(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.24, ප.ව.11.30) මලිත් ජයතිලක නමැති නිකමා මන්ත්‍රීවරයා සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද බලපෑම් පිළිබඳ ලංකා ඊ නිව්ස් පළමු වරට කළ හෙළිදරව්ව තව දුරටත් ඉදිරියට ගෙන යමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මන්ත්‍රීවරයා අපූරු කතාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෙළේය.
අපරාධකරුවන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන බවට පොරොන්දු දෙමින් බලයට ආ යහපාලන ආණ්ඩුව අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පන්නා ගැනීමෙන්ද, එෆ්සීඅයිඩියේ අධ්‍යක්ෂ වරයා මොණරාගලට මාරු කර යැවීමෙන්ද, එම ආයතන අකර්මණ්‍ය කරමින් දූෂිතයන් ආරක්ෂා කරන බවත් මලිත් ජයතිලක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් කප්පම් සඳහා සිසුන් මැරූ අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සාක්කි සහිතව හෙළිදරව් කෙළේය.
රටේ ධනවත් බලවත් අයට එරෙහිව නඩු පැවරූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉවත් කිරීමෙන් පසු මේ වන විට මාස 5 කට නඩු පවරා ඇත්තේ 1 ක් පමණකැයි මන්ත්‍රීවරයා හෙළි කෙළේය.
එෆ්සීඅයිඩියට අලුතින් පැමිණිලි නොදෙන බවත් කරන ලද පැමිණිලි වලින් 100 කට අධික පැමිණිලි තොගයක් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදී යලි කැඳවා ගන්නා ලද බවත් අනුර දිසානායක හෙළිකෙළේය.
මලිත් ජයතිලක බේරා ගන්නට වලිකන නාවික හමුදා ඝාතකයන් විසින් සිදු කළ සිසු ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක්ද අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙළේය.
අනුර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව පහතින්
---------------------------
by (2017-03-24 18:14:31)
Leave a Reply
apinam kiwwa Bribery Commission ekata joker kenek daanakota..meka wena bawa. borunam balanda gihin a news article wala comments. a th samahara moda yakku/ yakinniyo kiwwe amme Sarath ta wadaa kenek na kiyala. sarath kiyanne nonjal pani gudamek. Bribery DG wenda puluwanda heeee..gaagana desapaluwanta kade yana gobbayekta..? ane ape rata.. hitang lai hutang lai rata kanawa. Anura Disanayaka obathuma me rata palanaya karanda podi kalekata hari ganna. apita dan ithuruwela thiyenne echcharai. pelenthi naayakayo, gobbayo, ekekuta ba me rata godaganna. Ammapaaa....
-- by Janaa on 2017-03-24
Sarath wa oluwa uda thiyaagana heluwen dangalana pus porawal ta mama kiyanne, mulaa wenda epaa yako poththa rathupaata welaa gaambheera penumak thibbata, meti haraken namm... gon bijjek nam.. konda pana nethi ekek nam,
-- by Janaa on 2017-03-24
well done
-- by lion on 2017-03-25
Anura Dissanayaka mahatha, anna oyawage SAITAM nataka pussa paththakin thiyala onna oyawage ratata jathiyata wadadayaka wada walata edawage adath ediriyata enawanam ape pranamaya. Obala api hamoma dadiya mahansiyen sidukarapu "dedeunu viplavaya" amu amuve gathanaya veemata ida nodi onna oya wade perata enna. Rata idiriyata gena yana jathika wadawalata uradee vadaka ta nathi Rajapksha jadayange kapati prayoga walata danuwa ho naodanuwathwa ahunovanna. Malith saha Shiral yana Rajapakshalage ssahacharayan upakkramasheeleeva dedunu viplawaya paga dama rajapaksha horu rala balayata genaemata yatikootu vadasatahanak kriyathmaka karanawa. Janadipathi kawada hari gerada yanne oya yatikoot karayo hinda. Amana janadipathi ravatena vidiyata obalath ravatunoth rata anathure. Amaruwen harawagath yahamaga aapassata yannna nodeemata katayuthu kereema obalage wagakeemai. Ohom kaloth JVP ekata thanak eevi. SAITAM viridee amana vada paththaka tjhiya satana niyama paththata harawanna. Jaya mawatha ethanai.
-- by Lional on 2017-03-25
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි