~

ලැබ් රිපෝට් පිළිගන්න රු.75000 ක් අල්ලස් ගත් කුලියාපිටියේ විශේෂඥ ජොස්තර තෙන්නකෝන්වෙල සහ හෙංචා රිමාන්ඩ්..! ප්‍රමිතියෙන් ඉහළයි..!

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.04,  ප.ව‍‍‍‍‍‍.10.00) ප්‍රමිතියෙන් ඉහළ යැයි කියන විශේෂඥ ජොස්තරයෙකු රුපියල් 75000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හසුවීමෙන් පසු අත් අඩංගුවට රැගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. ඔහු සමග අල්ලස් ලබා ගැනීමට හවුල් වූ අයෙකුද හසුවිය.

මේ විශේෂඥ ජොස්තරයා කුලියාපිටිය මූලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල නමැත්තෙකි. ඔහුගේ හවුල්කරුවා ජෝන් මරියදාස් නිකලස් නමැති පුද්ගලික අංශයේ සේවකයෙකි. 

ප්‍රදේශයේ තිබෙන ‘සත්සුවය‘ නමැති වෛද්‍ය පරීක්ෂණාගාරයෙන් නිකුත් කරන පරීක්ෂණ වාර්තා පිළිගැනීම සඳහා මොහු රු.75000 ක අල්ලස් මුදල ලබාගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලදී. මීට පෙරද සත්සුවය පරීක්ෂණාගාරයේ වාර්තා පිලිගැනීම සඳහා මසකට රුපියල් 25000 බැගින් මොහුට අල්ලස් ලබා දී තිබේ. මුදල් නොදෙන්නේ නම් කෙතරම් නිවැරදි වාර්තාවක් වුවද මොහු විසින් ප්‍රතික්ෂේප කරන්නේ ය. රු. 25000 අල්ලස් මුදල මොහු විසින් එක්වරම රුපියල් 75000 දක්වා වැඩි කර ඇත. මේ විශේෂඥ ජොස්තරයාගේ අල්ලස් ගැනීම සඳහා උදව් කර ඇත්තේ වෙනත් පුද්ගලික ලැබ් එකක තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කරන ජෝන් මරියදාස් නිකලස් විසිනි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලද මේ නීච විශේෂඥයා සහ හෙංචා ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළහ.

දෙවිවරුන් සේ පෙනී සිටින වෛද්‍යවරුන් මිනීමෝරුන් බවට පත්ව තිබෙන අයුරු මෙම සිද්ධියෙන් අපූරුවට තහවුරු වේ.

---------------------------
by     (2017-07-04 16:42:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

මේ සිරි ලංකාවේ සුර සැප විදින කවුරැත් මෙහෙම තමයි. වෙනස වන්නේ අහුවෙන්නේ ටිකක් වීමයි.
-- by Raja on 2017-07-04

There was a specialist doctor called Tennakonwela in Sri Lanka. He was arrested by Kohuwala police accused of raping the wife of a lorry driver. She had gone to his clinic opposite Kalobowila hospital while he was working at Kalobowila. Hospital. It is also said he was deported or sent back to SL from Australia over a woman's issue. Pl check if this is the same criminal ' doctor'
-- by Shan Senanayake on 2017-07-04

If this is the same doctor .....all Sri Lankan doctors, GMOA, Sri Lanka Medical Council, lawyers, Judges and Sri Lankan Courts know about him. For some reason he is still in government medical service like many other criminals in govt service in SL.
-- by Shan Senanayake on 2017-07-04

මේ යකා බඳින්න ගැහැණු කෙනෙක් හොයනවා කියලා වෙන නමකින් පත්තරේ දැන්වීම් දාලා කාන්තාවෝ අමාරුවේ දාපු එකෙක්. ඒ කේස් එක නෙත් එෆ් එම් බැලුම්ගල වැඩ සටහනේ මුගේ වීඩියෝ එක්ක ගියා අවුරුද්දකට පමණ කලින්. ශාන් සේනානායක කියා ඇති පරිදි මුගේ ගෙවල් කොහුවල තමා.
-- by nihal on 2017-07-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links