~

ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!

ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව‍‍.10.10) පයිප්ප බට විකුණමින් සිටින රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට යුද්ද නැවක් විකුණා ඩොලර් මිලියන ගණනක ගැහිල්ලක් ගැහීමට තටමන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

නාවුක හමුදාවට යුද නැවක් මිලදී ගැනීමට යන අතර මෙහි තැරැව්කරුවා වී ඇත්තේ කිලී මහාරාජාගේ කැපිටල් මහාරාජා සමාගමයි. කැපිටල් මහාරාජා සමාගම මේ දක්වා කෙදිනකවත් ශ්‍රී ලංකාවට යුද අවි සපයා නැත. නැව මිලදී ගැනීමට යන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයෙන් වන නමුත් මේ සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටි කිසිවක් ක්‍රියාත්මක කර නැත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිෂන් පවා දමාගෙන සොයන ජනාධිපතිවරයා යුද නැවක් මිලදී ගැනීමේදී තම අමාත්‍යාංශයට නීතිගරුකව පාරාදෘශ්‍ය ලෙස හැසිරෙන්න යැයි උපදෙස් නොදීම කුතුහලය දනවන කාරණයකි. කෙසේ වෙතත් මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඹ යාලුවා වී සිටින කිලී මහාරාජා මෙකී යුද නැව මිලදී ගැනීමට රුසියාවේ නිපදවන ලද නැවක් යෝජනා කර තිබේ. එහි වටිනාකම ඩොලර් මිලියන 300 ක් හෙවත් රුපියල් කෝටි 4556 ක් පමණ වේ. 

මෙහි ඇති අපූරුව නම් මේ තරම් අධික වියදමක් දරා යුද්දය පවතිද්දී පවා ශ්‍රී ලංකාව යුද නැවක් මිලදී ගෙන නොමැති වීමත්, මේ තරම් වියදමක් දැරුවද මෙම නැව මිලදී ගන්නේ තුවක්කු සවි නොකර වීමත් ය. මිලදී ගැනීමෙන් පසු අප විසින් තවත් වියදමක් දරා තුවක්කු සවි කර ගත යුතුය. එනම් අපූරුම යුද නැවකි. තුවක්කු නැති යුද නැවකි. නාවික හමුදා ප්‍රවීනයන් පවසන්නේ මෙය සහ සුද්දෙන්ම කිලී මහාරාජාට ගාණක් කපා ගැනීම සඳහා කරනු ලබන ව්‍යාපෘතියක් බවයි. 

මහාරාජා මේ සඳහා තම සට්ටැඹියන් කිහිප දෙනෙකුම යොදවා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ කිලීගේ ගජයා නිමල් කුක් ය. දෙවැන්නා ෂෙවාන් ඩැනියල් ය. තෙවැන්නා වන්නේ කලක් නිමල් කුක් ගේ සහචරියක් ලෙස කටයුතු කළ අනුෂි ජයවර්ධනය. ඇය මේ වන විට නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනගේ කිට්ටුම මිතුරිය වී ඇතිවා පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ රුවන් ගේ සහකාරිය ලෙස රාජකාරියද කරන්නියකි. ඇය ලවා රුවන් විජේවර්ධනද මෙම ඩීල් එකේ සහායකයෙකු කර ගැනීමට මහාරාජා දක්ෂ වී තිබේ. මේ කණ්ඩායම ආරක්ෂක අමාත්‍යාංශය පුරාම සහ නාවික හමුදාව පුරාම ප්‍රචාරය කරන්නේ ටෙන්ඩර් ක්‍රමවේද කිසිවක් නැති මේ තක්කඩි ඩීල් එක සඳහා ජනාධිපතිවරයාගේ නොමඳ සහාය තිබෙන බවකි. 

ගෝඨාභයගේ මිග් ඩීල් එකට දෙවැනි නොවන මෙම යුද නැව් ඩීල් එකෙන් කවුරුන් හෝ සියයට එකක කොමිස් මුදලක් කෑවද එය රුපියල් කෝටි 45 ක් තරම් විශාල මුදලකි. 

---------------------------
by     (2017-03-19 02:29:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

වැසි+කිලී මහාරාජගෙ සක්+කිලී වැඩ!
-- by kamal perera on 2017-03-15

රුවන් විජේවර්ධන කියන්නෙ මහ කොන්ද පණ නැති පකිස් බූරුවෙක්...
-- by සරත් on 2017-03-15

ජනාධිපති ලබන සතියේ රුසියාවේ යන්නේ මොකද?
-- by Nalaka on 2017-03-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links