~

පෙරටුගාමී අතකොළු ම්ලේච්ඡ සිසුවෝ සංඝ රත්නයට කුණුහරුපෙන් බනිමින් ජපුර සරසවියේ පිරිත් පිංකමට පොලුවලින් පහර දෙති

වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියනි, ඔබට සතුටුයි ද දැන්?

(ලංකා ඊ නිව්ස් - 2017.ජූලි.03, පෙ.ව.4.00) ජපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ නිල සංගමය විසින් වාර්ෂිකව පවත්වන පිරිත් පිංකම මෙවරද ව්‍යවහාරික විද්‍යා පීඨ පරිශ්‍රය තුළ පසුගිය 30 වෙනි දින රාත්‍රී පැවැත්වීමට පියවර ගෙන තිබුණි. විශ්වවිද්‍යාල පාලනාධිකාරයේ පූර්ණ අවසරය සහිතව ප්‍රදේශයේ විහාරයන්හි සංඝයා වහන්සේලාගේ මූලිකත්වයෙන් පිරිත් පිංකම සිදුකරද්දී ඊට එරෙහි වූ පෙරටුගාමී ගැති වනචාරී ශිෂ්‍ය නායකයෝ එයට එරෙහිව වෙනමම ව්‍යාපෘතියක් දියත් කරමින් පැවතුණි. ඒ බැව් හෙළිදරව් වන්නේ මෙම වනචාරීන්ගේ මුහුණු පොත්වල “30 දින තමයි දිනය, එදාට අපි බලා ගනිමු“ ආදී ලෙස සඳහන් කර තිබීමෙනි. විද්‍යා සිසුවන් පිරිත් පිංකම යොදාගෙන තිබුනේ එදාටය.
 
පිරිත් පිංකම ආරම්භ කර මඳ වේලාවකින් සිසු නරුමයෝ පොලු මුගුරු රැගෙන පිරිත් පිංකම පැවති පරිශ්‍රයට කඩා පැන ඉතා ම්ලේච්ඡ ලෙස එහි සිටි සිසු සිසුවියනට ප්‍රහාර එල්ල කරද්දී පිරිත් සජ්ජායනාවට සහභාගි වී සිටි සංඝයා වහන්සේලා ඉතා කාරුණිකව “දරුවනේ ගැටලුවක් තිබේනම් එන්න අපි සාකච්ඡා කරමු“ යයි වදාරද්දී පෙරටුගාමී අන්තවාදීන් පුරුදු පුහුණු කළ ආකාරය ප්‍රදර්ශනය කරමින් මේ ම්ලේච්ඡ නිවට රැළ සංඝයා වහන්සේලාටද ඉතා නින්දිත ලෙස අපහාස, අවලාද නගමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් හැසිරුනේ තිරිසනුන්ටත් නිගා දෙමිනි.  පිරිත් දේශනාව නතර කරන තුරුම ඝෝෂා කරමින් හැසිරෙද්දී සංඝයා වහන්සේලා ප්‍රකාශ කළේ මොවුන් නම් “උගත් බුද්ධිමත් ළමුන් නොව නූගත් පාතාල පිරිසක්“  කියා ය.

මෙම සිසුන් මෙහෙය වනුයේ පෙරටුගාමී පක‍්ෂය විසින් බව මෙරට පමණක් නොව ලෝකයාම දන්නා කාරණාවකි. මෙම ම්ලේච්ඡ පහර දීම සිදුවන අවස්ථාවේ විශ්ව විද්‍යාලයේ විනය භාර ආචාර්යවරුන්ද ඇතුළු වග කිව යුතු බලධාරීන් ද පහරදීම නතර කරන්නට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. ඔවුහුද මේ පෙරටුගාමීන්ගේ දේශපාලනයට අනූකූලතා දක්වන බව පෙණින.

මෙම ගැටුම සිසු දෙපිරිසක් අතර සිදුවූවක් බව මාධ්‍ය මගින් ප්‍රකාශ කලද සත්‍ය ලෙසටම සිදුවූයේ නරුම පෙරටුගාමී දේශපාලන ම්ලේච්ඡයන් පිරිසක්, තම පාඩුවේ පිරිත් පිංකමට සහභාගි වූ සිසු පිරිසකට ඉවක් බවක් නැතිව අතින් පයින් පමණක් නොව පොලු වලින්ද පහර දීමය. මෙහි වටිනාම සාක‍්ෂි කරුවන් වනුයේ එහි වැඩ සිටි සංඝයා වහන්සේලාය. 

එක් අවස්ථාවක එම ස්ථානයට පැමිණි උපකුලපතිවරයා ප්‍රකාශ කළේ “දෙගොල්ලම අතර වැරදි ඇති. එනිසා ආයතනයට කැළලක් නොකර ගොඩින් බේරා ගත යුතු“ බවය. එවිට එහි වැඩ සිටි සංඝයා වහන්සේලා ප්‍රකාශ කළේ “දෙගොල්ලන්ගෙ කියල කතාවක් නැහැ. සංසුන්ව පිරිත් ශ්‍රවණය කරමින් සිටි පිරිස වෙත කඩා පැන්න මුහුණු ආවරණය කරගත් පිරිසක් ඉතා අමානුෂික ලෙස පොලූවලින් පහර දුන්නා“  කියා ය. උපකුලපති වරයා සැරසුනේ දැනටමත් ආයතනයේ නමට පමණක් නොව හමටද දැලි ගා ඇති මෙම ම්ලේච්ඡයන් රැකගැනීමටද? කළ යුත්තේ විශ්වවිද්‍යාල පද්ධතියටම පිළිලයක් වී ඇති මේ අමන දේශපාලන වහලුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමය. මහජනතාවගේ බදු මුදලින් මෙවැනි වනචරයන් බිහිකරන්නේ අහවල් මගුලකට ද? අතීතයේදී මෙම ගමේම පදිංචි කරුවකු වූ රැග් විරෝධී සමන්ත ශිෂ්‍යයා විශ්ව විද්‍යාලය තුළදීම පහර දී මරා දැමූ බව මෙම කුලපතිවරයා නොදැන සිටීමට තරම් බබෙක් ද?

මහින්ද බලයට පත්කිරීමට පසුගිය මැතිවරණයේදී ප්‍රසිද්ධියේ වේදිකාවට ගොඩවී රජයේ වාහිනී වල රාජපක‍්ෂ ව්‍යාපෘති වන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ගැන වර්ණනාත්මක දේශනා කළ මෙම උපකුලපතිවරයා අනෙකුත් නිසි සුදුස්සන් කපාගෙන මෙම තනතුරට පත් වූ අයෙකි. මොහු නිසා උපකුලපති ධූරය නොලබා අසාධාරණට ලක් වූ මොහාන් සිල්වාට යහපාලන රජය සාධාරණත්වය ලබා දුන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති තණතුර පිරිනැමීමෙනි. රාජපක‍්ෂ ගැති වත්මන් උපකුලපති වරයාගේ යටි අරමුණ ඒකාබද්ධ විපක‍්ෂයේ අරමුණම ද යන්න සැක සහිතය. රාජ්‍ය විරෝධී සදාචාර විරෝධී බලවේග ආයතනය තුළ හුරතල් කරන්නේ ඒ නිසා නොවේද? 

වරක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර පාලකයකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දුන් සිසුවකුට එරෙහිව කරන ලද සාක‍්ෂි සහිත පැමිණිල්ල නොසලකා හැරිය මොහු පසුව එම සිසුවාට විනය පියවර ගැනීමට පරීක‍්ෂණයක් ආරම්භ කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙන විටදී ය. පසුව හෙළි වූයේ උපකුලපතිවරයා ආරක‍්ෂා කර ඇති එම සිසුවා වෙනත් සිද්ධියකට දඬුවම් ලබා විශ්ව විද්‍යාල භූමිය තහනම්ව සිටි අයෙකු බවයි. 

ජ‘පුර තුළ ආපනශාලා 13 ක් පිහිටා ඇති අතර මෙම සෑම ආපනශාලාවක්ම වරින්වර කඩා බිඳ භාණ්ඩ සොරකම් කිරීම සාමාන්‍ය ක්‍රියාවක් වී ඇත. විශ්වවිද්‍යාලයට අනුයුක්ත ආරක‍්ෂක නිළධාරි පිරිසක් මෙන්ම පෞද්ගලික ආරක‍්ෂක නිළධාරින්ද සේවයේ යොදවා තිබුනද මෙම සැහැසි සිසු පිරිස රිසි සේ මේ මංකොල්ල කෑම් සිදු කරමින් සිටිති. පාලනාධිකාරයේ ඇති නිවට නෝන්ජල් ක්‍රියාකලාපය මැර සිසුන්ට වෙස්වලාගත් ආශීර්වාදයකි. 

පාලනාධිකාරය අඳ ගොලු බිහිරන්ගේ චරිත රඟපාද්දී අහිංසක අසරණ නවක සිසුන් බියවද්දා මෙම වනචර කණ්ඩායම්වල දේශපාලන අභිලාෂයන් උදෙසා පාරක් පාරක් ගානේ දක්කමින් තම දේශපාලුවන්ගේ බල තණ්හාවන් සහ කොන්තරාත්තු පිරිමැසීමට ගන්නා තිරිසන් උත්සාහයට දැන්වත් සැබෑ සිසු දෙමාපියන් එරෙහි විය යුතුය. මොවුන්ගේ සැඟවුන දේශපාලන අරමුණු උදෙසා ඔවුනට අදාල නොවන කුමක් හෝ ගැටළුවක් ඉස්මත්තට ගෙන සටන් කිරීම මොවුන්ගේ දේශපාලන සූත්තරයයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මරාගෙන මැරෙන GMOA  කාරයන් රෝගීන්ගේ ඉතිරිව ඇති ලේ කඳුල පවා උරා බොන පෞද්ගලික චැනල් සේවය, මේ මහා ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගම්වලට ගැටළුවක් වී නොමැත. මොවුන් දෙකොට්ඨාශයම තලගොයා කරගෙන කබරගොයා ගිලදැමීම කරනුයේ විලිලැජ්ජාවකින් තොරවය. 

අමන තිරිසන් මදාවි ක්‍රියාවන් කරමින් බෝධිසත්ත්වයන් ලෙස ගෙම්බන්පිල පන්නයේ මාධ්‍ය හමු පවත්වන පෙරටුගාමී ගැති වහල් වහන්තරයේ සිසුවෝ පවසනුයේ අරාබි නිසොල්ලාසයේවත් නැති චේතිය ඝණයේ කෙප්පය. මෙම වනචාරී සිසු සංගමයට එරෙහිව රජය විසින් වෙනත් සංගමයක් පිහිටුවීමට කටයුතු කරන නිසා මෙම ගැටුම ඇති වූවා යැයි මොව්හු පවසති. සංඝයාවහන්සේලා ගේ සහභාගිත්වයෙන් සිදු කළ පිරිත් පිංකමකට මෙවැනි අර්ථ කථනයක් දෙන්නේ මුන්ගේ අමනකමට වඩා මුන් මෙහෙයවන පෙරටුගාමීන්ගේ අමනකමය. අනෙක් අතට කුමන හෝ සංගමයක් පිහිටුවීමට එරෙහිවන්නේ මුහුණු ආවරණය කර පොලූ මුගුරු රැගෙන පහර දීමෙන් ද? දෙවතාවක් මේ රට ලේ විලක් කර බලයට පැමිණීමට මාන බැලූ ජේවීපී කාරයන්ගේ පරණ අඩි පාරේ යන පෙරටුගාමීන් සිතනුයේ පරණ අන්තවාදී මාවත නිවැරදි බවය. මේ ලියුම්කරු පෞද්ගලිකවම මැදිහත්ව සොයාගත් කරුණු අනුව ඇත්තම කතාව නම් අමාණුෂිකව පහර කෑමට ලක්වූ සිසු පිරිස කරන එකම වැරැද්ද ඔවුන් රැග් විරෝධීන් වීමත්, දැන් පවතින ව්‍යාජ සිසු උද්ඝෝෂණ වලට සහභාගි නොවී දේශනවලට සහභාගි වීමත්ය.
 

ඒකාබද්ධයේ කොන්තරාත්තුව ඉටුකරන GMOA  නඩය ටයි කෝට් පැළඳ පාරදිගේ රස්තියාදු වී කඳුළු, වතුර පහරට ලක්වෙනවාට වඩා වායුසමීකරණ කාමර තුළ පොල්  කැඩීම සුවදායක මෙන්ම වාසිදායක බව දනී. නමුදු වනචර දශකයෙන් ගත් ණය පියවීමට රාජපක‍්ෂ වන්දනාවද කළ යුතුය. ඒ සඳහා ශිෂ්‍ය සංගම් බළල් අත් භාවිතා කරති. මේ වනවිට මෙම GMOA ජොස්තරලාගේ ප්‍රාර්ථනාවන් ඉටුකිරීමට උපවාස සිදුකරණ සිසු දෙමාපියන් පළමුව කළ යුත්තේ තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදෙමින් මහපාරවල දක්කා ප්‍රහාරයට ලක්කරන දේශපාලන අනාථයින්ට සහ ඔවුන්ගේ වහල් ගැත්තන් සිදුකරණ අමන නවක වදයට එරෙහිව වීදි බැසීමය; සත්‍යක්‍රියා කිරීමය. එයට හොඳටම හේතු සාධක දෙමාපියන්ට ඇත. එනම් සටන් මෙහෙයවන GMOA ජොස්තරලා පාරවල් දිගේ රස්තියාදු වන්නේ නැත. ඒ නිසාම ප්‍රහාරයට ලක්වන්නේද නැත. වෛද්‍ය සිසුන් වර්ජනය කරද්දී GMOA ජොස්තරලා පෞද්ගලික චැනල් සේවාව අපූරුවට කරගෙන සිටිති. සිසුන්ට නිදහස් අධ්‍යාපනය රැකගැනීමට සටන් කරන්නට පවරා නිදහස් අධ්‍යාපනයෙන් උගත් ඔවුන් පෞද්ගලික චැනල් කරති. අඩු ලකුණු මට්ටමින් දුෂ්කර පලාත්වලින් දොස්තරකම් ලැබූ තම උසස් පෙළ ප්‍රතිඵල පවා අමතක ජොස්තරලා තම දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා, තීරුබදු රහිත වාහන ඉල්ලා, බදුවලින් නිදහස් කරන ලෙස  ඉල්ලා වර්ජනය කරනුයේ අසරණ රෝගීන් බිල්ලට දෙමිනි. එමෙන්ම තමන්ගේ සටනකට අනෙකුත් වෘත්තීන්ගෙන් සහය ඉල්ලන මෙම GMOA  ජොස්තරලා සෞඛ්‍ය සේවයේම අනෙකුත් වෘත්තිකයන්ට ඉතිහාසය පුරාම සලකනුයේ ඉතා අමානුෂික සහ අශිෂ්ට ලෙසය.
 
ඇත්තටම වෛද්‍ය සිසුන්ට සිදුව ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නටය. GMOA  ජොස්තරලා තමන්ගේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් වෛද්‍ය සිසුන් පටලවා ගෙන ඇත. එය හරියට නම් අනුන්ගේ මල මිනියක් බලෙන් අරගෙන බූරු ගහනවා වගේය. බූරු කාරයනුත් තෝන් කාරයාත් මිනිය වළලන්න දෙන්නේම නැත. මිනියේ සැබෑ අයිතිකරුවන් සදා අනාථය. වෛද්‍ය සිසුන් පංති වර්ජනය කරද්දී GMOA ජොස්තරලා චැනල්වලින් තරවෙති.  තකට තක ‘මෙම මදාවි සරසවි සිසුන්‘ සමාජයේ උගත් බුද්ධිමත්ම පිරිස යයි වරදවා සිතීම වරදකි.  සැබෑවටම ඔය පෙළපාලි යන්නේ අන්ත දුෂ්කර පළාත්වලින් අඩුම ලකුණු මට්ටමින් පැමිණ කලා විෂයයන් හදාරන පිරිසකි. පෙළපාලිවලදී ගුටිකන සිසුන් අතර එකදු වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ නැත්තේ එබැවිනි.
 
යහපාලනය යනු කුමක්ද? වහ වහා අප තේරුම් කරගත යුතුය. හුදී ජනයාට දෛනික වැඩ කටයුතු කරගැනීමට බාධා වන මහා මාර්ග අවහිර කිරීම්, රෝගීන් මරා දමන වැඩ වර්ජන, කැස්සට උණට පාරවල් වසා උද්ඝෝෂණ කරන ක්‍රියාවන් වහා අවසන් විය යුතුය. සිසුන් මහ මගට බස්සවා ඔවුන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කරන පරාජිත දේශපාලුවන්ගේ අභිමතයට ඉඩදී විශ්ව විද්‍යාල පරිපාලනය නිදි වදිද්දී යහපාලන රජයක් එසේ විය යුතු නැත.  අමානුෂික GMOA  ජොස්තරලාට එරෙහිව අභීතව නැගී සිටින රාජිත සෞඛ්‍ය ඇමති ගැන ප්‍රශංසා කරන අතර උසස් අධ්‍යාපන ඇමති තනතුර එස්. බී. ට පවරා මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් දීමට කාලය පැමිණ ඇතැයි සිතමු. මන්ද ඔහුගේ කාලයේ විශ්වවිද්‍යාල නවකවදය ඉතාමත් සාර්ථක ලෙස අවම තත්ත්වයට ගෙන ඒම ජනතා සිත් තුළ තවමත් සනිටුහන් වී තිබීම නිසාය. 

(මෙහි භාවිත කාටූනයේ අයිතිය අවන්ත ආටිගල මහතා සතුය)

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2017-07-03 21:59:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

“Japura” VC kageth hurathaleki.
-- by Sham on 2017-07-03

වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියනි, ඔබට සතුටුයි ද දැන්?
-- by Senevi on 2017-07-03

උපාදිය කර අවසන් වන තුරු සියලු විශ්ව විද්‍යාලතුල දේශපාලනය වහාම තහනම් කරපියව් !!! දේශනා වලට නොඑන එඋන්ගෙන් මුදල් අය කර වන්දි දඩ ගසපියව් !!! දේශනා වලට නොඑන එඋන් ඉවත් කර, එගේනිමට උවමනා උන්ට අවස්ථාව දීපියව් !!! මේ වල්බුරු නිදහස නිසා මේ තුප්පහියන්ට රටම විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය !!! හොඳින් බැරිනම් නරකින් මුන් කරන විනාසය නවත්තපියව් !!!.
-- by OBE on 2017-07-03

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links