~

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට සහ අමානුෂික අවමන් කිරීමට ලක් කරලා: දඬුවමින් රිංගලා

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.18,  ප.ව‍.6.00) පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ අමානුෂික අවමන් කිරීමට ලක් කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මේ පිලිබඳ ප්‍රධාන සිදුවීමක් වන්නේ  පූජිත ජයසුන්දර විසින් 2013 සැප්තැම්බර් මාසයේ දී කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඇතුළුව පොලිසියේ 70 ක පමණ පිරිසක් පැයකට අධික කාලයක් මහපාර අයිනේ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීමයි. මේ අමානුෂික ක්‍රියාව මගින් පොලිස් නිලධාරීන් හිංසනයට ලක් කර පාරේ යන මහජනතාව ඉදිරියේ පොලිස් නිලධාරීන් අවමානයට පත් කරන ලදී. 

පහල නිලධාරියෙකු වරදක් කළා වුව ඉහල පොලිස් නිලධාරියෙකුට පහල නිලධාරියෙකු දණ ගැස්සවීමට බලයක් නැත.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් එවක පොලිස්පති ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයා යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් යවා පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී පූජිත ජයසුන්දර වැරදි කරුවා යයි වාර්තාවක් පොලිස්පතිවරයාට ලබා දී තිබිණ. ඉලංගකෝන් මහතා පූජිත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි එවක තිබූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද ලිඛිතව දන්වා ඇත. මේ අතරවාරයේ දී මහින්ද රාජපක්ෂ එවක ජනාධිපතිවරයාට කණපින්දම් කී පූජිත සිද්ධිය යටපත් කර දැමීමට සමත් විය. 

මේ අනුව පූජිත ජයසුන්දර යනු පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ අමානුෂික අවමානයට පත් කිරීමට කප් ගැසූවෙක් වන අතර ඊට ලැබිය යුතු දඬුවමින් බේරී නීතිය නවා රිංගා යෑමට දක්ෂයෙක් බවද පැහැදිලිය

---------------------------
by     (2017-08-18 12:41:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links