි ඉලක්ක පමණක් ඉලක්ක කරගන එම දී ඇති කාලසීමාව තුල එය සාර්ථක ලෙස නිම කිරීමට නම් අපට අතර මගදී හමුවන තවත් ඉලක්ක සහ අරමුණු ද ඊට එකතු කරගතහොත් අපට එම කාලය තුල අප අර ඉහත කී ඉලක්ක වෙත ලඟා විය හැකිද? මේ සත්‍යය තේරුම් ගත්  සෝභිත හිමි තම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී මේ සියලු කරුණු සලකා බලා ඉතා බුද්ධිමත් ලෙස එය කළමනාකරණය කොට රටේ නායකයන් දැනුවත් කොට එම කටයුත්ත කිරීමට සුදුසු පුද්ගලයන් පත්කොට ඉල්ලා සිටියේ පලමුවෙන්ම මේ මුලික කරුණු තුන ඉටු කොට ඊළඟ සතරවන කරුණ වෙනම ගෙන මුළු බරම ඊට යොදවා ඊළඟ අවස්ථාවේ අනෙකුත් සියලු දේත් ඇතුලත්වන ( ඉතිරි යෝජනා 07) නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කොට එය ජයග්‍රහණය කරවීමට නිසි වැඩපිළිවෙලක් , රටම දැනුවත් කිරීමක් සමග වෙනම යායුතු බවයි. උන්වහසේ එදා කී පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ වා නම් අද අපට සියලුදෙනාම එකතුකරගන මේ නව ව්‍යවස්ථාව යථාර්තයක් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් උදා කරගත හැකිව තිබුණි. නමුත් දැන් සියල්ල එකම බාස්කට්ටුවක් තුල දමාගන හත් පොලේ ගා ගැනීමක්  සිදුවී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මේ රටේ අපි බුද්ධිමත් යයි කියා සිතා පත්කරනු ලබන නායකයන්ගේ සැබෑ ස්වරූපය හෙවත් දේශපාලනය යනු බලය සඳහාම පමණකි යන්න යථාර්තයක් බවට පත්ව ඇති බව නොවේද?
 
මෙහි වඩාත්ම හාස්‍ය ජනක කරුණ වන්නේ එදා 2015 ජනවාරි 08 දින මේ රටේ සමස්ත ජනතාවගේ එකම ඉල්ලීම වූ විධායක ක්‍රමය අහෝසි කොට මනාප ක්‍රමයද අහෝසි කොට යුක්තිය, සාධාරණත්වය ඉටුවන රටක් සඳහා අවශ්‍ය කරන මුලික පසුබිම වසරක් වැනි කෙටි කලක් තුල ඇති කොට දෙපිරිසම එකට වාඩිවී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් කොට රටම එකතුවී හදන නව ව්‍යවස්ථාවකට මුල පුරන ලෙසයි. නමුත් රටේම අවාසනාවකට මේ කිසිවකට ඇහුම්කන් නොදී කරන ලද ඔල මොට්ටල කම් නිසා අද සිදුවෙමින් පවතින්නේ එදා  රටේම ජනතාව ප්‍රතික්ෂේප කරපු,  ජනතාව ගෙදර යවපු පිරිසෙන් කොටසක් රජය සමග එකතුවීත් තවත් පිරිසක් වෙනම කල්ලියක් ලෙස සැදීත්  ජනතාව නොමග යවමින් ඔවුන් නැවත ඉතාම ඛේදනීය ලෙස රටම අන්තවාදී , ජාතිවාදී තැනකට තල්ලු  කිරීමේ මහා පාප කර්මයට දායක වීමයි. එදා රටේම ජනතාව දුන් ජනමතය යනු ඉහත කී කරනු කිසිදු කොන්දේසියකින් තොරව හැකි ඉක්මනින් ඉටු කිරීමයි. එහෙත් ජනාධිපති වරණයේදී ජනතාව දුන් වරම අනුව පත් වූ ජනාධිපති එම ජනතා අභිලාශය ඉටු කිරීමට අතවශ්‍ය වූ මේ ජනවාරි 08 ජනමතය පාර්ලිමේන්තුව තුලද නියෝජනය කරවීමට තිබු ස්වර්ණමය අවස්ථාව පැහැර හැරීම නිසා අද ජනමතයේ විකෘතියක් බලවත් වී ඇත. මෙයට හොඳම නිදසුන රජයේ පාර්ශවය නියෝජනය කරමින් මාධ්‍යය වෙත අදහස් දක්වන මේ විකෘති බලකාමී පිරිසයි. රටේ තීන්දු ගතයුත්තේ රටේ එම මොහොතේ රටේ මිනිසුන්ගේ ජනමතය අනුව පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතා නියෝජිතයන් මිස ජනතාව ප්‍රතික්ෂේප කොට ගෙදර යැවූ පිරිසක් නොවේ. ලෝකයේ මෙලෙස ජනතාව ගෙදරයවපු ජනමතයක් නියෝජනය නොවන පිරිසක් රටේ අනාගතය තීරණය කරනු ලබන තීරනාත්මක අවස්ථාවක එම මතයට මුලුමනින් පිටුපා විපක්ෂයේ මතය නියෝජනය කරමින් තීන්දු තීරණ ගන්න ලෝකයේ තිබෙන එකම රට ලංකාව විය යුතුයි. මේ කිසිවකුට මෙලෙස රටේ ජනතාවගේ මතයට විරුද්ධ වීමට  කිසිම අයිතියක් නැත. එලෙස ඔවුන්ට ජනමතයට විරුද්ධ මතයක් රජය තුල ස්‌ථාපිත කිරීමට ඉඩ දී නිහඩ පිළිවෙතක සිටීමට එම මතය අනුව පත්කළ නායකයන්ටද කිසිම අයිතියක් නැත. වීරුද්ධ පක්ෂය එම මතය නියෝජනය කිරීම සහ ජනතාව උසි ගැන්වීම ගැන අප පුදුම නොවෙමු. එහෙත් ජනමතයක් නැති පිරිසක් රටක තීන්දු තීරණ ගැනීම සහ ජනමතයට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව කටයුතු කිරීමට හැකි නීත්‍යානුකුල ක්‍රමවේදයක් තිබුණි නම් ඔවුන්ට එරෙහිව නඩු දැමීමට පවා හැක. මොකද මෙය රටේ මිනිසුන්ගේ මානව හිමිකම්  වලට එරෙහිව යාමකි. අපි රටේ නායකයන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ එදා 2015 ජනවාරි 08 ජනමතයට පිටුපා කටයතු කිරීම වහාම නවතා එම පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් කැප වෙන ලෙසයි.
 
අවසන් වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැන් අකර්මන්‍ය වී ඇති බවට අදහස් දක්වන සහ එයට ජනතා බලයක් තව දුරටත් නැති බව සිතා කටයතු කරන නායකයන් වෙත ඉතාම කරුණාවෙන් දන්වා  සිටින්නේ අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත් බවයි. උන්වහන්සේ දිවි පුදා රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටි, උන්වහන්සේ අපේක්ෂා කළ,  උන්වහසේ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පරිදි රටේ නායක දෙපළ කටයුතු නොකළහොත් උන්වහසේ මීළඟ සංග්‍රාමය ආරම්භ කරන දිනය වැඩි ඈතක නොවන බවයි. එය කරන්නේ කෙසේද? කියා ඔබ සිතන්නේ නම් එදා මේ රටේ සියලු විපක්ෂ නායකයන් ප්‍රකාශ කලේ  පවතින විධායක ක්‍රමය යටතේ වසර විස්සක්  විපක්ෂයේ සිටියදීත්  මේ ක්‍රමය පවතින තාක කල් පසුගිය පාලනය පෙරලා දැමීම මිත්‍යාවක් බවයි. එහෙත් එවන් අසාධ්‍ය රෝගීන් පිරිසක් බවට පත්ව සිටි විපක්ෂයට පණ දුන් සෝභිත හිමි එය කල හැකි බව ඔප්පු කොට පෙන්වීය. එදත් උන්වහන්සේ සමීපයේම සිටි ඉතා කුඩා එහෙත් දැනුමින්, ක්‍රියාවෙන්, බුද්ධියෙන් මෙන්ම අවංකව කැපවීමෙන් කිසිදු වරප්‍රසාදයක් තනතුරක් නොතකා තම ශ්‍රමය, ධනය, කාලය සියල්ල කැප කල පිරිස අද තවමත් සිටින්නේ උන්වහන්සේ සමගයි. එදත් ඇතැම් දිනවල අප හමුවන විට රැස්වීමකදී පවා  විශාල පිරිසක් නොසිටියද ඔවුන් ගේ අදහස සහ ඔවුන් සමාජ ගතකල මතය මහා බලවේගයක් බවට පත්ව රටම අවදි කොට එදා එම වෙනස කල පරිදීම අවශ්‍ය නම් අදත් කල හැක. එහෙත් අපි තවදුරටත් ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ පිළිබඳව දක්වන උනන්දුව සහ කැපවීම මෙන්ම දරන යම් යම් උත්සාහයන් නිසාම තව දුරටත් ඔවුන්ට අවස්ථාව ලබා දී ඉල්ලා සිටින්නේ ජනමතයක් නැති පිරිසකගේ බලයට යට නොවී ජනතාව සමග සිටගෙන කෙලින් තීන්දු තීරණ ගෙන ඔවුන් පැතූ සාධාරණ සමාජය බිහිකිරීමට දායක වෙන ලෙසයි.

මීට 
ප්‍රධාන ලේකම් 


සිසිර ජයමහ

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 
176, නාවල පාර, නුගේගොඩ 
දුර: 0719684325 / 0112890922

---------------------------
by     (2017-03-15 01:25:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත්... බව ඒකාන්තයි - සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්...
-- by Sathpurasiya on 2017-03-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links