~

සම්මුති ආණ්ඩුව ලෝකයට විහිළු සපයන අච්චාරුවක් බව පෙන්වමින් නව ඇමැතිවරුන්ට ආයතන වෙන් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.10, ප.ව‍‍‍‍.2.45) සම්මුති ආණ්ඩුව ලෝකයට ආදර්ශයක් යැයි පාරම්බෑවද එය ලෝකයට විහිළු සපයන අච්චාරුවක් බව යලිත් තහවුරු කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මෑතකදී කරන ලද කැබිනට් සංශෝධනය අනුව ඒ ඒ අමාත්‍යාංශ වලට අයත් ආයතන මොනවාදැයි නම් කෙරෙන ගැසට් නිවේදනය ඊයේ සවස නිකුත් කිරීමත් සමග ය.

මේ ආයතන වෙන් කිරීම් කිසිදු විද්‍යාත්මක හෝ ප්‍රායෝගික පදනමක් නොමැතිවා පමණක් නොව ඒ ඒ ඇමැතිවරුන්ට තම රාජකාරිය නිසි සේ ඉටු කිරීමට ද බාධා පමුණුවන්නකි. 

ඒ අනුව නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට තිබූ ආයතන රාශියක් අහිමි කර තිබේ.

පෙර පරිදිම මුදල් අමාත්‍යාංශය යටතට අයත් විය යුතු ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ බැංකු මුදල් අමාත්‍යාංශයට ලබා දී නැත. බරපතල බැඳුම්කර දූෂණයට ඇඟිල්ල දිගු වුවද ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයා යටතේම තබා ගෙන තිබේ.  

ඒ වෙනුවට මුදල් අමාත්‍යාංශය යටතේ තිබු සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරා ඇත. 

ආරම්භයේ සිටම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව ජනමාධ්‍ය අමත්‍යාංශයෙන් ඉවත් කර  කිසිදු සම්බන්ධයක් නැති රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය යටතට පවරා ඇත. (රංජිත් මද්දුම බණ්ඩාරගේ අමාත්‍යාංශය) චිත්‍රපට විෂය රාජ්‍ය පරිපාලනයට අදාල වන්නේ කෙසේදැයි විග්‍රහ කළ හැකි ජගතෙක් වේ ද?

ඉඩම් අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නැති කර්මාන්තයක් වූ කන්තලේ සීනි සමාගම ඉඩම් අමාත්‍යාංශයට පවරා ඇත.

නව කැබිනට් සංශෝධනයේ දී අලුතින් ඇති කළ සංවර්ධන කාර්ය භාර ඇමැති ධූරයට (තිලක් මාරපනට දුන් ) කිසිදු සම්බන්ධයක් නැති සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල පවරා ඇත. එය කලින් තිබුනේ අගමැතිවරයා යටතේය. නමුත් එවැනි අරමුදල් තිබිය යුත්තේ සහ මීට පෙර තිබුනේ මුදල් අමාත්‍යාංශය යටතේ ය. මෙරට ප‍්‍රථම මූල්‍ය අධ්‍යයන ආයතනය ලෙස ස්ථාපිත කෙරුණු "මිලෝදා" මූල්‍ය අධ්‍යයන ආයතනයද සංවර්ධන කාර්ය භාර නව අමාත්‍යාංශයට බාර දී තිබේ. රටක මූල්‍ය අධ්‍යයන ආයතනයක් තිබිය යුත්තේ එරටේ මුදල් අමාත්‍යාංශය යටතේ වුවද ආණ්ඩුවේ අච්චාරු දැමීමට ඒවා අදාල වී නැත. 

ජාතික ප්‍රතිපත්ති සැලැස්මට අනුකූල වූ රාජ්‍ය මූල්‍ය බදුකරණය, සාර්ව මූල්‍ය කළමනාකරණයට අදාළ වැඩසටහන් සම්පාදනය කිරීම පසුවිපරම හා ඇගයීම මුදල් අමාත්‍යංශයට අයත් වුවද ජාතික වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීම පැවරී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට අයත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට ය. 

නව අමාත්‍යාංශ වලට ආයතන වෙන් කළ විශේෂ ගැසට් නිවේදනයේ මෙවැනි බහුබූත රාශියකි. මේවා මගින් සම්මුති ආණ්ඩුව කෙරෙහි ජාතික සහ ජාත්‍යන්තර විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැත. සිදුවන්නේ තිබෙන විශ්වාසය පවා පහත වැටීමය. ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන් විදේශ සම්මන්ත්‍රණ වලට සිය ගණනින් ආයෝජකයන් සහභාගී වුවද එකදු හරි හමන් ආයෝජකයෙකු හෝ වසර 2 ක් පුරා ලංකාවට ආවේ නැත්තේ මේ හේතු නිසා ය. විදේශ කටයුතු එක් ඇමැතිවරයෙකු අතේය. විදේශ ආයෝජනය වෙනත් ඇමැතිවරයෙකු අතේය. මහ බැංකුව තවත් ඇමැතිවරයෙකු අතේය. වානිජ බැංකු තවත් ඇමැතිවරයෙකු අතේය. ආර්ථික කටයුතු තවත් අයෙකු අතේ ය.  මෙවැනි අච්චාරු තත්ත්වයක් තිබෙන රටකට එන විදෙස් ආයෝජකයා කව්ද? විදෙස් ආයෝජන නොමැතිව රට ඉදිරියට තල්ලු කිරීම සිහිනයකි. රට එක තැන පල්වෙන්නේ මේවා නිසා ය.  ජනාධිපති සහ අගමැති දෙදෙනා මේවා තේරුම් නොගන්නා බව පමණක් නොව අසාර්ථක කළමණාකරුවන් දෙදෙනෙකු බවද නව ගැසට් නිවේදනයෙන් ලෝකයාට පෙන්වා තිබීම කණගාටුදායක ය.

විශේෂ ගැසට් නිවේදනය පහත දිගුවෙන් සම්පූර්ණයෙන්  කියැවිය හැකිය.

http://documents.gov.lk/files/egz/2017/6/2022-34_S.pdf      

---------------------------
by     (2017-06-10 09:57:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

How can we find a set of smart and genuine people to run this country? Should get rid of present and past set of jokers, idiots, murderers and robbers, a s a p
-- by B S Perera on 2017-06-10

Our government is like a school without a principal.
-- by Afzaal on 2017-06-10

සම්මුති ආණ්ඩුව ලෝකයට විහිළු සපයන අච්චාරුවක් ==================================== රට එක තැන පල්වෙන්නේ මේවා නිසා ය. ජනාධිපති සහ අගමැති දෙදෙනා මේවා තේරුම් නොගන්නා බව පමණක් නොව අසාර්ථක කළමණාකරුවන් දෙදෙනෙකු බවද නව ගැසට් නිවේදනයෙන් ලෝකයාට පෙන්වා තිබීම කණගාටුදායක ය.
-- by sobithawathara on 2017-06-10

එක එකා ඉල්ලලත් ආයතන ලබාගෙන තියෙනව, මේ අනිවාර්යෙන්ම හොරා කෑම සඳහාම නේද.....
-- by Ashan on 2017-06-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links