(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.15, ප.ව.10.10) මිතොටමුල්ලේ කුණු කන්දේ ඛේදවාචකය ගැන වගකිව යුතු මේ ආණ්ඩුවේ මෙන්ම පෙර ආණ්ඩුවේද දේශපාලනඥයන්ට අනියම් මිනීමැරුම් චෝදනා නගා නඩු පැවරිය යුතු යැයි කුණු කන්ද ඉවත් කිරීම සඳහා අධිකරණයේද නඩු පවරමින් සටන් කළ නුවන් බෝපගේ නීතිඥ මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙසේ කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
රිය අනතුරක් වැනි දෙයකදි පවා අනතුර වළක්වා නොගැනීම ගැන චෝදනා නගනවා නම් 2011 සිට මේ කුණු කන්ද ඉවත් කර ගන්නැයි ජනතාව නැගූ හඬට සවන් නොදුන් දේශපාලනඥයන්ට අනියම් මිනීමැරුම් චෝදනා නැගිය යුතු යයි නුවන් බෝපගේ මහතා පවසයි.
ආසන්නම සිද්ධියක් මෙසේය. පසුගිය අවුරුදු සමය ආසන්නයේ දිනෙක මෙම කුණු කන්දෙන් ජල පහරක් ගලා එනවා දුටු ප්‍රදේශවාසීන් විසින් කිලී මහාරාජාගේ මන්ත්‍රීවරයෙක් වූ මරික්කාර් හමුවී පැමිණිලි කර තිබේ. එහිදී මරික්කාර් පිලිතුරු දී ඇත්තේ මේ දිනවල පාර්ලිමේන්තුව නිවාඩු බැවින් කිසිවක් කළ නොහැකි බවත් නිවාඩු අහවර වීමෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවයි. බිය නැතිව ගෙදර ගොස් අවුරුදු කන්නැයි මරික්කාර් පිළිතුරු දී තිබේ. ඒ අනුව නිවෙස් වෙත පැමිණි ජනතාවට අවුරුදු කන්න ලැබුනේ අඩි ගණනක් යට කුණු කන්දට යට වීමෙන් යැයි නීතිඥ බෝපගේ පවසයි. අද උදෑසන මරික්කාර්ට ජනතා කෝපය එල්ල වූයේ මෙම සිද්ධිය හේතුවෙනි. (මරික්කාර් පසුගිය කාලයේ ප්‍රදේශවාසීන්ට දුන් බොරු පොරොන්දුවක පුවත් පත් වාර්තාවක් පහත දැක්වේ. )
ජනතාවට ඉවත් වන්නැයි ප්‍රාදේශීය ලේකම් පවසා තිබියදී රැඳී සිටීම නිසා මෙවන් විපතක් සිදු නොවුනේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥ බෝපගේ කියා සිටියේ ජනතාව පරම්පරා 5 ක් තිස්සේ සිටි ප්‍රදේශ වලින් ප්‍රා.ලේකම් කී පලියට ඉවත් විය නොහැකි බවයි. කුණු තිබෙන තැනකට අපි ආවා නොව අපි සිටි ප්‍රදේශයට කුණු ගෙනැවිත් දැම්මා යයි ද එදා අපි විරෝධතා පවත්වද්දී අපිට ගහලා එළවන්නේ නැතිව ප්‍රශ්නයට උත්තර සෙව්වා නම් මේ විපත සිදුවන්නේ නැතැයිද ඔහු චෝදනා කළේය.
මීතොටමුල්ල ඛේදවාචකය ගැන නිවැරදි තොරතුරු මාධ්‍ය වාර්තා කරන්නේ නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මරික්කාර් තමාගේ හෙංචයියෙක් නිසා මහාරාජාගේ මාධ්‍ය මේ ගැන සත්‍ය කියන්නේ නැතැයිද, කුඩු දුමින්දලා ද මෙහි කුණු දැමීමට හවුල් කරුවන් නිසා කුඩු නාලිකාව සත්‍ය කියන්නේ නැතැයිද, මෙම ඛේදවාචකයේ බරපතල වගකිව යුත්තන් වන්නේ රාජපක්ෂලා බැවින් හැකරැල්ලා නාලිකාව ද සත්‍ය කියන්නේ නැතැයිද, ආණ්ඩුවට ප්‍රශ්නයක් වන නිසා ආණ්ඩුවේ මාධ්‍යද ඇත්ත කියන්නේ නැතැයි ජනතාව ජඩමාධ්‍ය කෙරුවාව ගැන දොස් කියති.
මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ විපතට පත් ජනතාව වෙනුවෙන් පමණක් නොව විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවා ආහාර හිඟයක් තිබෙන බවයි.
උදෑසන මරික්කාර්ට සහ සාගලට ජනතාව හූ කී බැවින් තමන්ටද හූ ව වදීවි යන බිය නිසා දේශපාලනඥයන් එහි පැමිණීම අඩාල වී තිබේ. ප්‍රදේශයේ ජනතාවද අනවශ්‍ය ප්‍රමාණයකින් කුපිත වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස විපතට පත්වූවන්ට ආධාර ලැබීමේ විශාල අඩුවක් තිබෙන බව අප වාර්තා කරුවෝ පවසති. සිද්ධිය වාර්තා කරන්නට ගිය මාධ්‍ය කරුවන්ට පවා ප්‍රදේශවාසීහු දැඩි ලෙස බාධා කර තිබුණාහ. මේ අතර විපතට පත් වූවන්ගේ නිවාස වල දේපොල මංකොල්ලා කෑ 23 ක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබීමෙන් මිනිසුන් අතර කෙතරම් නීචයන් සිටීදැයි හෙළි වනු ඇත.
මේ අතර මෙම කුණු කන්ද නිර්මාණය කළ පසුගිය වසර 10 ක් පුරා මේ රට පාලනය කළ මැදමූලනේ මහින්ද රාජපක්ෂ අද මීතොටමුල්ලේ කුණු ඛේදවාචකය ගැන කුණු කතාවක් කියා තිබේ.
ආණ්ඩුවේ සහ පළාත් සභා අතර කඹ ඇදිල්ලක් හේතුවෙන් තමන්ගේ කාලයේ දී මීතොටමුල්ල කුණු කන්දේ ගැටළුව විසඳීමට නොහැකි වී යැයි මහින්ද රාජපක්ෂ පවසා ඇත.
ඔහුගේ ප්‍රකාශය අනුව සොයා බැලිය යුත්තේ එකල ලංකාවේ ජනාධිපතිකම් කෙළේ බරණැස් නුවර බ්‍රහ්මදත්තද කියා ය. මන්ද යත් තම තීරණයට පිටින් මැස්සෙක් ගියද සුදු වෑන් එකක් එවා මැස්සා පවා අතුරුදහන් කළ රාජපක්ෂලාට තම මලයා වූ ගෝඨා නාගරික සංවර්ධන අධිකාරියේ පමණක් නොව, පහත් බිම් සංවර්ධනයේ පවා ලොක්කා වී සිටියදී, තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක්ද පළාත් සභා සියල්ලේම බලයද තිබියදී මීතොටමුල්ල කුණු ප්‍රශ්නය විසඳීම බැරි වුනේ කඹ ඇදිල්ලක් නිසා යැයි කීම තරම් අලුගුත්තේරු කතාවක් තවත් නැති නිසාය.
මීතොටමුල්ලේ කුණු දැමීම ආරම්භ වුනේම ඔවුන්ගේ වසර 20 ක ආණ්ඩු සමයේ ය. වත්මන් ජනාධිපතිද එකල පරිසර ඇමැතිව සිටි අයෙකි.
ආරක්ෂක හමුදා කරගෙන යන ගලවා ගැනීමේ මෙහෙයුම තව දුරටත් පැවැත්වේ.
---------------------------
by (2017-04-15 18:16:16)
Leave a Reply
Marikkarlata, Hirunikaalata...Huuuu kiyala madi guuuu gahala Kunu godata daaanna kaaalee hari....
-- by kumaG on 2017-04-15
Mahindalaata kunu prashnaya gana kathaakaranna kisima aithiyak naha.A aanduva kaale Japaanayedee diyunuvata pathuna sri laankikayek lankaavata karana upahaarayak vashayen lankaave kunu kandu siyalla ivath kara deemata kamaththa pala kalaa.Namuth ape hathikaraya ohugen komis ililuvaa, a pudgalayaa damala gahala aapahu japan giyaa.Nomilaye karaganna thibuna deya nathiva giyaa.Lagadi laankika yek visin nirmaanaya karana lada kasala ivath kota pohora nishpaadanaya kala haki yantrayak nishpaadanaya kota eya eeta adaala amathivarayekuta danvala thiyenavaa. amema aanduve a amathiyath ohugen mulinma lalsha 50k illala thiyenavaaya kiyaa giya sthiye puvathpathaka palavelaa thibunaa.Oya vage kunu vikunaagena kana amathivaru sitina kal oova ivath kireema boru.
-- by nareens on 2017-04-16
2017.04.14 මීතොටමුල්ල කුණු කන්ද නායයාම් ඡීවිත හානි ඇතළු ව්‍යසනය සිදු වුණද පොලිස්පති ඇතුළු රඡයේ නිලධාරීන් 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත කිුයාත්මක නොකර නීතිය උල්ලංඝණය කරන්නේ ද ?
-- by Hema on 2017-04-16
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි