~

ලසන්ත ඝාතනයට ගෝඨා ගස් යන ලකුණු අධිකරණය ඉදිරියට: මැරූ උපකරණය: ඝාතකයන් භාවිතා කළ දුරකථන විකිණූ සමාගම හෙළිවේ: සම්පූර්ණ බී වාර්තාව මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.21, පෙ.ව‍‍.8.45) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ ගස් යන පෙරමග ලකුණු පෙන්වන සාක්කියක් ඊයේ(20) අධිකරණයට ඉදිරිපත් විය. 

ඒ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස අධිකරණය වෙත ඊයේ(20) ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවක් අනුව ය.

වනචර දශකයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරමින් මාධ්‍යවේදීන්ට පහර දුන් කාලයේ ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව කටයුතු කළ ජාතික බුද්ධි ප්‍රධානී කපිල ගාමිණී හෙන්දාවිතාරණ යටතේ වෙනම කල්ලියක් සිටි බවත් ඒ ගැන කොළඹ මෙහෙයුම් බාරව සිටි හමුදා නිලධාරීයා පවා නොදැන සිටි බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ඇතුළු සාක්කි දෙකකින් හෙළිවිය. 

ලසන්තගේ දෙවන මරණ පරීක්ෂනයෙන් හෙළි වූ ඝාතනය කළ උපකරණය ගැන තොරතුරු ද, ඝාතකයන් භාවිතා කළ දුරකථන මිලදී ගත්තේ කුමන සමාගමකින්ද පිළිබඳ තොරතුරුද ඊයේ අධිකරණය ඉදිරියේ හෙළිවිය. එම සමාගම වූ සොෆ්ට්ලොජික් සමාගම පසුගිය වනචර දශකයේදී ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා සමීපව කටයුතු කළ සමාගමක් වන අතර ඉතා ඉක්මනින් ධනවත් වූ සමාගමකි 

මේ සම්බන්ධයෙන් සීඅයිඩිය විසින් අධිකරණයට වැඩි දුර කරුණා වාර්තා කළ එම ‘බී වාර්තාව‘ මහජනතාවගේ දැන ගැනීම සඳහා සම්පූර්ණයෙන් පහත පළ කරමු.

නඩු අංකය - B 92/09
ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්වරයා වෙත

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව කරුණු වාර්තා කළ 2015 - මාර්තු - 17 දිනැති බී වාර්තාව හා සමගාමීව ඉදිරිපත් කරන ලද සියළුම වැඩිදුර වාර්තා සහ අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද 2017-ජනවාරි- 16 වාර්තාව හා සබැඳේ

02) මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරමින් පහත නම් සඳහන් අයවලුන්ගේ ප්‍රකාශයන් සටහන් කර ඇති අතර එමගින් පහත කරුණු අනාවරණය විය.

(1) ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (හිටපු හමුදාපති) -අංක 461/08, පුබුදු පෙදෙස, වැලිපාර, තලවතුගොඩ.

මොහු අපරාධය සිදුවූ කාලයේ දී කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සොයා නොබැලූ අතර කොළඹ ආරක්ෂක කටයුතු හා යුද්ධ හමුදා හා බුද්ධි අංශයන් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී කපිල ගාමිණී හෙන්දාවිතාරණ යන අයවලුන් විසින් සිදුකර ඇති බවත්, මාධ්‍යවේදීන්ට පහර දීම් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු කීපයකට අනුව ජාතික බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ යටතේ යම් කල්ලියක් සිටි බවත්, මොහු හමුදාපතිව සිටියදී ට්‍රිපොලි යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයක් ස්ථාපිත කර තිබූ බවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.

(2) අජිත් මනෝහර පෙරේරා (විශ්‍රාමික මේජර් ජෙනරාල්) - අංක 66, ශ්‍රී ධම්මදිස්සි මාවත, අස්ගිරිය, මහනුවර

මෙම අපරාධය සිදුවූ කාලයේ මොහු කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇති බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවත්, එසේ කරුණු සොයා බලන ලෙසට උසස් මූලස්ථානයකින් නිසි නියෝගයක් නොලැබුණු බවත් ප්‍රකාශ කර ඇත.

03) පසුගිය නඩු දිනයේ දී එනම් 2017-01-16 වැනි දින මෙම ගරු අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව නඩු භාණ්ඩ ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිලිබඳ පරීක්ෂක වෙත 2017-02-13 වන දින යොමු අංක එච්. 744/2016 යටතේ බාර දුන් අතර ඊට අදාල සංදේශය මේ සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරමි.

04) මෙම විමර්ශනයට අදාලව අධිකරණ නියෝග අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගොඩ ගන්නා ලද මරණකරු වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගෙන් ලැබී ඇත. එමගින් මෙම මරණය අධික ශක්තිය යෙදූ උපකරණයකින් පහරදීමකින් සිදු වී ඇති බවත් එවැනි ප්‍රහාර 03 කට වඩා වැඩි ගණනක් ඇති බවත් ත්‍රි පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බව සඳහන් කර ඇති බවද ගරු අධිකරණයට වාර්තා කරමි.

05) ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂක වෙත යොමු කරන ලද හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත යොමු කරන ලද නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා දී නොමැති බවද වාර්තා කරමි.

06) මෙම අපරාධය සිදුකිරීමට අපරාධකරුවන් සිම් කාඩ් පත් යොදාගෙන ඇති දුරකථන 05 න් 04 ක් කොළඹ 05 ද ෆොන්සේකා පාරේ පවත්වාගෙන යනු ලබන සොෆ්ට්ලොජික් කොමියුනිකේෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය මගින් මෙරටට ආනයනය  කර එම ආයතනයේ නියෝජිත ආයතන 03 ක් මාර්ගයෙන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. එම ජංගම දුරකථන 04 මිලට ගෙන ඇත්තේ කවුරුන් විසින්ද? යන්න පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවද වාර්තා කරමි.

07) මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු අනුව හා දුරකථන විස්තර අනුව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යන අතර විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අත්සන් කෙළෝ

විමර්ශන නිලධාරී සහ ස්ථානාධිපති
විශේෂ විමර්ශන අංශය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

ඉහත බී වාර්තාවෙන්පසුව නඩුව ජුනි මස 19 වෙනිදා දක්වා කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කෙළේය. 

---------------------------
by     (2017-03-21 03:49:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Thajudeen?
-- by Janaa on 2017-03-21

තමන් එක්ක එකට කාපු බීපු මිනිහට නේද රාජපක්ෂ පර බල්ලො මේ අපරාදෙ කලේ!
-- by Jayantha on 2017-03-21

Don't publish former army personal's address details.
-- by Pradeep on 2017-03-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links