(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.11, ප.ව.2.40) ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ, අවංක සහ අනම්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය ද, අපරාධ මර්දන අංශය ද යන අංශ දෙකම බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
පොලිස් කොමිසම විසින්ද මෙම පත්වීම් ද්වයට අනුමැති දී පොලිස්පති වරයා විසින් අදාල පත්වීමේ ලිපිය අද දහවල් ලතීෆ් මහතා වෙත බාර දී ඇත.
පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය.
ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දී දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි.
ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එස්ටීඑෆ් කොමඩාන් වරයාට මත් ද්‍රව්‍ය නාශක අංශයත් අපරාධ මර්දන අංශයත් දෙකම බාර දීමෙන් මෙතෙක් සිදුවෙමින් තිබූ නීතියේ හිලක් වසා දැමිය හැකි බවයි. එනම් මෙතෙක් එස්ටීඑෆ් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව නීතිය හමුවට ගෙන යෑමට එස්ටීඑෆ් එකට බලයක් තිබුනේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ අත් අඩංගුවට ගන්නා ජාවාරමුන් පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඒ හරහා අධිකරණයට ඉදිරිපත් කරවීම ය. එහිදී බී වාර්තා වෙනස් කරමින් නොයෙක් ජල්බරි කර අපරාධකරුවන් නීතියෙන් රිංගා ගිය අවස්ථා අනන්තවත් තිබිණ. මන්ද යත් මෙහෙයුමක් සිදුකර අත් අඩංගුවට ගන්නේ එක් පිරිසක් වන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නේ තවත් පිරිසක් වන බැවිනි. සත්‍ය වශයෙන්ම සමීර මනහර ඇතුළු පිරිස එස්ටීඑෆ් මගින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දී පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරද්දී සමීරට එරෙහිව බී වාර්තාවේ කිසිවක් සඳහන් නොවීමෙන් පෙර කී ආකාරයේ හිලකින් ඔහු රිංගා ගියා දෝ යි සැකයක්ද මතුව තිබිණ. කෙසේ වෙතත් දැන් එවැනි නීතියෙන් රිංගා යෑමේ අවස්ථා මග හැරෙනු ඇත. මන්ද යත් සියළුම අංශ එනම් එස්ටීඑෆ් නාකොටික් සහ ක්‍රයිම් අංශ 3 ම එක එකට යා වී ඇති බැවින් නීතියේ හිල් බොහෝ සෙයින් වැසී යාම ය.
මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය.
---------------------------
by (2017-08-11 09:31:08)
Leave a Reply
පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය. ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි.
-- by ජගත් on 2017-08-12
මොනවද මේ කියන්නෙ? මිනිහව STF එකේ නායකත්වයෙන් අයින් කරන්න යනව කියල දන්නෙ නැද්ද??
-- by Nandasoma on 2017-08-12
මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය.
-- by රාජා on 2017-08-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි