~

ජර්මන් ටෙක්හි ‘ගල් ටික්කා‘..! ජර්මන් ටෙක් විදුහල්පති කරුණාරත්න සිසුවෙකු ලිංගිකව අපයෝජනය කරන හැටි (Video හෙලිදරව්ව)

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.02,  පෙ.ව‍‍‍‍‍.11.00) ආණ්ඩුව වෛද්‍ය විද්‍යාල වලට ප්‍රමිතියක් සකස් කරද්දී මෙතෙක් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ජර්මන් ටෙක් හි විදුහල්පති ශාන්ත කරුණාරත්න නමැති විකෘති කාමාශාවන්ගෙන් පීඩිත මානසික රෝගියා සිසුන් විභාග වලින් සමත් කිරීම සඳහා සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් තම කාමාශාවන් සංසිඳවා ගැනීමේ නීච සිද්ධියක් ශිෂ්ඨාචාරගත මහජනතාව වෙත වීඩියෝ සාක්කි සහිතව මෙසේ හෙළිදරව් කරමු.  

මොහු දිගුකලක් මේ නීච ක්‍රියාව සිදුකරගෙන ගිය නමුදු කිසිවෙකු ඔහුට එරෙහිව නැගී සිට නැත. ශාන්ත කරුණාරත්නගේ ලිංගික පීඩාවට ලක් වූ අහිංසක සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය අතරමග නතර කර දමා ජර්මන් ටෙක් වෙතින් පලා ගොස් තිබියදී එක් සිසුවෙකු මේ අසාධාරණයට එරෙහිව බුද්ධිමත්ව නැගී සිටියේ ය. 

ඔහු කොළඹ තදාසන්නයේ පදිංචි සිසුවෙකු වන අතර ඔහු විභාගයේ විෂයන් කිහිපයකින් අසමත් කර ඒ විෂයන් සමත් කර දීම සඳහා විදුහල්පති ශාන්ත කරුණාරත්න නීචයා දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා තිබේ. එවන් අවස්ථාවක පෙර සූදානම් සහිතව නීචයා හෙළිදරව් කිරීම සඳහා රහසිගත වීඩියෝ කැමරාවක්ද සහිතව ගිය සිසුවා ශාන්ත කරුණාරත්නගේ ජඩ, නීච, පාහර, තුච්ඡ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කරන ලද්දේ ය. මෙහි දැක්වෙන්නේ එම දීර්ඝ වීඩියෝවෙන් විනාඩි 4 ක පමණ කොටසකි. මේ සම්බන්ධයෙන් පටිගත කරන ලද හඬ පට රාශියකි. 

මේ සාක්ෂි සියල්ල එකතු කරමින් වින්දිත සිසුවා ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලද අතර අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිල්ලක් ගොනු කෙළේය. 

පොලිසියේ පැමිණිල්ල පමණක් පිටු 13 කින් සමන්විත වුවද පොලිසිය මේ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ඒ සියල්ල සඟවා විදුහල්පතිවරයා සිසුවාගේ අතින් ඇද්දා යයි පමණක් සඳහන් කරමින් නඩු පවරා තිබිණ. ජූලි 25 දා නඩුව විමසූ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මොහුට ඇප ලබා දෙනවාට අකමැත්තක් දැක්වූ නමුත් පොලිසිය ඇප ලබා දීමට විරෝධතාවයක් නොදැක්වූ බැවින් රු. ලක්ෂ 2 ක පුද්ගල ඇප දෙකක් සහ මුදලින් රු. 50000 ක ඇප මත මුදා හැරිය අතර නඩුව ඉදිරි දිනයකට කල් තැබුවේ ය. 

අධ්‍යාපන ආයතනයක ප්‍රධානියා මේ සා වරදකට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇප මත සිටියදී එවැන්නෙකුට යලිත් එකී අධ්‍යාපන ආයතනයේ රාජකාරි කරන්නට දෙන්නේ නැති නමුදු ජර්මන් ටෙක් බාර ඇමැති චන්දිම වීරක්කොඩි සහ ජර්මන් ටෙක් සභාපති පණ්ඩු බණ්ඩාරනායකගේ අනුහසින් ශාන්ත කරුණාරත්න කිසිදු විලි ලැජ්ජාවකින් තොරව යලි ජර්මන් ටෙක් විදුහල්පති තනතුරේ හිඳුවා ඇත. 

පොලිසිය නිසි ලෙස චෝදනා ගොනු නොකරමින්ද, දේශපාලන බලධාරීන් නීත්‍යාණුකූලව ක්‍රියා නොකරමින්ද, මේ ආරක්ෂා කරන්නේ කව්ද...? සිසුන් විභාග වලින් පාස් කරවීමට ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පති පරයෙකි. 

නියැන්ඩතාල් වම්මුන්ගේ දේශපාලන ඇජෙන්ඩාවලට පමණක් උඩුබුරලන ශිෂ්‍ය ව්‍යාපාර යැයි කියා ගන්නා හැතිකරයද මේවා ගැන නිහඬ ය.

අසාධාරණයට සහ පීඩාවට පත් වූ සිසුවා විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ පිටපතක් මෙහි දැක්වෙන අතර ශාන්ත කරුණාරත්න පරයා කරන ලද ලිංගික අපයෝජනයේ වීඩියෝවක්ද පහත දැක්වේ

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව.  

 29/07/2017.

⦁ පැමිණිලිකරුගේ සම්පුර්ණ නම             :   xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
⦁ ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය:    
 ලිපිනය :  xxxxxxxxxxxxx
 දුරකථන අංකය :  xxxxxxxxx
 විද්‍යුත්  තැපෑල   : xxxxxxxxx

මෙම_ලිපිය email මගින් සහ  කොමිෂන් සභාව වෙත  පුද්ගලිකව ගෙනවිත් භාරදීමට  කටයුතු කරමි.. 

ලිංගික අල්ලස් ලබාගැනීම පිළිබඳව                                                 

ආ - ආකෘතිය

03. අදාල සිදුවීම සැකෙවින්:

මොරටුව ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ වසර 3 ½ ක මෙකට්‍රොනික්ස් පාඨමාලාවේ  අවසන් විභාගයෙන් අනතුරුව සාර්ථක ප්‍රතිපලයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටි මාහට දැනගන්නට ලැබුනේ  අදහාගත නොහැකිවූ ලෙස විෂයයන් දෙකක් අසමත් කර ඇති බවයි.  පසුව මේ පිළිබඳව දුරකථනය හරහා මෙකට්‍රොනික්ස්  අංශ ප්‍රධානී කේ. ඩී. මහවෙල මහතා ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ  වෙනත් සිසුවකු මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ල හේතුවෙන් තමා විභාග කටයුතු වලින් බැහැරව සිටි බවත් ඉහතකී පැමිණිල්ල   හේතුවෙන් මෙවර කිසි අයෙකුට එක ලකුණක් හෝ වැඩි නොකළ බවත් මෙවර ප්‍රශ්නපත්‍ර ලකුණු ලබාදුන්නේද  අධිකරණයට යාමට වුවද බලාපොරොත්තුවෙන් බවයි.  මෙහිදී මා විසින් පෙන්වා දුන්නේ ලං. ජ. කා. අ. ආ විදුහල්පතිට සමීප වු දුර්වල දැනුම් මට්ටමේ සිටි අයටද  ඉතා ඉහල සමාර්ථ ලබාදී ඇති බවයි. එවිට මහවෙල මහතා ප්‍රකාශ කළේ  ‘විදුහල්පති ඔබට කැමති බවත් එම නිසා විදුහල්පති සමග සමීපව කටයුතු කල හැකිය යන්නයි’.  එමෙන්ම  ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කළේ  විභාග ප්‍රතිපල කටයුතු ඉතා සුපරීක්ෂාවෙන් සිදුකළ නිසා එහි කිසිඳූ ඉදිරි වෙනසක් සිදුනොවන බවත්ය.

මෙසේ මාගේ ගැටලුවට කිසිඳූ විසදුමක් නොලැබූ හෙයින් විභාග අංශයේ අජිත් තිලකසිරි මහතා ඇමතු මා හට ඔහු දැනුම් දුන්නේ විභාග අංශයෙන් සිදුකළේ  මහවෙල මහතා විසින් ලබාදුන් විභාග ලකුණු ලැයිස්තු ගතකර ප්‍රසිද්ධ කිරීම පමණක් බවත්, වැඩිදුර විස්තර පසුදින ආයතනයට පැමිණ ලබාගන්නා ලෙසත්ය.   එහෙත් එහිදීද විසඳුමක් නොලැබූ අතර  ප්‍රධාන අභ්‍යාස ඉංජිනේරු අමරසිංහ මහතා වෙත මා යොමු කල අතර ඔහු උපදෙස් දුන්නේ විදුහල්පති හමුවී අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව එදිනම එනම්  27/06/2017 හවස 2.30 ට පමණ විදුහල්පති නිල කාමරයට ගිය අතර විනාඩි 30 ක්  පමණ විදුහල්පති සමග කතාකිරීමට සිදුවූ අතර පියවරෙන් පියවර ඉතාම පුද්ගලික කරුණු මා වෙත ප්‍රකාශ කරමින් සඳහන් කළේ  මීට පෙර සිට ඇසුරක් පවත්වාගෙන තිබුනේනම් මෙසේ විභාග අසමත් වීමක් සිදු නොවනු ඇති බවයි.  මෙහිදී මා සමඟ සමාන්තරව  අධ්‍යාපනය ලැබූ හා  මා විසින් අසාධාරණ ලෙස ඉහල විභාග  ප්‍රතිඵල ලබාදී ඇති බවට චෝදනා කරන ඔහු හා සමීප ඇසුරක් ඇති මෙකට්‍රොනික්ස් සිසුන් කීහිපදෙනෙකුගේ නම් සඳහන් කොට ඔවුන්ද විදුහල්පතිගේ ඉතාමත් සමීප මිතුරන් බවත් සනාථ  කලෙමි. එම අවස්ථාවේදී මා ඉදිරිපත් කල ලිඛිත අභියාචනය බාරගත් අතර විභාග කමිටුවට ඉදිරිපත් කොට සාධාරණ විසඳුමක් ලබාදෙන බව විදුහල්පතිතුමා ප්‍රකාශ කලා. පසුව මා ඔහුගේ නිල කාමරයෙන් පිටත්වීමට පෙර මාගේ කරවට අත දමා මාව බලහත්කාරයෙන් සිප ගත්තා. මෙහිදී මා ඉතා ඉවසිලිවන්තව සිට විරෝධයක් නොදැක්වුයේ කරුණු සනාථ කිරීමට තවදුරටත්  සාක්‍ෂි  ලබා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙනි. මින්පසු මොහු විසින් රාත්‍රී කාලයේද දුරකථන ඇමතුම් ලබාදුන් අතර වෙනත් ස්ථානයකදී හමුවීමට අවශ්‍ය බවත් ප්‍රකාශ  කලා. කරුණු මෙසේ සිදුවුවද ඉදිරිපත් කල අභියාචනයට අනුව මාගේ විභාග ගැටළුවට දින කිහිපයක් ගත වුවද  කිසිඳූ විසඳුමක් නොලැබූ හෙයින්  මා විසින් කිහිප වරක් ඇමතුම් ලබාදුන් අතර අනතුරුව ඔහු ප්‍රකාශ කලේ විභාග කමිටුව විසින් සතුටුදායක පිළිතුරක් ලබාදී ඇති බවත් එහෙයින් විභාග අංශය විමසන ලෙසයි.      

උපදෙස් පරිදි විභාග අංශයේ අජිත් තිලකසිරි මහතා ඇමතු අතර ඔහු ප්‍රකාශ කලේ ‘කාර්මික විද්‍යා’ විෂය පමණක් සමත් බවත් එසේ වුයේ ප්‍රශ්ණ වලට අදාල ලකුණු වෙනවෙනම නොදමා මුළු එකතුවක් දමා ගුරුවරුන් ලොකු වරදක් කර තිබූ  හෙයින් නැවත පරීක්ෂා කිරීමේදී මුළු ලකුණු අගය 51.5 දක්වා ඉහල ගිය බවත්  තවද මෙම කරුණ ප්‍රසිද්ධ කළහොත් ප්‍රශ්ණ ඇතිවන බැවින් දැනට ඇති ප්‍රතිඵල පුවරුව වෙනස් නොකරන බවද අසමත් ගණිතය  විෂය පිළිබඳ වැඩි විස්තර සඳහා ආයතනයට පැමිණෙන ලෙසයි.   

පසුව 20/07/2017 දින උදැසන 10.00 පමණ ආයතනයට පැමිණි අතර අංශ ප්‍රධානී  කේ. ඩී. මහවෙල  මහතා සමඟ සිදුවූ සංවාදයේදී  ප්‍රකාශ කරන ලද්දේ මෙවර උත්තර පත්‍ර සඳහා මීට පෙර දුන් සහන ලකුණු ලබානුදුන්නේ මගේ  සමකාලීන ශිෂ්‍ය ජනිත් දිමන්ත ඔහුගේ විභාග ගැටළුවක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම නිසා බවයි.   තවද මා විමසා සිටියේ  ‘කාර්මික විද්‍යාව’  විෂය නැවත  සමත් කර තිබීමත් හා  ගණිතය විෂය තවදුරටත් අසමත් වීම පිලිබඳවය. එහිදී ඔහු මේ සිදුවීමට සම්බන්ධව කටයුතු නොකළ බවත් පෙර පරිදිම විදුහල්පති වෙත ගොස් නැවතත් අභියාචනයක් මගින් විසඳුමක් ලබාගන්නා ලෙසත්ය.

අනතුරුව ආයතනීය විසඳුමක් නොලැබුන බැවින් ඉදිරි පියවර ලෙස මා එදිනම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කිරීම සඳහා යන අතරතුර කේ. ඩී. මහවෙල මහතා දුරකථනයෙන් මා අමතා දන්වාසිටියේ ජර්මනියේ රැකියා ඇබෑර්තු 04 ක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා හැකි ඉක්මනින් නැවතත් ආයතනය වෙත පැමිණෙන ලෙසත්ය.

එදිනම හවස මා සවස 3.05 ට පමණ නැවත ආයතනයට පැමිණ මහවෙල මහතා හමුවීමට යාමේදී ඔහු නිල කාමරයේ නොසිටි බැවින්  මහවෙල මහතාගේ පෙර උපදෙස් අනුව  විදුහල්පති මුණගැසීමට ගිය අතර එහිදී විදුහල්පතිතුමා කාර්යාලයේ සිටියද ඇතුලට පැමිණිමට පසුව දැනුම් දෙන බව පැවසීය.  පසුව මා විදුහල්පතිවරයාගේ කාර්යාලය තුලට පිවිසුනේ විදුහල්පතිවරයාගේ නීති විරෝධි අසම්මත ක්‍රියාවන් සම්පුර්ණයෙන් වීඩියෝ පටිගත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මාගේ උපක්‍රමය හේතුවෙන් සැකයකින් තොරව ඔහුගේ ගේ පුද්ගලික පසුබිම හා අරමුණ පවසා සිටි අතර මා විදුහල්පති නිල කාමරයෙන් පිටතට පැමිණීමට සුදානම් වි දොර අසලට පැමිණිමේදී රාජකාරී කාලය තුල, නිල කාමරය ඇතුලතින් අගුල් දමා අස්වාභාවික  ලිංගික ක්‍රියාකාරකමක් සිදු කරණ ලදි. (වීඩි‍යෝවේ දැක්වේ)    

අනතුරුව මෙම ක්‍රියාව පටිගත කලායයි යන සැකය මත සාක්‍ෂි විනාශ කිරීමට ආයතනයේ අරක්ෂක අංශය, ඔහුට හිතවත් ගුරුවරුන් නීති විරෝධී අයුරින් මෙහෙයවා කටයුතු කිරීම මගින් ඔහුගේ අරමුණ හොඳින් සනාථ විය.

විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලස් ඉල්ලීම / ලබාගැනීම  හා ඒ සඳහා සහයෝගයෙන් හා අනුබල දුන් අනෙක් පුද්ගලයින්ගේ ක්‍රියා කිරීම් සනාථ කිරීමට පහත කරුණු තවදුරටත් සඳහන් කරමි.

⦁ ඉතාමත් සැලසුම් සහගත ලෙස හා චේතනාන්විතව අවසන් විභාගයේ විෂයයන් දෙකක් අසමත්කිරීමට  මෙකට්‍රොනික්ස් අංශයේ ප්‍රධානී කේ. ඩී. මහවෙල, ප්‍රදීප් බුද්ධික ඇතුළු ගුරුවරුන් කටයුතු කිරීම.

⦁ දෙවනුව විදුහල්පති වරයා විසින් ‘මීට පෙර සිට ඇසුරක් පවත්වාගෙන තිබුනේනම් මෙසේ විභාග අසමත් වීමක් සිදු නොවන බව ප්‍රකාශ කිරීම’.

⦁ විදුහල්පති වරයා, මහවෙල හා තිලකසිරි යන ගුරුවරුන් පරස්පරව කරුණු දක්වමින් ඊනියා ‘විභාග කමිටුවක්’ ඇතිබව ප්‍රකාශ කොට අභියාචනය හේතුවෙන් එක් විෂයක් පමණක් සමත් බව පැවසීම.

⦁ අසමත්කොට ඇති ඉතිරි විෂය ඉදිරියේදී පවත්වන (දින නියමයක් නොමැති) විභාගයේදී සමත්කරන බවට විදුහල්පති වරයා විසින් වක්‍රව ප්‍රකාශකොට ඔහුගේ පුද්ගලික හා ලිංගික  අවශතාවයන් සපුරා ගැනීමට කටයුතු කිරීම.

⦁ විදුහල්පති වරයාගේ මෙම ක්‍රියාව පටිගත කලායයි යන සැකය මත සාක්‍ෂි විනාශ කිරීමට ආයතනයේ අරක්ෂක අංශය හා ඔහුට හිතවත් ගුරුවරුන් මා වෙත ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් නීති විරෝධී අයුරින් මෙහෙයවා කටයුතු කිරීම මගින් ඔහුගේ අරමුණ හොඳින් සනාථ වීම.

⦁ ඉහත සියලු කරුණු සනාථ කිරීමට පටිගත කරනලද දුරකථන සංවාද, ඔහු විසින් නිල කාමරය තුල, රාජකාරී කාලය තුල, ඇතුලතින් අගුල් දමා සිදු කරන ලද අස්වාභාවික  ලිංගික ක්‍රියාකරකම් සනාථ කිරීමට  ප්‍රබල විඩියෝ  සාක්‍ෂි මේ සමග  ඇත.   

04.  මෙම  සිදුවීමට අදාල දිනය :     20/07/2017. 
05.  ස්ථානය : විදුහල්පති නිල මැදිරිය, මොරටුව ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනය.

06.  අල්ලස ඉල්ලු අයගේ නම    :    ශාන්ත  කරුණාරත්න.

07. මේ අය රාජ්‍ය සේවකයකු නම්

ඔහුගේ / ඇයගේ  තනතුර :    අධ්‍යක්ෂක / විදුහල්පති.                                                                 
ඔහුගේ / ඇයගේ  අයත් රාජ්‍ය ආයතනය : මොරටුව ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනය.  

08.  ලබාගත් අල්ලසේ ස්වභාවය : ලිංගික අල්ලසක් - අවසාන විභාගයේ විෂයන් දෙකක් චේතනාන්විතව  හා සැලසුම් සහගත   ලෙස අසමත්කොට නැවත එක් විෂයක් පමණක්  සමත් කිරීම සඳහා. 

09.  මෙම සිද්ධිය සනාථ කිරීමට සාක්‍ෂි කරුවන් ඉදිරිපත් කල හැකිනම් ඔවුන්ගේ විස්තර: 
                 xxxxxxxxx xxxxxxxxxx xxxxxxxxx

10.  මෙම සිද්ධිය සනාථ කිරීමට ඉදිරිපත් කල හැකි ලිපි ලේඛන:

01 විභාගයේ විෂයයන් දෙකක් අසමත් බව සඳහන් අවසන් විභාග ප්‍රතිඵල ලේඛණය.  
02 ඉහත සියලුම කරුණු සනාථ කිරීමට අවශ්‍ය  සියලුම දුරකථන සංවාද, ඔහු විසින් රාජකාරී කාලය තුල නිල කාමරය ඇතුලතින් අගුල් දමා සිදු කරණ ලද අස්වාභාවික  ලිංගික ක්‍රියාකාරම්කම් සනාථ කිරීමට  අදාල විඩියෝව  අඩංගු CD තැටිය.      

11.  ඉහත සඳහන් ලේඛන වල පිටපත් අමුණා ඇත. 

12   අත්සන

අදාල වීඩියෝ හෙළිදරව්ව නැරඹීම සඳහා පහත දිගුව ක්ලික් කරන්න 

https://www.facebook.com/lankaenews/videos/1573581022707057/

---------------------------
by     (2017-08-02 16:59:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

Just check whether the minister and chairman also up to same.
-- by Para on 2017-08-02

Okkoma video tika and audio clips tika mage mail ekata mail krnna puluwanda? Will be appreciated.thanks.
-- by Anonymous on 2017-08-02

මම මොහුට වඩා එක් කන් ඩායමක් පිටුපසින් සිටි සිසුවෙකි. මම දැනට ස්වීඩනයේ ගුවන් යානා අංගනයක ඉංජිනේරුවෙකි. මගේ සමකාලීනයන් බහුතරය ඕස්ට්‍රේලියාවේත්, ඇමරිකාවේත් සාර්ථකව ජීවත්වේ. ඒ මේ ජර්මන් ටෙක් ආයාතනයේ ලැබූ පුහුනුවට පිං සිදුවන්නටය​. ශාන්ත කරුණාරත්න නම් මෝඩ හරකා, මෙවැනි උතුම් ආයතනයක විදුහල්පති වූ බව ඇසූවිට මෙවැනි දෙයක් සිදුවීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයි ද යන්න පුදුමයකි. හොර සහතික මගින් ආයතනයට ඇතුලුවන මේකා, සියලු විභාග යන්තමින් ගැටගසාගන්නේ ද​, "සුදු කොල්ලෙක්" වීම නිසාය​. ආයතනයට කනිෂ්ඨ ප්‍රදර්ශකවරයෙක්ව පැමිණි දින සිට​, බලයේ සිටින දේශපාලන පක්‍ෂයේ ගොට්ටකු වීම නිසා බැ.බ. විදුහල්පති තනතුරට යාමට තරම් මේකා වාසනාවන්ත වුවද​, එය සිසුන් ගේ අවාසනාව විය​. මොහු ගැන ලියන්නට බොහෝ දේ ඇතත්, කාර්‍ය බහුල නිසා නවතිමි. මහත්වරුනේ, මේ හාල්පාරුවා ගැන දන්නාදේ මෙතන ලියා, මොහු ආයතනයෙන් හිරගෙදරට පන්නමු.
-- by Nimal Alwis on 2017-08-02

Video cannot be played pls reupload or post a link
-- by saman on 2017-08-02

Thanks LEN this guy gone home
-- by wijaya on 2017-08-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links