~

ජනවාරි 8 ජනමතයට පයින් ගසා විධායක ජනාධිපති ධූරය තබා ගැනීමේ ඩබල් ගේමේ කූඨ ප්‍රාප්තිය අද; මෛත්‍රී ‘සයනයිඩ් මාර්ගයේ‘ ඉදිරියට..!

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.03,  පෙ.ව‍.7.30) ජයග්‍රහණයෙන් පසුව නිර්පාක්ෂික වනවා යැයි  ජනතාවට පොරොන්දු වී  ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව ජයගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම පොදු අපේක්ෂකයා සහ වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘නිර්පාක්ෂික පොරොන්දුව‘ පැය 72 ක් තුල කුණු බක්කියට දමා  ශ්‍රීලනිප නායකත්වය බාර ගැනීමෙන් පසු ගමන් ගත් අස්ථාවර ගමන් මාර්ගයේ අතිශය තීරණාත්මක මංසන්ධියකදී ඔහු “සයනයිඩ් මාර්ගය“ හෙවත් දේශපාලන සිය දිවි නසා ගැනීමේ මාර්ගය තෝරා ගෙන තිබෙන බව ජනවාරි 8 දේදුනු විප්ලවයට සහභාගී වූ 62 ලක්ෂයක් ජනතාව වෙත සාතිෂය සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.

මෙකී තීරණාත්මක මංසන්ධිය අන් කිසිවක් නොව නව ව්‍යවස්ථාවක් සඳහා වන ශ්‍රීලනිපයේ යෝජනාවලියයි. පසුගිය අගෝස්තු 31 වෙනිදාට ප්‍රථම සියළුම පක්ෂ තම යෝජනා බාර දිය යුතු යැයි අවසාන වශයෙන් දින නියම කිරීමෙන් පසු තටම තටමා සිටි ශ්‍රීලනිපයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් මණ්ඩලය වෙත බාර දී තිබේ. එම බාර දීම සිදුකර ඇත්තේ එකී මණ්ඩලයේ ලේකම්වරිය වෙත වන අතර එය සීල් තබන ලද ලිපි කවරයද බහා තිබිණ. ශ්‍රීලනිපයේ නිල මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පවසා ඇත්තේ එම ශ්‍රීලනිප යෝජනා ලබන 6 සහ 7 දිනවල පැවැත්වීමට නියමිත මෙහෙයුම් කමිටුවේ රැස්වීමේදී පමණක් සීල් කඩා විවෘත කළ යුතු බවයි. 

කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ඇති පරිදි ශ්‍රීලනිප යෝජනාවලියේ සඳහන් කර ඇත්තේ විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමකට එකඟ වන නමුත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟ නැති බවයි. එනම් ජනාධිපතිවරයා තව දුරටත් මහජන ඡන්දයෙන් පත් කරන්නෙකු මිස පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන (විධායක නොවන) ජනාධිපතිවරයෙකු නොවිය යුතු බවයි. ( මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකු නම් ඔහුට නියත වශයෙන්ම ව්‍යවස්ථාදායක බලයට ඉහලින් සිටින විධායක බලයක් ආරෝපණය වනු ඇත.)  

මෙය 1978 දී ජේආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපතික්‍රමය හඳුන්වා දෙද්දී පිටකොටුවේ බෝ ගහ අබියස සිරිමා බණ්ඩාරනායක නායකතුමිය සමග ඊට එරෙහිව ප්‍රථම විරෝධය පෑ සහ අද දක්වාම ප්‍රතිපත්තියක් ලෙස එම ස්ථාවරයේම සිටි ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය අංශක 180 කින් ආපසු කැරකීමකි.

ශ්‍රීලනිපයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු සමස්ථ කමිටුව තම අවසන් නිගමන අනුමත කිරීමට තම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන බව මීට ඉහත සඳහන් කළහ. ඒ අනුව දැන් ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව වෙත ලබා දී ඇති අවසන් යෝජනා සිරිසේන මහතාගේ අනුමැතිය සහිත යෝජනා විය යුතුය.

අනෙක් අතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිධූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියා කරන සිවිල් සංවිධාන නායකත්වය හමුවූ සෑම අවස්ථාවකම සඳහන් කර ඇත්තේ තමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි. 

මෙය ස්ථාවරයන් දෙකක් ලෙස ප්‍රදර්ශනය කිරීමක් මිස සත්‍ය නොවිය යුතුය. මන්ද යත් පක්ෂ නායකයා එක මතයක සිටිමින් පක්ෂ කමිටුවක් තවත් මතයක් දැරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක ඉතිහාසයේ කෙදිනකවත් සිද්ධ වී නැති බැවිනි.

මේ අනුව ජනතාවට පැමිණිය හැකි නිගමනයන් දෙකකි.  දැන් අවසන් වරට ශ්‍රීලනිපය ඉදිරිපත් කර මතය වන විධායක ජනාධිපති ධූරය තව දුරටත් තබා ගත යුතුය යන්න නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කමිටුවේ මතය පමණක් නම් පක්ෂ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකයා ලෙස තව දුරටත් පිළිගත නොහැකිය. මන්ද ශ්‍රීලනිපයේ මෛත්‍රි පාර්ශවය නායකයාට අවනත නැති කණ්ඩායමක් විය යුතුය. එසේ නොවේ නම් මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මතය විය යුතුය. 

කෙසේ වෙතත් මෙය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයේ හිඳ වූ හැට දෙලක්ෂයේ ජනමතයට ඉඳුරාම වෙනස් සහ එම මතයට පයින් ගසන්නකි. මේ නිසාම සම්මුති ආණ්ඩුව තුල නිසැක වශයෙන්ම බෙදීමක් හට ගැනීම වැළැක්විය නොහැකිය.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි එක්සත් ජාතික පක්ෂය මේ වන විට දෙවතාවක්ම ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඔහුට දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ ‘රස‘ බැලීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් පත් කරන ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් සිරිසේන මහතාවම නම් කිරීමට තම පක්ෂය පොරොන්දු වන බවත් එබැවින් ජනවාරි 8 ජනමතය අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවකට ශ්‍රීලනිපය සමග එකඟ වන ලෙසයි. 

එසේ නම් වත්මන් ශ්‍රීලනිප යෝජනා අනුව එජාපය සහ සිරිසේන ජනාධිපතිවරයා අතර නිරාකරණය කර ගැනීමට අසීරු ප්‍රතිපත්තිමය ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

මෙය ශ්‍රීලනිපයේ රාජපක්ෂ පාර්ශවය විසින් බලාපොරොත්තු වන්නක් වන අතර නිමල් සිරිපාල යෝජනාවලියේ කැටයම් කරුවන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේම රෙද්ද අස්සේ රිංගා ගෙන සිටින රාජපක්ෂ අවතාරම විය හැකිය. එසේ වෙතත් එයද විසඳා ගත යුත්තේ සිරිසේන මහතා විසින්ම ය. 

එසේ වතුදු ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ අද පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සම්මේලනයේ දී විධායක ජනාධිපති ධූරය තව දුරටත් පවත්වාගත යුතු යැයි යෝජනාවක් සම්මත කර ගැනීමට යන බවයි. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ගායනා කරනු ඇත්තේ “මං විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කැමැති වුනා; නමුත් අපේ පක්ෂය සම්මේලනයකින්ම ඊට විරුද්ධ වූ නිසා අනේ මට දැන් කරන්න දෙයක් නෑ“ යන ‘බයිලාව‘ ය.

ලන්ඩනයේ ද කොළඹ ද වෙසෙන නවීන මිනිසා සේම බිංතැන්නේ වැද්දෝ ද, කොංගෝ වනාන්තරයේ පිග්මි ගෝත්‍රිකයෝ ද, තම අඬන දරුවන් නැලැවීමට තම තමන්ගේ නැලවිලි ගී ගායනා කරති. දරුවෝද නැලැවෙති. නමුත් කිනම් ගෝත්‍රිකයෙකු හෝ ‘බයිලාවක්‘ ගායනා කළා කියා අඬන දරුවන් නම් නැලැවෙන්නේ නැත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ‘සයනයිඩ් ගමන් මාර්ගය‘ වෙනස් කර ගෙන ජනවාරි 8 ජනමතය සමග හිට ගැනීමට නොහැකි වුවහොත් සහ ඒ සඳහා අවශ්‍ය ආත්ම ශක්තිය නොමැති වුවහොත් ශ්‍රී ලංකා ඉතිහාසයේ දුක්මුසුම ඉරණම ඉල්ලං කා ගත් රාජ්‍ය නායකයා ලෙස පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ නම ඉතිහාසයට එක් වීම වැළැකිය හැකි ජගතෙක් නැත. 

-චන්ද්‍ර ප්‍රදීප්-

---------------------------
by     (2017-09-03 18:03:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

78 බහුබූත වියවස්ථාවට එරෙහිව අභීතව පසුනැඟී සිටි සිරිමාවෝ මැතිණියගෙ රූපය වේදිකා සැරසිලි වලින් ඉවත් කරන්න කාරුණික වන්න.ඊට පසු ඕනෑ කුදයක් ගහගන්න.
-- by Openmind on 2017-09-03

Balla , Pannimata Kalaya Uda wi Atha, Sirisena-Gobbaya samaga , " Sri Lanka Nidahas Pakshaya " [ SLFP ] [ Wahal , Pasu - Gami , Gothrika , Kala-Kanni ] hethikare , Sri Lanka Deshapalanyen Athuga Damiya Yuthui. Munta Chande Dena Ewunta, Seethala-Karapu , Punnakku - Weeduruwakui [ Glass of Punnakku ] saha Piduru- Mitiyakui laba deema mahagu Punya-Karmayaki. Ane Me Para-Ballo eka Me Rate Ipadenta Api Mona tharam Awasanawanthada ?
-- by Bandula on 2017-09-03

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links