(ලංකා ඊ නිව්ස් -2017.මැයි.11, ප.ව.11.30) “බුද්ධාගමට ප්‍රමුඛ තැන නොදෙයි, නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වැඩක්“ යනුවෙන් පසුගිය 7 වැනිදා ඉරිදා දිවයින පුවත් පතේ ප්‍රධාන සිරස්තලයෙන් ප්‍රසිද්ධ කරන ලද වාර්තාව අමූලික බොරුවක් බව ලංකා ඊ නිව්ස් නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් කරන ලද විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසීය.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් විකල්ප 7 ක් යෝජනා කර ඇතැයි ජනාධිපති නීතිඥයෙකු වන මනෝහර ද සිල්වා නමැත්තා දිවයිනට ප්‍රකාශ කළා යැයි එම අසත්‍ය වාර්තාවේ සඳහන් වන අතර මනෝහර ද සිල්වා කියා ඇත්තේ සාහසික බොරුවකි. මෙය බෞද්ධයන්ගේ උතුම් වෙසක් උත්සවය කටේ තබා බෞද්ධ ජනතාව කුපිත කිරීම සඳහා සිතා මතා කර ඇති කුපාඩි ක්‍රියාවකි.
ලංකා ඊ නිව්ස් සොයා ගත් අන්දමට පාර්ලිමෙින්තුවේ විවිධ පක්ෂ වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට බුද්ධාගමට අදාල වන 9 වන වගන්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විකල්ප යෝජනා 7 මෙසේය
විකල්පය 1 (දැනට ඇති) බුද්ධාගම
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු අතර ඒ අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීමක් වන අතර 10 හා 14 (1) (ඉ) වගන්තිවලින් අනිත් ආගම්වලට ලබා දී අයිතිවාසිකම් සහතික කළ යුතුය.
විකල්පය 2 -ආගම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකුට ම සහතික කරමින් ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු අතර ඒ අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වෙයි.
විකල්පය 3 -ආගම
සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා කිසිම ආකාරයක වෙනස් ලෙස සැලකීමකින් තොර ව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලු ම පුද්ගලයන්ට සහතික කරමින් ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු අතර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වන්නේ ය.
විකල්පය 4 -ආගම
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් හා කිසිම වෙනස් ලෙස සැලකීමකින් තොරව ශ්‍රී ලංකාව සියලුම ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සැලකිය යුතුය.
විකල්ප 5 -ආගම
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් හා කිසිම වෙනස් ලෙස සැලකීමකින් තොරව සියලුම ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වෙයි.
විකල්පය 6 -ආගම
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් හා කිසිම වෙනස් ලෙස සැලකීමකින් තොරව සියලුම ආගම් හා විශ්වාසයන්ට සලකමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වෙයි.
විකල්පය 7 -ආගම
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු අතර ඒ අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වෙයි. ශ්‍රී ලංකාව සියලු ම ආගම් හා විශ්වාසවල සමානත්වය පිළිගන්නා අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලු ම පුද්ගලයන්ට සහතික වේ.
මේ අනුව ඉරිදා දිවයිනේ සඳහන් පරිදි ඉහත සඳහන් එකදු විකල්ප යෝජනාවකින්වත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදිය යුතු යැයි කිසිවෙකු හෝ යෝජනාවක් කර නැති බව ඉතා පැහැදිලිව පෙනේ.
දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ ලේඛනයෙන් ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන ව්‍යවස්ථාවේ ඇති 9 වන වගන්තිය ඒ ආකාරයට ම රඳවා ගත යුතු බව හා විකල්ප සූත්‍රණයන්ට විරුද්ධ වන බවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය / දෙමළ ප්‍රගතිශීලී සන්ධානය / සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ ලේඛනයෙන් ආගම පිළිබඳ වගන්තිය පහත දැක්වෙන ආකාරය විය යුතු යයි යෝජනා කර තිබේ.
“ශ්‍රී ලංකා ජනරජය බෞද්ධ දර්ශනයට ප්‍රමුඛස්ථානය දිය යුතු අතර ඒ අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීමක් වන අතර 10 හා 14 (1) (ඉ) වගන්තිවලින් අනිත් ආගම්වලට ලබා දී අයිතිවාසිකම් සහතික කළ යුතුය.“
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යෝජනා කර ඇත්තේ “ශ්‍රී ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතු අතර 10 හා 14 (1) (ඉ) වගන්තිවලින් සියලු ආගම්වලට ලබා දී අයිතිවාසිකම් සහතික කළ යුතුය“.
ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ ලේඛනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන් ම අනාගමික රාජ්‍යයක් බවත් 9 වන වගන්තිය සංකේතාත්මක වගන්තියක් බවත් ඒ අනුව මෙම වගන්තියේ ප්‍රතිපාදන ඒ ආකාරයට ම රඳවා ගත යුතු බවත් ය.
මෙවැනි පසුබිමක ඉරිදා දිවයින සහ මනෝහර සිල්වා කියන බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කෙරෙන විකල්ප යෝජනා තිබේනම් හෙළිකරන ලෙස අප ඔවුන්ට අභියෝග කරන්නෙමු.. ඉරිදා දිවයින වැනි පුවත්පතකින් තම ප්‍රධාන සිරස්තලය භාවිතා කරමින් බෞද්ධ ජනතාව කුපිත කිරීමට ඉඩ දී වගකිවයුත්තන් බලා සිටින්නේ ඇයි?
---------------------------
by (2017-05-11 22:55:01)
Leave a Reply
ඉරිදා දිවයින වැනි පුවත්පතකින් තම ප්‍රධාන සිරස්තලය භාවිතා කරමින් බෞද්ධ ජනතාව කුපිත කිරීමට ඉඩ දී වගකිවයුත්තන් බලා සිටින්නේ ඇයි?.........(උපාලි විජේවර්ධනගෙ දේපොල මංකොල්ල කාපු වෙල්ගම හොර වේ...සිගෙ පුතාල උන්ට ඕන ඕන විදියට හැමදාම ප්‍රවෘත්ති විකෘති කරනව, ආණ්ඩුවෙ පොන්නයො ටික බකං නිලාගෙන ඉන්නෝ)
-- by කමල් on 2017-05-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි