~

ජනාධිපතිතුමනි, ඇමති ඩිලාන් පෙරේරාගේ හොරකම් සොයන්න කොමිසමක් නැත්තේ ඇයි..? -විදෙස්ගත ලාංකිකයෝ අසති

-ජනපති නියමෙන් වසා දැමූ ඩිලාන්ගේ හොරකම් ගැන FCIDයට කළ පැමිණිල්ලේ වාර්තාව මෙන්න-

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.13,  ප.ව.7.00) බැඳුම්කර මගඩි සොයන්නට යැයි පවසමින් ගෙනා ජනාධිපති කොමිසම විසින් රවී  කරුණානායක ඇමතිවරයාට විරුද්ධව චෝදනා නැගුවේ රුපියල් මිලියන 10 ක මුදලක නිවාස කුලියක් ලබාගැනීම සම්බන්ධයෙනි. මෙම මුදල අපිට විශාල මුදලක් වුවත් එය රජයේ මුදල් අවභාවිතා කිරීමක් බව දැන ගන්නට නැත. එහෙත් ඇමති තලතා අතුකෝරාල ප්‍රකාශ කර ඇති පරිදි රජයේ මුදල් රුපියල් මිලියන 1500 ක් හෙවත් කෝටි 150 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පසුගිය රජය සමයේදී අතුරුදහන් වී තිබේ. මෙම රවී කරුණානායක සම්බන්ධ මුදල මෙන් එකසිය පණස් ගුණයකි.  මෙම මුදල් සම්භාරය නැති කර ඇත්තේ වෙනින් කවුරුත් නොව අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සමීපතයෙකු වශයෙන් කටයුතු කරන ඇමති ඩිලාන් පෙරේරා විසිනි. ජනතාව විසින් ගෙදර යැවූ මෙම සොර දෙටුවා ජනාධිපතිතුමා ළඟට ගෙන සුරතල් කරන්නේ ඔහු හරහා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව බුරන්නට සැලැස්වීම පිණිසයි.

ජනාධිපතිතුමාගේ දැන ගැනීම පිණිස ඩිලාන් පෙරේරා නැමති හොර දෙටුවාගේ පැටිකිරිය ඩිංගක් සඳහන් කරන්නට කැමැත්තෙමු. අප විශේෂයෙන් මතක් කරන්නට කැමති කාරණයක් වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ සංසරණය වන්නේ විදේශගතවන ශ්‍රී ලාංකික අපගෙන් රක්ෂණ ගාස්තු හා ලියා පදිංචි ගාස්තු වශයෙන් අය කර ගන්නා කෝටි ගානක මුදල් ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් වසරකට ලාංකිකයෝ ලක්ෂ තුනක් පමණ රැකියා සඳහා විදේශගත වෙති. ඔවුන් එක් අයෙකුගෙන් රුපියල් 8000 ක පමණ මුදලක් ලියාපදිංචිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය කර ගන්නා අතර එය රුපියල් කෝටි ගාණකි. පුහුණුව සඳහාද එක් අයෙකුගෙන් රුපියල් 6000 ක් පමණ අය කෙරේ. ඒ මුදල් යෙදවිය යුත්තේ විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සිද්ධිය සඳහා වුවද ඒවා වෙන්වූයේ සහ අද ද වෙන් වන්නේ වෙනත් කටයුතුවලට බව අපි වගකීමකින් යුතුව කියා සිටිමු.

ඩිලාන්ගේ කාලයේ සිදුවූ වංචා අතර ප්‍රධාන තැනක් ගන්නේ ඩිලාන් පෙරේරා තමන්ගේ හොර අඹුවන් සමග යහන් ගතවීමට ලාංකිකයන්ගෙන් අය කළ රුපියල් ලක්ෂ ගණන් වියදම් කොට විදේශගත වීමයි. ඔහු නිලි රැජිණ සමග අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ තරු හෝටලයක යහන් සැප විඳිද්දී සෞදියේ පාලම් යට අපේ කාන්තාවන් පාන් කෑල්ලක් කන්නට ඇඟ විකුණූ බව අපි දනිමු. ඔහු රට විරු විහිලු ස්ටාර් නැමති වැඩසටහන වෙනුවෙන් තමන්ගේ ගොට්ටන් පමණක් නොව නිවසේ මෙහෙකරු පවා රැගෙන ගියේ අසරණ ජනතාවගේ මුදලින්ය. එවන් ගමන් සඳහා නිළි රැජිණගේ කොණ්ඩා මෝස්තර ශීල්පියා පවා රැගෙන ගිය අතර මෙම එක් ගමනක් වෙනුවෙන් නිළි රැජිනට රුපියල් ලක්ෂ ගානක් ගෙවූ අතර පබා නැමති මන්ත්‍රී වෛශ්‍යාවගේ පහස වෙනුවෙන් රුපියල් ලක්ෂ 45 ක් ඇගේ බැංකු ගිණුමක තැන්පත් කෙළේ ඩිලාන් පෙරේරා ය.
 
රටේ පවතින මුදල් රෙගුලාසි තුට්ටුවකට නොසලකා විදේශ රැකියා නියෝජිතයින්ගෙන් තානාපති කාර්යාල ලැබූ මුදල් නුගේගොඩ පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කරන්නට කටයුතු කර තිබේ. රජයේ කිසිදු ආයතනකයට  තමන්ගේ ආදායම් කෙලින්ම පරිහරණය කළ නොහැක. එම ආදායම් යා යුතු වන්නේ මහා භාණ්ඩාගාරයටයි. මෙම වැරැද්ද අද ද නිවැරදි කර නැත. ඩිලාන් බදුල්ලේ සිල් රෙදි ඛෙදුවේ මේ මුදල් වලින්ය. රාජපක්ෂවරුන්ගේ ඡන්දවලට වියදම් කෙළේ මෙම මුදල්ය.
 
තානාපති කාර්යාලවලට පත් කළ තමන්ගේ චෞර ගෝලයින් ලවා විදේශ රැකියා ඒජන්සිකරුවන් රක්ෂණ ආයතන ආදියෙන් විශාල මුදලක් කප්පම් වශයෙන් එකතු කෙළේය. විදේශගත ලාංකිකයින්ගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටි මේ තක්කඩියා, ඕමාන් ජාතිකයෙක් අතින් දූෂණය වී තානාපති කාර්යාලයේ රැකවරණයට පැමිණි ලාංකික ගෘහ සේවිකාවක් තමන්ගේ ගෝලයෙක් විසින් නීති විරෝධී ගබ්සාවකට භාජනය කළ විට ඔහුගේ පැත්ත ගෙන තානාපතිවරයා පැන්නීමට කටයුතු කෙළේය. අදද මෙම තානාපතිවරයා විදේශ අමාත්‍යංශයේ මුල්ලකට කර ඇත්තේ ඩිලාන්ගේ බලය නිසා විය යුතුයි. කිසිදු සුදුසුකමක් නැතිව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස් කාර්යාලයේ කම්කරු උපදේශක තනතුරක් ඩිලාන් තම නැගණිය කිෂෝලි පෙරේරා පත් කර ඇති අතර බදුල්ලේ කෙල්ලෝ කොළඹ ගෙනවිත් ඔවුන්ට රැකියා ලබාදීමට ලිංගික අල්ලස් ගත්තේ ඩිලාන් පෙරේරා ය. සේනානායක නැමති තමන්ගේ තවත් චෞර ගෝලයෙක් සමග එකතුව කොරියානු රජය ලබා දුන් රැකියා ලක්ෂ ගණන් මුදල් ගෙන විකුණුවේ ඩිලාන්ය. මොහුගේ ගෝලයෙකු වන ලෙබනනයේ හිටපු කම්කරු නිලධාරියා වන ජමීල් නැමැත්තා විසින් කරන ලද මුල්‍ය වංචා සඳහා යහපාලන ආණ්ඩුවේ තලතා ඇමතිණිය විසින් විහිලු පරීක්ෂණයක් පවත්වා ඔහු ඒ සියලු චෝදනාවලින් නිදහස් කර ඇත්තේ ඩිලාන් පෙරේරාගේ බලපෑම නිසායි.  රිසානා දැරිය හිස ගසා මරා දමා තිබියදී පවා තමන් ඇය බේරා ගන්නට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙළේ මොහුය.  
 
අද ඔහු ඇමති කෙනෙකි. හොරුන්ට ඇමතිකම් දෙන ප්‍රධාන රට ලංකාවයි. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉතා අවධාරණයෙන් කියා සිටින්නේ පුලුවන්නම් රවී කරුණානායක මෙන් පරීක්ෂණ පවත්වා ඩිලාන් පෙරේරාද ගෙදර යවා ඔබතුමාගේ අපක්ෂපාතීත්වය රටට පෙන්වන්න කියායි. මැද පෙරදිග වෙසෙන ලාංකිකයෝ වශයෙන් අප කියා සිටින්නේ ඩිලාන් වැනි හොරුන් ආරක්ෂා කරන කිසිවෙකුටත් දශ ලක්ෂකයට වැඩි මැද පෙරදිග ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වල උදවිය නැවතත් බලය ලබා ගන්නට ඡන්දය නම් නොදෙන බවයි. ඩිලාන් පෙරේරාගේ අපත ක්‍රියාවන් පිළිබඳව අපි ජාත්‍යන්තර ආයතනවලටද දැනුම් දී ඇති බව වැඩි දුරටත් දන්වා සිටිමු.

-විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ සංවිධානය-


(ඩිලාන් පෙරේරා කරන ලද කප්පරක් දූෂණ සම්බන්ධයෙන් FCID ය වෙත කරන ලද පැමිණිල්ල පහත දැක්වේ. මේ පිළිබඳ විමර්ශන ජනාධිපතිතුමාගේ නියෝග මත අත් හැර දැමීමට FCID යට සිදුවිය. ඉමේජ විශාල කර කියැවිය හැකිය) 

---------------------------
by     (2017-08-13 13:39:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Ese nam janaadhipathithumaatath dhoshaabhiyogayak gena aa yuthuya.Apata avashya dun porondu itu karana janaadhipathivarayeki. eseth nathinam NAVA janaadhipathivarayeki.
-- by nareen on 2017-08-14

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links