~

ඇමැති බදුයිදීන්ගෙන් විශිෂ්ඨ වැඩක්..! සතොස ලාබ ගෙනදී පෙන්වයි..! රට පුරා සතොස ශාඛා 500 ක් අලුතින්..! ඉන් 50 ක් හෙට විවෘත කරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.27, පෙ.ව‍‍.6.15) දිගු කාලයක් ලාබ නොලැබූ සතොස දැන් ලාබ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබෙන බවත් මේ වසර අවසන් වීමට පෙර සතොස ශාඛා 500 ක් රට පුරා විවෘත කරන බවත් ඉන් ශාඛා 50 ක් හෙට 28 දා ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා එකම වේලාවක විවෘත කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය  රිෂාඩ් බදුයිදීන් මහතා පැවසීය.

මෙය ඓතිහාසික අවස්ථාවක් බව කී ඇමැතිවරයා රජය පිහිටවන අවස්ථාවේ දී ලංකා සතොස පාඩු ලබන ආයතයක් බවට පත්ව තිබුණේ බිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ  බඩු ගබඩාවල ගොඩගසාගෙන වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් නොකරීම  නිසා බවත් වෙළෙඳ සැල් සියල්ල ජාලගත නොකිරීමෙන් කාර්යක්ෂමතාව අඩුවී තිබූ  බවත් කීවේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැති රැස්වීමක දීය. 

තම අමාත්‍යාංශයට ලංකා සතොස භාරදුන් අවස්ථාවේ දී මෙය ගොඩගැනීමට අපහසුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවා පැවසූ  බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.  වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුයිදීන් මහතා..

‘‘සතොස ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම ලොකු අභියෝගයක් වුණා. අපි අද ඒ අභයෝගය ජයගෙන තිබෙනවා. මට ලංකා සතොස භාරදුන් අවස්ථාවේ අගමැතිවරයා ද කීවා මෙය ගොඩගැනීමට අපහසු ආයතනයක් බව. මා මේ ගැන කල්පනා කළා. ලංකා සතොස කියන්නේ සිල්ලර වෙළෙඳාම කරන රාජ්‍ය  ආයතනයක්. පුද්ගලික අංශයට ලාභ ලබමින් තමන්ගෙ වෙළෙඳ සැල් වැඩිදියුණු කරමින් යන්න පුළුවන්නම් ඇයි අපිට බැරි. මේ සඳහා මා ලෝකයේ පිළිගත් කේපීඑම්ජී ආයතනයෙන් උපදෙස් ගත්තා. ඔවුන් අපිට නිර්දේශ රැසක් ලබා දුන්නා. ඒ උපදෙස් අනුව අපිට අවශ්‍ය වුණා ලංකා සතොස සියලුම ශාඛා ජාලගත කරන්න. මේ පරිගණකගත නොකිරීම නිසා එක්තැනක අඩුවන බඩු ගැන, විකිණෙන බඩු ගැන ඉතිරිවන බඩු ගැන පාලන අධිකාරිය දන්නේ නැහැ. එක එක තැන්වල කළමනාකාරවරු තම හිතුමතයට වැඩ කළා. තමන්ට වැඩි කොමිස් මුදලක් ලැබෙන විදියට වැඩ කරලා තිබුණා. ලංකා සතොස ගිණුම් වසර ගණනකින් විධිමත්ව පරීක්ෂා කරලා තිබුණේ නැහැ. අපි මේ සියල්ල යළි සකස් කළා. සියලු සතොස ශාඛා ජාලගත කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම සීසීටීවී කැමරා මේ ශාඛාවන්හි සවිකරගෙන යනවා. අපි ලංකා සතොස ශාඛා ලෝකයේ සුපිරි වෙළෙඳ සැල්වල ඇති සියලු නවීන ආංගෝපාංග සහිතව සකස් කරගෙන යනවා. ලෝක ප්‍රමිතීන් අනුව සකස් කරනවා. එයින් අපිට වැඩි ලාභයක් ලබා ගන්න වගේම කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න හැකියාව ලැබෙනවා. අපේ ගබඩවල බිලියන ගණනක් වටිනා කල් ඉකුත්වූ  ද්‍රව්‍ය  ගොඩගසා තිබුණා. මේ නිසා මේ ආයතනය පාඩු ලැබුවා. දැනටමත් ලංකා සතොස ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකිවුණා. එය විශාල ජයග්‍රහණයක්. මේ වර්ෂය අවසන්වීමට පෙර අපි බලාපෙරොත්තු වෙනවා ලංකාව පුරා සතොස ශාඛා 500ක් ආරම්භ කිරීමට. එහි දී 28 වැනිදා අපි ඓතිහාසික කාර්යයක් කරනවා. ඒ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් එකම දිනයක එකම වේලාවක දී ශ්‍රී ලංකාව පුරා සතොස ශාඛා 50ක් විවෘත කරනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්

අමාත්‍යවරයා පවසන්නේ පුද්ගලික අංශය සමග තරඟකාරී මට්ටමට ලංකා සතොස වැඩිදියුණු කර පාරිභෝගික ජනතාවට වඩාත් ගුණාත්මක භාණ්ඩ ලාභයට ලබා දීමට කටයුතු කරන බවයි. 

ලංකා සතොස ශාඛා 500ක් ඇතිකිරීමෙන් පසු ලංකා සතොස ශාඛා බිහිනොකර සමූපකාර ප්‍රාදේශික මට්ටමින් බලයලත් නියෝජිතයන් ඇතිකරමින් මේ රජයේ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය වැඩිදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 

---------------------------
by     (2017-03-27 00:45:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

පට්ටපල් බොරු. මේ යකට කවුරු හරි ලනුවක් දීල. සතොසේ තියෙන්නේ කුණු කරවල, කුණු ළූණු වගේම තුන්වන පන්තියේ බඩු. අපිනම් දන්න සතොසවල් වලට යන්නේ පාරිභෝගිකයෝ නම් නෙවෙයි, මැස්සො. අපරාදේ මහජන මුදල් නාස්ති කරනවා. මෙයා මේ අමාත්‍යාංශයෙන් අයින් කරලා වන සම්පත් වගේ එකක් දුන්නොත්නම් යමක් කරාවි කියල ඇත්තටම හිතෙනවා,
-- by Jeevan Krishantha on 2017-03-27

anne nikan palayan J.Krishantha BALLO. thopy wage geriyo nissay sri lankawata hena wadune.PAAHARA BALLA.
-- by acrpererar on 2017-03-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links