~

එජාප ‘රැඩිකල් රැල්ල‘ අගමැති පසුකර ජනාධිපති දෙසට..! ඩීල්දාසගේ ඇමතිකම් ගලවන ගැසට් නිවේදනය හෙට: ගැලවූ ඇමැතිධූර දෙකට දෙන්නෙක්

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.22,  ප.ව‍‍.10.00) රවි කරුණානායක මහතා වැරදිකරුවෙකු යයි ඔප්පු නොවී කොමිසමක සාක්කියක් දුන් පමණින්ම සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග වර පැන නැගුණු සැබෑ දූෂිතයන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට එරෙහි ‘එජාප රැඩිකල් රැල්ල‘ සති දෙකක් යෑමටත් පෙර යහපාලන ආණ්ඩුවේ ට්‍රෝජන් අස්පයෙකු වූ විජේදාස රාජපක්ෂ නමැති හොර තක්කඩි ඩීල්කාරයා ඇමැතිකම්වලින් පන්නා දමා දැන් අගමැතිවරයා පසුකර ගොස් ජනාධිපතිවරයා දක්වා ගමන් කරනු ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

එනම් ‘රැඩිකල් රැල්ලේ‘ මන්ත්‍රී කණ්ඩායම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හමුවක් යොදා ගෙන තිබේ.

වෙනත් පක්ෂයක නායකයෙකු වුවද තමන් විසින් විශාල පරිත්‍යාගයකින් පත් කර ගන්නා ලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ‘රැඩිකල් රැල්ලේ‘ ඉල්ලීම ඉතාම සරල එකකි. එනම් ‘යහපාලන ආණ්ඩුවේ අපේ පැත්ත අපි ශුද්ධ කළා දැන් ඔබගේ පැත්ත ශුද්ධ කර පෙන්වන්න‘ යන්න රැඩිකල් රැල්ලේ සරල ඉල්ලීමයි.

විජේදාස ඇමැතිධූර දෙකෙන්ම පන්නා දැමීමට අවසන් වටයෙදී තීන්දු කෙරුණේ ඔහු  රාජපක්ෂලාට එරෙහි නඩු පමා කිරීමම නොව,  ආණ්ඩුවක් ලෙස ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සාමූහික වගකීමෙන් නොබැඳී කට කමසෙයියාවක් නැතිව ජනතාව කුලප්පු කරමින් ආඩාපාලි කීම ය. නඩු පමා කිරීම සම්බන්ධයෙන් සිකුරාදා එල්ල කළ ‘රැඩිකල් රැල්ලේ‘ විරෝධයේ දී කියා සිටියේ ඔහුගේ අධිකරණ ඇමැතිකම ඉවත් කරන්න පමණි. නමුත් ඩීල්දාස නමැති ගොබ්බ සිමයියා සති අන්තයේ දී කෙළේ මුදලට මිල දී ගත් පාංකඩ තට්ට ගෙඩියන් පිරිවරා ගෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරීමය. සාමූහික වගකීම කඩා බිඳ දැමීම ය. එබැවින් ඔහු ඇමැතිධූර දෙකින්ම පළවා හැරීමට අවසානයේ තීන්දු කෙරිණ. 

‘රැඩිකල් රැල්ල‘ ජනාධිපති මෛත්‍රීගෙන් ඉල්ලන්නේ එය යි. සාමූහික වගකීම කඩමින් කටට එන එන දේ දොඩවමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන ඔස්තාර්ලා වැඩිමනක් ඉන්නේ මෛත්‍රීගේ තුරුලේය. එජාපය විජේදාසට කළා සේ ශ්‍රීලනිපය ද ඩිලාන්ලාට සුසිල්ලාට පාඩමක් කියා දී රටේ යහපාලන ජනතාවගේ ධෛර්ය ශක්තිය වැඩි කරන ලෙස ‘රැඩිකල් රැල්ල‘ තමන් පත් කරන ලද ජනාධිපතිගෙන් හෙට ඉල්ලා සිටීමට තීරණය කර තිබේ. මෛත්‍රී පිලේ සිටිනා දූෂිතයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා යට නොගසා පරීක්ෂණ කරන්න ඉඩ දෙන්නැයිද ඉල්ලා සිටීමට තීරණය කර තිබේ. යහපාලනය ආරම්භ කෙළේ තමන්ගේ එජාප මන්ත්‍රීවරයෙකු වූ තෙවරප්පෙරුම රිමාන්ඩ් කිරීමෙන් බව ‘රැඩිකල් රැල්ල‘ ජනාධිපතිවරයාට මතක් කරදෙනු නිසැකය.

කෙසේ වෙතත් එජාපය තුලින් නැගී ආ ‘රැඩිකල් රැල්ල‘ ජනාධිපති මෛත්‍රීට දැඩි බලපෑමක් වනවා නොඅනුමාන ය. එනිසාම දෝ මේ ලිපිය ලියන මොහොත වන විටත් ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ මෛත්‍රී පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබිණ. 

මේ අතර විජේදාස රාජපක්ෂ ඇමැතිධූරයෙන් ඉවත් කරන විශේෂ නිල ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අද රාත්‍රී අත්සන් තබා හෙට නිකුත් කරන බව දැනගන්නට තිබේ.

විජේදාස එළවා දැමීමෙන් හිස්වූ ඇමැතිධූර දෙකට දෙදෙනෙකු පත් කිරීමට එජාපය තීරණය කර තිබේ. මෙතෙක් නිල වශයෙන් ඒ කව්දැයි හෙළිවී නැති නමුත් ලංකා ඊ නිව්ස් වෙත ලැබී ඇති තොරතුරු අනුව අධිකරණ ඇමැති ධූරය තලතා අතුකෝරාලට ද බුද්ධ ශාසන ඇමැතිධූරය රවි සමරවීරට ද ලබා දීමට යයි. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අධිකරණ ඇමැති ධූරයට වඩාත් සුදුසු වුව ඔහු එජාප සාමාජිකයෙකු නොවන්නේ යයිද එජාප සාමාජිකයෙකුට එය ලබා දිය යුතු යැයිද මතයක් පැන නැගී ඇත. 

කෙසේ වෙතත් තලතා දැනට දරණ අමාත්‍යාංශය කලින් දැරුවේ රාජපක්ෂ යුගයේ නීලකාස හොරෙකු වූ ඩිලාන් පෙරේරා වුව තලතා ඇමැතිධූරය ලබා ගැනීමෙන් පසු ඩිලාන්ලා කළ  හොරකම් ගැන ආයතනික මට්ටමින් සෙවීමක් බැලීමක් කෙළේ හෝ හොරකම් කළ වුන්ට ආයතනික මට්ටමින් දඬුවමක් දීමක් වුනේ හෝ නැත. නමුත් එය තලතා පමණක් කළ දෙයක් නොවීය. සම්මුති ආණ්ඩුවක් වූ බැවින් අනෙකුත් බොහෝ අමාත්‍යංශ තුලද එවැනි දෑ සිදු නොවිණ. උදාහරණයක් ලෙස මංගල සමරවීර විදේශ ඇමැති වූ පසු අතටම හසුවූ රාජපක්ෂ පුතුන් සහ උන්ගේ නෑම්බියන් සොමි ගමන් ගිය විදේශ අමාත්‍යාංශයට අයත් සුපිරි බස් දෙක ගැන සොයා බැලීමක් කර එම දූෂනයට හවුල් වූ නිලධාරීන්ට එරෙහිව ආයතනික මට්ටමින් කිසිදු පියවරක් ගත්තේ නැත. අද එ් බස් කොහේදැයි දන්නේත් නැත. එබැවින් තලතා අධිකරණ ඇමැතිනිය වී හොරුන්ට දඬුවම් දීම ඉක්මන් කරාවි යැයි ටක්කෙටම කීමට අපට නම් නොහැකිය. නමුත් හොරුන්ට දඬුවම් දීම ඉක්මන් කිරීමට වර පැන නැගුණු ‘රැඩිකල් රැල්ල‘ නොනැවතී ඉදිරියට යනු ඇති බව නම් ටක්කෙටම කිව හැකිය.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2017-08-22 17:20:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

තලතා > ඉස්සෙල්ලම ගාමිණි අතුකෝරල මැරුණු විදිහ හොයපන් !!! මරු මරු , රටම කපෝති
-- by obe on 2017-08-22

We don't need party color Mr.Jayampathi is the right person for this not Stupid atukorala.Dont make same mistake again. Radical UNPers go for the right thing. Appoint Jayanpathy, disregard the party.
-- by Jayantha on 2017-08-22

අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ පරම අභිලාෂය වූ දේදුනු විප්ලවයේ මූලික හරය වනුයේ දූෂනය සහ දූෂිතයින් පිටුදැකීමය. ======================= එම නිසා සම්මුතිවාදී වත්මන් රජය බිහිකරලීමෙහිලා යමපාලකයින් හට නාෙබියව දිවිහිමියෙන් අැපකැප වූ සියළු පක්ෂයන්හි සියළු සබුද්ධිකයින් පාට පක්ෂ සහ නොගැලපීම් සියල්ල රට වෙනුවෙන්ද ඔබ අප සැමගේ මතු පරපුර වෙනුවෙන්ද උපේක්ෂා සහගතව පසෙකලා ඉතාමත් අවබෝධාත්මක ලෙස ඒකාබද්ධව රැඩිකල් රැල්ල වඩ වඩාත් ශක්තිමත්ව නිර්මානය කොටගෙන අපක්ෂපාතීව ක්රියා කලයුතු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හා ශක්තිමත් පවුරක් තනාගෙන මේ අාකාරයෙන්ම සාර්ථක වෙමින් තව දුරටත් ඉදිරියට ගමන් කරමින් වර්ෂ 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සැලසුම් කොට අැති පරිදි පෙලගැසෙනා ලෙස ඔබ සැමට දන්වන මෙන් සෝභිතාවතාර වෙත සෝභිත හිමියන් විශ්වයේ සිට ටෙලිපති කල වගයි. ස්තුතියී. සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්.... 2017/08/23
-- by Sathpurasiya on 2017-08-22

තලතාගෙන්නම් මෙහිදීද ලතවීමට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක..... නමුත් පුදුමය වන්නේ තලතාගේ ලතවීම ගැන නොව පැවති සහ පවතිනා සියළු රජයන් බොහෝ විට විෂයෙහි නිපුනතාවක් අැති සුදුස්සන් අදාල අමාත්යාංශයන්හි ස්ථාන ගත නොකරන්නේ සෑම කල්හිම නායකයින්ගේ යටි අරමුනද දූෂනය සහ අකර්මන්යය බව දිගින් දිගටම රට තුල පවත්වාගෙන යමින් හිඟන්නාගේ තුවාලයෙන් ජීවිකාව පවත්වාගෙන යාමදැයි දන්නේ කෙදිනක හෝ අනිවාර්යයෙන්ම කර්මය දෙන දෙවියන් පමනි.... සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන් 2017/08/24
-- by sobithawathara on 2017-08-22

Dr Jayampathi Wickramaratne should have been their choice for this job from day one. Deal Dasa has been giving more than enough pre-warning signals from early days. However, those two people at the top watched this self-serving Trojan Horse playing double games for so long until the UNP backbench had to start this campaign against the culprit. Marapana is seen in Yahapalanaya loving people's eyes as another misfit and a deliberate wrong choice ignoring the interests of 6.2 million people who voted for them. Thalatha Athukorala is NOT KNOWN to have produced any tangible result for the nation. Hope Mr President and the Prime Minister are sensitive to the feelings and expectations of Yahapalanaya loving nation, who voted them in and appoint Dr Wickramaratne as the Minister of Justice and start repairing the damage Deal Dasa caused to the government as well as to the nation IMMEDIATELY. If not, it can end up causing a worse disaster for Mr President and the Primi Minister!
-- by citizen on 2017-08-22

If Mr President and the Prime Minister are keen to rebuild the nation they should consider appointing the right person for the right job at least now, without bringing their party politics into it. Dr Jayampathi Wickramaratne should have been their choice for this job from day one. Deal Dasa has been giving more than enough pre-warning signals from early days. However, those two people at the top watched this self-serving Trojan Horse playing double games for so long until the UNP backbench had to start this campaign against the culprit. Marapana is seen in Yahapalanaya loving people's eyes as another misfit and a deliberate wrong choice ignoring the interests of 6.2 million people who voted for them. Thalatha Athukorala is NOT KNOWN to have produced any tangible result for the nation. Hope Mr President and the Prime Minister are sensitive to the feelings and expectations of Yahapalanaya loving nation, who voted them in and appoint Dr Wickramaratne as the Minister of Justice and start repairing the damage Deal Dasa has caused to the government as well as to the nation IMMEDIATELY. If not, it can end up causing a worse disaster for Mr President and the Prime Minister!
-- by citizen on 2017-08-22

හැමදෙනාම මොකක් හෝ අදහසක් ලියනවා විතරයි . විය යුත්ත මොකද්ද කියල කවුරුවත් හිතන්නේ නෑ . අධිකරණය ස්වාධීන වීමට නම්, මුදල් පාලනය සහ නඩත්තුව ද , අධි:සේවා කොමිසම වෙතම ලබා දිය යුතුය. ස්වාධීන අධිකරණයක් පවත්වාගන යන්න නම්, ගරු අග විනිසුරු තුමන් ප්‍රමුඛ අධි; සේවා කොමිසන් සභාව වෙත සියලු බලතල දිය යුතුය. අධිකරණ අමත්යන්සය අහෝසි කර දැමිය යුතුය. දේසපාලන පාලනයෙන් තොර අධිකරණ සේවයක් ඇතිකළ යුතුය. Len හා commenters උස්සා උස්සා තබනා මහාචාර්ර්ය ජයම්පති ගැනද යමක් කිව යුතුය. .....Len, ඔබම වෙනත් ලිපියකින් හෙළිදරව් කල ගොන් බිජ්ජේ මහේස්ත්‍රාත් ලුසාකා (මහනුවර නීතිඥ ) , අදිකරණ සේවයට බදවාගත්තේ ඔබල උස්ස උස්සා තියන මහා ලොකු මහාචාර්ර්ය ජයම්පති ගේ තල්ලුවෙන් බව ඔබලා දන්නේ නැ ද්ද? ඉතින්, එහෙව් එකෙකු අදිකරණ ඇමති උනානම්, ? ජොලි ද? ඔන්න ඕක තමයි කියන්නේ, අදිකරණයට ලබ්බටද ඇමතියෙක්. අමත්යන්සයක්.? හෙමදෙනාගේම ඇස් ඇරේවා.... අධිකරණ අමත්යන්සය අහෝසිකර දමල්ලා...!!!!!! Len,ඔබ මේගැන කියන්නේ කුමක්ද දැනගන්නට ආසයි. Len වෙනම ලිපියක් ලියන්න ...!!!!
-- by Podi-Kolla on 2017-08-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links