~

ලෝක පූජිත දඹුලු විහාරයේ විනාශ වන පිළිම සහ චිත්‍ර සංරක්ෂණයට ලෝකයේ දක්ෂම මොළකාරයෝ ඉදිරිපත් වෙද්දී ඊට විරුද්ධ වන මෝඩ තකතීරුවෝ කව්ද? මෙන්න ඇත්ත..!

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.12,  පෙ.ව‍‍‍‍‍‍‍.7.25) එක පන්සලකට පමණක් අයත් නොවන එක ආගමකට පමණක් අයත් නොවන සමස්ථ ශ්‍රී ලාංකික ජාතියටම අයත් ලෝක පූජිත යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සලකා සංරක්ෂණය කරන දඹුලු විහාරයේ පුරාවස්තු දැඩි සේ විනාශ මුඛයට ගමන් කරමින් තිබියදී ඒවා සංරක්ෂණය කිරීමට එම පන්සලේ නායක හිමියන් සමග ගණින්නාන්සේලා කිහිප දෙනෙකු විරුද්ධ වී තිබේ. ඊටම උඩ ගෙඩි දෙමින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සුදු බංඩා දිසානායකද කැබිනට් සාමූහික වගකීම අතහැර ගොබ්බ කතා ප්‍රකාශ කර තිබේ. 

වසර 20 ක් පුරා රුපියල් කෝටි දහසකට අධික මුදලක් ගසා කෑ නමුත් දඹුලු විහාරයේ වටිනා පුරාවස්තු ආරක්ෂා කිරීමට සත පහක මුදලක් වෙන් කෙළේ නැතැයිද ඒවා විනාශ වෙමින් පවතින බවද වහාම ඒවා රැක ගන්නට පෙරමුණ ගන්නැයිද පළමුවෙන්ම ලිඛිතව රජයෙන් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ වත්මන් විහාරාමාධිපති මංගල හිමියන්ම ය. ඒ ඒ වන විට විහාරාමාධිපති ධූරය දැරූ ඉනාමළුවේ සුමංගල හිමියන්ට එරෙහිව ය. පසුව මංගල හිමියන් විහාරාමාධිපති වූ පසු ඉනාමළුවේට ලැබුණු කෝටි ගණනක මුදල තමන්ට ගසා කෑමට ලැබුණු බැවින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වී පුරා වස්තු සංරක්ෂණය කරනවාට විරුද්ධ විය.  

තමන්ගේම පන්සලේ බුදු පිළිමය කඩා, දාගැබ හාරා නිධන් හාරන විහාරාමාධිපති ඝණයන් සිටින රටේ මේවා පුදුම විය යුතු දේ නොවුනද දඹුලු විහාරාමාධිපති මංගල හිමි සහ ගණින්නාන්සේලා දැන් ප්‍රචාරය කෙරෙන අසත්‍යය ගැන සැබෑ සත්‍ය ජනතාවට හෙළි කළ යුතුය. ඒ මෙසේය.

රටේ පුරාවිද්‍යා වස්තු රැක ගැනීමට ඒ සම්බන්ධයෙන් සිටින විද්වත්ම මණ්ඩලය යනු එක් මහානායක කෙනෙකු හෝ එක් විහාරාමාධිපති කෙනෙකු පමණක් නොව ජාතික පුරා විද්‍යා උපදේශණ මණ්ඩලය යි.

එම පුරා විද්‍යා උපදේශණ මණ්ඩලය මෙසේය.  

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පුජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, වාස්තු විද්‍යාඥ මහාචාර්ය වෙරන්ජන් කුරුකුලසූරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල, යුනෙස්කෝ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ කරුණාරත්න හේරත්,  යන පිරිස ය. ඉහත කී පිරිස මේ විෂය සම්බන්ධයෙන් මේ රටේ සිටින විද්වත්ම පිරිස බවත් ඔවුන් මේ රටට සැබැවින්ම ආදරේ පිරිසක් මිස දේශද්‍රෝහීන් නොවන බවත් ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගන්නවා ඇත. 

මේ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය පසුගිය 10 වෙනිසා පස්වරුවේ  විෂය බාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දියත්කර ඇති ව්‍යාපෘති සම්බන්ධව ඉතා දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ. එහිදී මේ දිනවල ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් සහ පිළිමවහන්සේ විනාශ වී යාම පිළිබඳව මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානයට ලක්වූ අතර, දේශීය සහ විදේශීය විද්වතුන් ඉදිරිපත්කර ඇති වාර්තාද මෙහිදී විද්වත් සභාවේ සාකච්ඡාවට බඳුන් විය.

විශේෂඥ වාර්තා මෙලෙසය.

* රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ UNESCO සංවිධානය ලබාදී ඇති නිර්දේශ, 
* පුරා  විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මහතාගේ වාර්තාව, 
* මෙරට පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් මෙහිදී දීර්ඝ වශයෙන් අවධානයට ලක්විය. 

ඒ අනුව දැඩි ලෙස විනාශ වී යාමේ අවධානමට ලක්ව ඇති ලෝක උරුම රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව  සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරිණ. ඒ සඳහා දෙස් විදෙස් සංරක්ෂණ විශේෂඥයින්ගේ උපරිම දායකත්වය ලබාගැනීමටත් සිතුවම් සහ පිළිම පිළිබඳ නැවත කරුණු විමර්ශනය කිරීම සඳහාත් දේශීය සහ විදේශීය තාක්ෂණය උපයෝගී කර ගනිමින් සංරක්ෂණ කටයුතු දියත් කිරීමටත් ඒකමතිකව තීරණය කෙරිණ.

එමෙන්ම මෙහිදී ඉදිරිපත් වූ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් ලෙන් විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛ තාවයන් අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකුල ලෙස සංරක්ෂණය කිරීමටත් එසේම මුලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සදහා දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබිය යුතු බවටත් අදාල උපදේශන මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය. පසුව එක් එක් ලෙස සංරක්ෂණය කරද්දී ඒ ලෙන වසා තබා අනෙක් ලෙන් පියවරෙන් පියවර ජනතාවට විවෘත කිරීමටත් ඒ අතර වාරයේදී ආගමික පුද පූජාවන් සඳහා කිසිදු බාධාවක් ඇති නොවීමට කටයුතු කළ හැකි බවත් උපදේශන මණ්ඩලයේ තීරණය විණ.

 ඒ අනුව මේ කාලය තුල,

1.     පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතු සිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුල්ල විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු සදහා පුර්ණ වශයෙන් යෙදවීම.

2.     බිතු සිතුවම් සංරක්ෂණය සඳහා ප්‍රවීණතාවයක් උසුලන සියලුම සංරක්ෂණ විශේෂඥයින් හට ආරාධනා කර සංරක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම.

3.     දඹුල්ල විහාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය දෛනිකව මැන ගැනීම සඳහා නිශ්චිත කාලයක් තුලදී අර්ද්‍රතාමාන සවි කිරීමට කටයුතුකරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.

4.     දඹුල්ල විහාරයේ දොරටු වලින් කුඹලුන් හා වෙනත් කෘමින් ඇතුල් වීම වැලැක්වීම සඳහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.

5.     දඹුල්ල විහාරයේ ලෙන් තුල එක්වරකට සිටිය හැකි ආගන්තුකයින් සංඛ්‍යාව ගණනය කර එය පාලනය කිරීම සඳහා ස්වයංක්‍රිය දොරටු සවි කිරීම. මන්ද යත් නරඹන්නන්ගේ ප්‍රමාණය අනුව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වෙනස් වන බැවින් එය ලෙන් චිත්‍ර වලට බලපාන බැවිනි. 

6.     දඹුලු විහාරය තුල ක්‍රමවත් ආලෝක පද්ධතියක් සවි කිරීම.

7.     දඹුල්ල විහාරය තුල ක්‍රමවත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම.    

8. මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීම 

මීට අමතරව රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවිකිරීමේ කටයුත්ත පුරාවස්තු ආඥා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත සහ විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල උපයෝගී කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකිරීමටත් පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කරනු ලැබීය. 

වැදගත්ම දේ නම් මේ තීරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට දඹුලු  විහාර පාර්ශවයේ ස්වාමින්වන්සේලා සමග සාකච්ඡා කර කටයුතු කළ බවත් එහිදී  විහාරයේ කටයුතු සදහා අවශ්‍ය මුදල් දඹුලු ලෙන් විහාරයේ ටිකට් පත් අලෙවියෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදලින් වෙන් කිරීමටද තීරණය කෙරිණ

මෙම උපදේශන සභාව මෙහිදී තවත් වැදගත් තීරණ රැසක් ගත්තේය. එකක් නම්  නැගෙනහිර පුරාවිද්‍යා භුමි නිරවුල් කිරීම සදහා වේගවත්ව මැදිහත් විය යුතු බවත්, එහිදී විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පෞරාණික ආගමික සිද්ධස්ථාන වල මායිම් පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව තහවුරු කිරීමට වේගවත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවටත් තීරණය කෙරිණ.  

ථෙරවාදී බෞද්ධ රටවල් ත්‍රිකෝණයක්

අනෙක නම් මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන ථෙරවාදී බෞද්ධ රටවල් 3  එකිනෙක සම්බන්ධ කරමින් ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීම පිළිබඳව එම රාජ්‍යයන්හි තානාපති  කාර්යාල සමග සාකච්ඡා කර ඉදිරි වැඩසටහනක් සකස් කළ යුතු බවයි. 

තීරණයක් පමණක් ගෙන එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන දඹුලු විහාරාමාධිපති වහන්සේලා සමග සාකච්ඡා කිරීමට දින යොදා ගෙන තිබි නමුත් “දඹුලු ලෙන් විහාරය දින නියමයක් නොමැතිව වසා දැමේ” යනුවෙන් කඩා කප්පල් කාරී මාධ්‍ය විසින් නොමග යවන සුළු පුවතක් පළ කිරීම නිසා ‘සල්ලි සල්ලි කියමින් ඇඬීම සඳහා ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු බලා සිටි ගණින්නාන්සේලාට පල්ලමක් ලැබී ඊයේ විරෝධතාව පළ කර තිබිණ. සත්‍ය වශයෙන්ම මොවුන් විරුද්ධ වන්නේ ජාතික උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් ද වන දඹුලු පුරා වස්තු සංරක්ෂනයට ය. සුදු බංඩා තප්පුලෑවේද එක්කෝ කරුණු නොදැන ය. නැතිනම් සහජාසයෙන්ම ගෙනා තක්කඩි කමටය.
 
පුරා විද්‍යා උපදේශන මණ්ඩලය විසින් දඹුලු ලෙන් විහාරය කඩිනමින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් නැවත දන්වන තුරු තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීම උචිත බව ඒකමතිකව තීරණය කරන ලදැයි මාධ්‍ය නිවේදනයක් ආණ්ඩුවෙන් නිකුත් කළ නමුත් ඉන් අවධාරණය කර තිබුනේ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් එළඹි තීරණ සම්බන්ධව පමණී. තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම යනු කාරණා දෙකකි. එසේම පුරා විද්‍යා උපදේශන මණ්ඩලය විසින් ගනු ලැබූ දඹුලු ලෙන් විහාරය සංචාරකයින් සඳහා වසා දැමීමේ තීරණය මේ දක්වා ක්‍රියාත්මක කර ද නොමැත.

එමෙන්ම විදේශ සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා පුරා වස්තු ආඥාපනත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත සහ විහාර දේවාලගම් පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල අනුව එම වගකීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කරන ලදී. එමෙන්ම පුරා විද්‍යා උපදේශක මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණ පිළිබඳව දඹුලු විහාර පාර්ශවය දැනුවත් කිරීම සහ පුරා විද්‍යා උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ සමග අදාළ තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමේ කටයුත්ත හැකි ඉක්මනින් සම්බන්ධීකරණය කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතාට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පවරන ද ලදී. ඒ අනුව නුදුරු දිනක දී  පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡා කොට පවත්නා නෛතික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රමුඛ අවශ්‍යතාවන් පිළිබඳව ද අවධානය යොමු කරමින් පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවසන් එකඟතාවට එළැඹීමට හැකි වනු ඇත.

රංගිරි දඹුලු විහාර සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව සිදු කළ යුතුය. එමෙන්ම මෙරට බෞද්ධ ජනතාව සතු සුවිශේෂී ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය සංරක්ෂණය කිරීම සඳහා රජය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ සද්භාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් එය බෞද්ධ උරුමය සුරකින කිසිවෙකුගේ හෝ දෝෂාදර්ශනයට ලක්විය නොහැකිය.

මඩ කාගෙන හෝ නිවැරදි වැඩට නිවැරදි ප්‍රවේශයකින් (කොමිස් ගැන නොතකා) අතගහන අකිල විරාජ් තරුණ දේශපාලකයාගේ වෑයම අගය කළ යුතුය.

---------------------------
by     (2017-07-12 02:24:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Well Done Akila, we are fully Support You, That Bloody Shit , S.B. [ Corrupted , Kusanthika- Gam-Kabaraya ] who defeated by the last Election showed His Foolish attitude . The President responsible for this situation. Very unfortunate! Anyway keep it up " Akila ".
-- by Bandula on 2017-07-12

apoi may sangala gananam katha karala wadak na peredath akak hiray giyay blue films balala balawayas kara lamai amaruway dala kawda (hinatiyana samitha) maha lokuwata siwru dan innay...
-- by magni on 2017-07-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links