~

අධිකරණ නියෝග පාගා දමා පෙරටුගාමී සරසවි සිසුහු පෙළපාලි යති: කඳුලු ගෑස් කති: පෙරටුගාමී නායකයාගේ සහ විජේවීරගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අධ්‍යාපනය හදාරද්දී උන්ගේ අනුගාමික දරුවෝ ලංකාවේ මෝඩවෙති

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.17, ප.ව‍‍.11.00) පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන ආණ්ඩුව කෙතරම් සාධාරණ විසඳුම් ලබා දුන්නද ඒවා පිළිනොගෙන සයිටමයට මුවා වී යහපාලන ආණ්ඩුව බිඳ දමා රාජපක්ෂ රෙජීමය යළි බලයට ගෙන ඒමට කැස කවන පාදෙණියලා ප්‍රමුඛ පිරිසේ මීලඟ වැඩ වර්ජනයට පෙර සුපුරුදු පරිදි පෙරටුගාමී පක්ෂයේ අතකොළුව වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කඩේ යවා පවත්වන උද්ඝෝෂන වල තවත් නීති විරෝධී පෙළපාලියක් කොළඹ දී අද පැවැත්වූ අතර පොලිසිය ඊට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කෙළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රයන් ජයලත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද සිවුරුකරු ඇතුලූ පිරිසට සහ ඔවුන්ගේ අනුගාමිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් නියෝග පනවා තිබිණ. 

ටැම්පිටියේ සුගතානන්දට එම අධිකරණ නියෝගය පොලිසිය විසින් ලබා දුන් විට ඔහු එය පාගා දමා නීතිවිරෝධී පෙළපාලිය ක්‍රියාත්මක කෙළේය. (සේයාරුවේ වමේ දැක්වෙන්නේ සුගතානන්ද විසින් අධිකරණ නියෝගය පාගා දැමූ අයුරුයි)

පෙළපාලි කරුවන් කොටුවේ දුම්රිය පොල අසලින් පෙළපාලිය ආරම්භ කළ අවස්ථාවේදීම එය විසිරුවා නොහැරි පොලිසිය ඔවුන් ටවුන් හෝල් වෙත එනතුරු බලා සිටියහ. කඳුලු ගෑස් ගැසීමෙන් පසු පෙළපාලිකරුවන් විහාරමහා දේවී උද්‍යානයට ඇතුල් වූ අතර උද්‍යානය තුලට කඳුලු ගෑස් ගැසීම නිසා එහි සිටි සාමාන්‍ය මිනිසුන් දැඩි අපහසුතාවයට පත් වූහ. 

පොලිසිය 15 වතාවක්ම කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. ගැටුමෙන් 21 දෙනෙකු රෝහල් ගත කරන ලද අතර 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග කඩ කළ අන්තරේ කැඳවුම්කාර ලහිරු වීරසේකර සිසුවා මාධ්‍යයට වහසි බසින් කියා සිටියේ තමන්ට සහ පිරිසට කඳුලු ගෑස් කෑම හෝ බැටන් ප්‍රහාර කෑම පුරුදු බවයි. වෙඩි තබා හෝ බෝම්බ ගසා හෝ මේ ගමන නතර කළ නොහැකි යයිද ඔහු මහත් උජාරුවෙන් කීවේය. 

අධිකරණය වාරණ නියෝග නිකුත් කරති. එය නොතකා පෙරටුගාමීහු පෙළපාලි යති. අධිකරණය යලිත් වාරණ නියෝග නිකුත් කරති. මේ දෙකෙන් එකක් සිදුවිය යුතුවා මිස දෙකම දිගින් දිගටම සිදුවීම අධිකරණයත් ශිෂ්ඨ සමාජයත් විහිළුවකට පත් වීමකි. 

ශිෂ්‍ය නායකයන් යනු ශිෂ්‍යයන්ගේ වීරයන් විය යුතුය. ඒ කුමන තාලේ වීරයන්ද? උසස් අධ්‍යාපනයේ උසස් ඵල නෙලූ වීරයන්ද? අධ්‍යාපනය කඩා කප්පල් කර ගත්තවුන් වීරයන්ද? ලංකාවේ මෑත ඉතිහාසයේ සිටි කිසිදු අන්තරේ කැඳවුම්කරුවෙකු ආචාර්ය උපාධියක් ලබාගෙන නැත. ආචාර්ය උපාධියක් තබා පශ්චාත් උපාධියක් හෝ ලබා ගත්තෝ විරලය. යාන්තම් මූලික උපාධිය පමණක් වසර ගණනාවක් තිස්සේ කාල් ගාමින් සිට ලබා ගෙන තිබේ. රටේ ගෞරවනීය තනතුරකට හෝ ගෞරවනීය ජීවිතයකට ඒ කිසිවෙකු පත්ව නැත. තවත් සමහරුන් මූලික උපාධිය ලබා ගැනීමට තබා ජීවිතයවත් රැක ගැනීමට අසමත් වී ඇත. එච්.බී.හේරත්, සිරිසේන, උපාලි, ධර්මසිරි, ආදී පැරණි අන්තරේ කැඳවුම්කරුවෝ මේ ලියුම්කරු පුද්ගලිකව ඉතා හොඳින් දැන හඳුනාගත්තෝ වූහ. ඔවුන් සියළු දෙනාම පුද්ගලික ජීවිතයේදී ‘හොඳ‘ මිනිසුන් වුවද වැරදි භාවිතාවය විසින් ජීවිත අකාලයේ අහිමිකරගත්හ. ඉතිහාසය යලිදු ඒ ආකාරයටම සිදුවුවහොත් එය ඛෙදවාචකයකින් හෝ විකාර රූපී නාඩගමකින් කෙළවර වනු නිසැක ය. ගැටවර වියේදී විප්ලවවාදියෙකු නොවන අයෙකු සේම ගැටවර විය කෙළවර එය අත්නොහරින අයෙකුගෙන් ද සත පහක වැඩක් නැතැයි කියමනක් තිබේ. පෙරටුගාමී නායකයාගේ දරුවන් ද වීජේවීරගේ දරුවන්ද ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අධ්‍යාපනයේ ඵල නෙලද්දී ලංකාවේ ඔවුන්ගේ අනුගාමික මෝඩ දරුවෝ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වසා දමන්නැයි කියා තම අධ්‍යාපනයද කඩා කප්පල් කර ගනිමින් කඳුලු ගෑස් කති.  ජීවිතය විනාශ කර ගනිති.  

අද කඳුලු ගෑස් කෑ සිසුන්ගෙන් කවරෙකු හෝ ඉහත අවසන් පරිච්ඡේදය සුරැකිව තබා ගෙන තව වසර 10 කින් 20 කින් යලි කියැවුවහොත් ලංකා ඊ නිව්ස් අද කියා ඇත්තේ කවර නම් සත්‍යයක් දැයි පසක් වී එදිනට අපට මල් පහන් පුදනු ඇත. 

-චන්ද්‍ර ප්‍රදීප්-

---------------------------
by     (2017-05-17 23:49:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

In Australia all students pay courses fees (except who go scholarships) but all students are entitled for loans (HECS or HELP), selection for courses are based on merits (not financial capability). Until Sri Lanka government introduces similar system, private universities are not acceptable on 'social justice' basis (right for higher education shall not be bared by financial incapability).
-- by SAP Maddumage on 2017-05-18

100 % Oba Niwaradi Chandra - Pradeep , Me Harakge Kawada , Mole Padeyida Danne Ne.
-- by Bandula on 2017-05-18

Now the time has to come to give uni students final warning. Do they want to study at the university or stay permanently on the roads? If they don't come to lectures send them out and give the chance to next qualified students who are awaiting in the merit and district basis lists. We are the people who pay taxes for university education.
-- by s.c.perera on 2017-05-18

Ape maha (e+un) denna rate adikaranaya garu adikaranayak lesa isthapitha kara ehi gawrawaya eyata laba nodenathak kal me moda harak rala (bath+piduru) kana eka nawathwanna baha. thawada, ape hamuduruwo sista sampanna samajayata dena adarshayada meka...? eya banata desana karanne me wage wairayen hasirenna kiyalada..? munta siwuru porawapu ayata thalanna one MADU WALIGEN.
-- by mudalige on 2017-05-18

අධිකරණ නියෝග කඩ කළ අන්තරේ කැඳවුම්කාර ලහිරු වීරසේකර සිසුවා මාධ්‍යයට වහසි බසින් කියා සිටියේ තමන්ට සහ පිරිසට කඳුලු ගෑස් කෑම හෝ බැටන් ප්‍රහාර කෑම පුරුදු බවයි. වෙඩි තබා හෝ බෝම්බ ගසා හෝ මේ ගමන නතර කළ නොහැකි යයිද ඔහු මහත් උජාරුවෙන් කීවේය. ටැම්පිටියේ සුගතානන්දට එම අධිකරණ නියෝගය පොලිසිය විසින් ලබා දුන් විට ඔහු එය පාගා දමා නීතිවිරෝධී පෙළපාලිය ක්‍රියාත්මක කෙළේය. (සේයාරුවේ වමේ දැක්වෙන්නේ සුගතානන්ද විසින් අධිකරණ නියෝගය පාගා දැමූ අයුරුයි) - me,meeharak baanama wahaama arrest kara , usaaviyata idiripathkara, adhikaranayata apahaasa kirema gena chodanaa nagaa, wasara 2 kata barapathala weda sahithawa hira gedarata yaviya yuthuya. a sandahaa uwamanaa saakshi (evidence) video sahithawa thibe. mewaage moda meeharakunge shishyabhaawaya jeevithanthaya dakwaa ahosikala yuthuya.
-- by Psy-Temp on 2017-05-18

What’s the point we spend our money on these foolish university students. After getting court order cancel studentship of them and give the chance to enter next students to get free education using our tax money.
-- by Saman on 2017-05-19

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links