~

දවුල්දෙන නාහිමි අපවත්වීම විකුණා අශීලාචාර පෝස්ටරයක් ගැසූ මහින්ද රාජපක්ෂ ‘වසලයෙක්‘ බව බුදුන් වහන්සේද වදාරති..!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.06, ප.ව‍‍‍.10.00) අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය අද සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක් දකින්නට ලැබිණ. 

එනම් ලෝක බෞද්ධ ප්‍රජාවගේ පවා ගෞරවාදරයට පාත්‍ර වූ මහා නායක හිමි නමකගේ අපවත්වීම තමාගේ දේශපාලනයට ලකුණු දමා ගැනීමට අවස්ථාවක් කරගනිමින් මහින්ද රාජපක්ෂ විසින් පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමයි. 

මහානායක හිමියන්ට නිවන් සුව ලැබේවායි කියමින් මහින්ද රාජපක්ෂ නා හිමියන්ට වැඳ සිටින අයුරු විශාලව දක්වා පමණක් නොව මහා නායක හිමියන්ට පිදූ පිරිකරෙහි සේයාරුවක් පවා පසෙකින් විශාලව දක්වා මෙම අශීලාචාර පෝස්ටරය නිර්මාණය කර තිබෙනු දුටු බෞද්ධ ජනතාව ‘අනේ අපොයි‘ කීහ.

මහා යතිවරයෙකුගේ අපවත්වීමකින් ලකුණු දමා ගැනීමට තමන් පිදූ පිරිකරද ප්‍රදර්ශනය කරමින් තමා විසින්ම පෝස්ටර් ගසා ගත් මහින්ද රාජපක්ෂ යනු වසලයෙකැයි බුදුන් වහන්සේ වදාළේ මෙසේය.

“යමෙක් ඉතා හීනමානයෙන් යුක්තව තමා විසින් තමාව හුවා දක්වා ගනීද ඔහු වසලයෙකි..“ 

(-බුදුන් වහන්සේ - සූත්‍ර පිටකය, බුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය, වසල සූත්‍රය, අංක 132-)

---------------------------
by     (2017-04-06 19:00:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

Oita hondai pako, pala Lipton wata-ravumata, heluwen oluwen hitagana gahaganin angillak puke. nodaking mehema wasalayo.
-- by Wasantha on 2017-04-06

tho kiwwe nathi unaata , a mahaa buddha puthrayan niwan suwata sepathwanawaa sikurui. Tho kokatath hoyaaganin loku ambudeyak, apaaye gihaama gahaganda.. Wasalaya.
-- by Namal on 2017-04-06

what a low mentality idiot he is,
-- by frank on 2017-04-07

" Noda- King " Para- Sakkili Wakkaden Puka Hodagena awith , me Rata Anawashshiya , Naya- Kandarawakata [ Unwanted Foreign Loans ] saha Jathiyantharawa me Rata Gothrika, Aneethika , Prajathanthra wirodhi [ against Democratic system ] Ratak karalapu Balla, dan, Shreshta [ Ven. ] Swameen-Wahanse kenekuta Nidahase Apawath- Welath [ Passes Away ] inta denne na. Nodaking , Mooi , Muge Kalakanni Pawulai Handi- Gawila yanne nane.
-- by Bandula on 2017-04-07

Balalobhaya ha heenamaanaya ekata ek una vita saadena bhayaanaka rogayak.
-- by nareens on 2017-04-09

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links