(ලංකා ඊ නිව්ස් -2014.සැප්.09, ප.ව.4.30) මොණරාගල හොරොම්බුව හංදිය ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වූ සරසවි සිසුන් හතර දෙනෙකුට අද (සැප්. 8) පෙරවරු 6.30 ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි කණ්ඩායම් විසින් පහර දී එක් සිසුවෙකු පැහරගෙන ඇත. පැහැරගත් සිසුවාට පහරදී තුවාල සිදු කොට මග දමා ගොස් ඇත. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඩී ආර් එල් දේවප්‍රිය, කේ රශ්මි උදීප පෙරෙරා, වී ඒ බුද්ධික දේශප්‍රිය, කේ එන් විශ්වනාත් යන සිව් දෙනාය. මෙලෙස පහර කෑමට ලක්වු සිසුන් කැළණිය, සබරගමුව සහ විවෘත විශ්ව විද්‍යාල වල සිසුන් බව අණාවරණය වී
තිබේ.
අංක තහඩු රහිත වාහන වලින් පැමිණ මැතිවරණ කාර්යාල කඩා බිද දමන කණ්ඩායම විසින් මොණරාගල දී සිදු කළ පළමු පුද්ගල පැහැරගැනීම සහ බරපතල තුවාල සිදු කළ පහරදීම මෙයයි.
ජවිපෙ හි මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක පල්ලියගුරුගේ විජේසිරි ගේ නිවසේ මෙම සරසවි සිසුන් නැවතී සිටි ඇත. අලුයම මුහුණ සෝදන්නට එම නිවස ඉදිරිපිට පිහිටි නළ ලිදට සිසුන් සිව්දෙනා ගිය විට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. සිසුන් සිව් දෙනාට පොළුවලින් පහරදී ඇති අතර පැහැර ගෙන ගිය සිසුවාගේ බෙල්ල, අත සහ ඔලුවේ තුවාල ඇත.
ජවිපෙ අපේක්ෂක පල්ලියගුරුගේ මහතා ගේ නිවසට මෙයට පෙර ද ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි තැබීමක් ද සිදු විය. ඔහුගේ කටවුට් සියල්ල ද මෙයට පෙර අංක තහඩු රහිත වාහන වලින් පැමිණි පිරිසක් විසින් ගිණි තබා තිබුණි. දිගින් දිගටම ජවිපෙ ඉලක්ක කොට එල්ල වු ප්‍රහාරයන්ගෙන් පසුව කුඩා රුස්වීම් ඇමතීම සදහා සරසවි සිසුන් සියයකට වැඩි ප්‍රමාණයක් මේ විට මොණරාගලට පැමිණ සිටී. ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇත්තේ කුඩා රැස්වීම් අමතන සහ නිවසෙන් නිවසට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කරන එවැනි සිසුන් ය.
මොණරාගල - වැල්ලවාය මාර්ගයේ කි.මි. 5 ක් පමණ දුරින් පිහිටි, මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට මීටර් 50 ක් දුරින් පොලිස් තාවකාලික මාර්ග බාධකයක් ද යොදා ඇත. ප්‍රහාරය එල්ල වන විට පොලීසිය එම ස්ථානයේ සිටි නමුත් ප්‍රහාරයකයන් පැමිණි අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ රථය නැවැත්වීමට ඔවුන් කටයුතු යෙදා නොමැත. හමුදා සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බැවින් මොණරාගල ට මේ වන විට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත.
මේ අතර අද 7 ට උදෑසන මොණරාගල සිරිගල දී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ජවිපෙ ආධාරකරුවන් සිව්දෙනකුට පහරදී ඇති අතර මෙම පිරිස මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකි.
---------------------------
by (2014-09-09 12:16:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි