~

‘විශේෂ අධිකරණයකට විදේශ විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ නෑ‘: ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක් දෙනවාට ටීඑන්ඒ විරුද්ධ වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.18, ප.ව.9.00) ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට  ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර  කාලයක්  ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කොට සිටිති.

මාර්තු මස 23 වෙනිදා ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීම පිණිස මාර්තු 18 දා දිවයිනෙන් බැහැරව ගිය දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊට පෙර යාපනයේදී මාධ්‍යවේදීන්ට දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කොට තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටින්නේ 2015 ඔක්තෝබර් මස පලමු වෙනිදා ශ්‍රී ලංකා රජයේද එකඟත්වය මත මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඉටු කිරීමට ලබාදුන් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් නොතිබූ බවයි.

එම යෝජනාවලට අනුව යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරුවරු පත් කිරීම ඇතුළු යෝජනා රැසක්ම ඇති නමුත් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් සෙසු අමාත්‍යවරුනුත් ජනතාව ඉදිරියේ අදහස් දක්වමින් ඉහත කී කාරණා ඉටු නොකරණ බව ප්‍රසිද්ධියේම පැවසීම අසාධාරණ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියි.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නොමැති බව පවසන මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක් බවද පෙන්වා දුන්නේය.

මේ නිසා යුද අධිකරණයක් පිහිටුවීමත් ඊට විදෙස් විනිසුරුවරුන් පත් කිරීමත් අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා රජයට එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ජිනීවා සැසි වාරයේදී තවත් අමතර කාලයක් ලබාදීමට සූදානම් වන්නේනම් ඊට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරණ බව කී මන්ත්‍රීවරයා මෙම කරුණු සම්බන්ධයෙන් වූ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සැසිවාරයට පැහැදිලි කරණ බවද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වශයෙන් ඔවුන් පසුගිය 11 වෙනි සෙනසුරාදා වවුනියාවේදී සම්මත කරගත් යෝජනාවල කිසිදු වෙනසක් නොමැති බව පෑවසූ මන්ත්‍රීවරයා ඒ අතර 2015 ඔක්තෝබර් මස පලවෙනිදා ශ්‍රී ලංකා රජයේද එකඟතාවය මත ජිනීවා සමළුවේදී ගත් සියළුම යෝජනාවන් එකම ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ ආකරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියි.

එම යෝජනාවන් ක්‍රියාත්මක වීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය තීරණය කළ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම කරුණු නිසි ලෙස ඉටු නොකරන්නේනම් යුදසමයේදී විවිධ අංශ යටතේපීඩාවට පත් ජනතාවට ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රතිලාභ අත් කරදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මැදිහත්විය යුතු බව  දෙමළ ජතික සන්ධානයේ ස්ථාවරය බව සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-03-18 15:37:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links