(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.02, ප.ව.5.45) ආයෝජන මණ්ඩලය විසින් ගෙන ආ රටට ඉතා ලාබ විදෙස් ආයෝජන 6 කට පයින් ගසා විදුලි බිල වැඩි කරමින් රු. බිලියන 7 ක් වැය කර ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටියේ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන යෝජනාව දුෂිත විදුලි මාෆියාවේ තවත් එක් මංකොල්ලකාරී වැඩ පිළිවෙලකි.
කිලෝ වෝට් 30 ඩීසල් විදුලි බලගාරයක් ලෙස ඉදිකිරීම් ආරම්භ කොට වසර තුනකින් ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් බවට පත් කිරීම සඳහා වන මෙම දූෂිත ව්‍යාපෘතිය විදුලිබල හා පුණර්ජනීය බලශක්ති අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ගේ තවත් ගේමකි. ඒ සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 6.7 ක් හෝ එයට වැඩි මුදලක් වැය කළ යුතුය.
ණය වාරික ගෙවා ගත නොහැකිව සිටින රටට මේ ඉදි කිරීම් සඳහා මුදල් සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර සිටින්නේ විදුලි බිල ඉහළ නැංවීමය.
ලංකාවේ ස්වභාවික ද්‍රව වායු විදුලි බලගාර ඉදිකිරීම සඳහා අවස්ථා ගණනාවක දී සමාගම් 6 ක් මෙරටට පැමිණ ඇති බව ආයෝජන මණ්ඩල වාර්තා පවසයි. එස් නමුත් විදුලිබල මාෆියාව ඒ එකදු සමාගමකට හෝ ලංකාවේ ආයෝජන අවස්ථාව ලබාදී නැත.
Lanka Aloka A B (Pvt) Ltd,
M/s Sithe Global Power Ventures LLCM,
Energy World International Limited,
M/s Energy World International Limited,
M/s Shapoorji Pallonji & Company Pvt Ltd,
M/s China Machinery Engineering Corporation (CMEC) එම සමාගම් වෙති.
2011 දී සිත්හේ ගෝබල් පවර් සමාගම මෙගාවෝට් 500 ක ඩොලර් මිලියන 1000 ක වියදමින් හම්බන්තොට බලාගාරයක් ඉදිකිරීමට උත්සහ දැරීය.
ලංකා ආලෝක සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කෙරවලපිටියේ මෙවෝ. 488 ක බලාගාරයක් ඉදිකිරීම සඳහා 2005 දී යෝජනා ඉදිරිපත් කළේය.
හොංකොං හි එනජි වර්ල්ඩ් සමාගම මෙගාවෝට් 600 ක බලාගාරයක් ඩොලර් මිලියන 450 ක වියදමින් කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 550 ක කැනඩා ආයෝජනයක්ද මේ අතර වෙති.
විදුලි බල අමාත්‍යාංශයේ හිටපු සහ වත්මන් ලේකම්වරුන් විසින් මෙහෙයවන විදුලි මාෆියාව මෙම සියලු ආයෝජන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ කිසිදු සාධාරණ හේතු මත නොවේ.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව පමණක් සමාගම් හයක් ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාර කේෂ්ත්‍රයේ ආයෝජනය සඳහා ඉදිරිපත් වී ඇත. මෙම ආයෝජකයින් සියලු දෙනා ජනපති අගමැති දෙදෙනාම සමගම රැස්වීම් පවත්වා මාස 3 ක් තුල ලංකාවේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ගිවිසුම් අත්සන් කිරීමට එකගත්වය පළ කරන ලදී. එසේ නමුත් එම යෝජනා සියල්ල කුණු කූඩයට දමා ජනතාව මත ඇදහිය නොහැකි විදුලි බිලක් පටවා ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් මෙහෙයවමින් සිටින විදුලි මාෆියාව යි.
විදුලිබල කේෂ්ත්‍රයේ ආයෝජන සදහා ශ්‍රී ලංකාවේ මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති බව අගමැතිවරයා ද, විදුලි බල අමාත්‍යාංශයේ දේශපාලන නායකත්වයට හා නිලධාරීන්ට අවධාරණය කොට තිබුණි.
ලංකාවේ අද විදුලි අවශ්‍යතාව පමණක් නොව අනාගත විදුලි අවශ්‍යතාවන් ද සපුරාලිය හැකි වෝට් 2100 ක විදුලි උත්පාදන යෝජනා සදහා ඇස්තමේන්තුගත සමාගම් ආයෝජනය ඩොලර් මිලියන 3700 කි. මෙම මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම වලක්වන්නේ විදුලි බල ලේකම්වරයා ය. ඔහු අද වන විට ලෝක වෙළෙඳ පොළේ අලෙවි මිලට ඩොලර් 10 කට වැඩි මුදලක් ගෙවමින් ගල් අඟුරු මිලදී ගනිමින් සිටී. (හිටපු ලේකම් ෆර්නැන්ඩස් ඔස්ට්‍රේලියාවේ තම දරුවන්ගේ නම් වලින් දේපල මිලදී ගෙන ඇති බව අමතක නොකළ යුතුය) ස්වාභාවික ගෑස් විදුලි නිශ්පාදනය සඳහා වැය කළ යුතු මිලට වඩා දෙගුණයකට වැඩි මුදලකට පුද්ගලික අංශය නිශ්පාදනය කරන ඩීසල් විදුලි මිල දී ගනිමින් විදුලි බල මණ්ඩලයට ඒකකයට රු. 14 කා පාඩුවක් සිදු කරමින්ද සිටී.
දුෂිත විදුලිබල ගනුදෙනු සදහා රැකවරණය සැපයෙන්නේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශපාලනයේ නිරත වූ ‘මංගල සමරවීර අමාත්‍යවරයාගේ කළුපොතේ ද නම සඳහන් වූ’ නිලධාරීන් සිව් දෙනෙකි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ‘මාස හයක් තුල ආරම්භ කිරීමට එකඟතාව පළ කළ හම්බන්තොට, කෙරවලපිටිය, සීතාවක, බියගම, කටුනායක ස්වභාවික ද්‍රව වායු ඉන්ධන බලාගාර ඉදි කිරීමට ආ විදේශ ආයෝජන වලක්වන බලවේගය කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතුය.
තරඟකාරී ක්‍රමයක් යටතේ විදුලි බල කේෂ්ත්‍රයේ ආයෝජන සඳහා ඉඩ ලබාදීම වළකන විදුලි මාෆියාව අවසන් කිරීමට කාලය පැමිණ ඇත.
---------------------------
by (2017-04-02 12:27:16)
Leave a Reply
The performance of the CEB is the worst for any professional organization in the entire world. We have the highest number of Engineers per line km of power in the whole world. CEB has no strategic plan to meet the increasing future demands for power, and neither do they have any plan for expansion of the distribution network.
They have no estimates of the increased demand when the "Port City", becomes operational, and also they have no clue of the electrical demand of the numerous residential and commercial towers coming up in Colombo and the Suburbs.
In the meantime, Chamika Ranawake, being an Electrical Engineer himself, is carrying on the so called "Megapolis" concept without any strategic plans on the electrical power demand on such a venture.
That such plans for a Megapolis to be feasible in sri Lanka is another question begging some very deep-rooted answers.
Atula Wanniarachchi (of the CEB Engineers Union) was vociferous for sometime in the recent past, but it seems that the CEB Engineers Union also has come to terms with the ultimate outcome , which should be evident by end of this year, and escalate to be catastrophic by 2020.
All we can do it to pray to the Gods that we believe in for survival, and curse ourselves for not migrating to greener pastures, with our cardinal sin being the love for our motherland.
Cheers,
Priyanth W, Ph.D.
-- by Priyanth W on 2017-04-02
(හිටපු ලේකම් ෆර්නැන්ඩස් ඔස්ට්‍රේලියාවේ තම දරුවන්ගේ නම් වලින් දේපල මිලදී ගෙන ඇති බව අමතක නොකළ යුතුය) ස්වාභාවික ගෑස් විදුලි නිශ්පාදනය සඳහා වැය කළ යුතු මිලට වඩා දෙගුණයකට වැඩි මුදලකට පුද්ගලික අංශය නිශ්පාදනය කරන ඩීසල් විදුලි මිල දී ගනිමින් විදුලි බල මණ්ඩලයට ඒකකයට රු. 14 කා පාඩුවක් සිදු කරමින්ද සිටී.- Ko dan ara Bribery Commission eke Sarath Ayyaa? maha loku porak kiwwa neh ... daapan ko muntai, hitapu ewuntai okkotoma nadu. Yawanawa hallo a okkoma horunta Form 5 eka. yawala assets visthara aragannawa. aragana balanawa, okkoma heli karanawada kiyala. hora depola okkoma raajasanthaka karannda daanawa halo nadu. netta puke gahagana ponnayek wage hengilaa inne nathuwa.
-- by BriberyClerk on 2017-04-03
බලහල්ලකෝ අර කලිසම් කාරය ඉඳගන ඉන්න තාලේ, මුන් කොරන හොරකම් වලට ඉස්සරවෙලාම හෙනගහන්නේ මුන්ගේ ඇට කුට්ටමට (තිබේනම් පමණි ). ඊ ට පස්සේ පනපිටින්ම මුන්ගේ සරීර කූඩුවලට පනුවෝ ගහනවා ගහනවා මයි . හොරකම් කොරල පරම්පරාවල් හදන්න හදන,හිතන, එහෙම කොරන, කොරල තියන හැ ම පාහරයටමත් , උන්ගේ දරුපරම්පරවලටත් පනපිටින්ම පනුවෝ ගහනවආමයි . හොඳට මෙව්වා කියවපල්ලා හොරකම් කොරන අවලන් බල්ලනේ.
-- by Yamapalla on 2017-04-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි