(ලංකා ඊ නිව්ස් -2017.සැප්.05, ප.ව. 6.05) ඇමරිකාවේ සිටියදී ‘මෝඩ ගෝඨා‘ යනුවෙන් ප්‍රසිද්ධව සිටි ගෝඨාභය රාජපක්ෂ නමැති යුද්ධයෙන් පළා ගිය කර්නල් වරයා ලංකාවේ රාජ්‍ය නායකයා කිරීම සඳහා පසුගිය වනචර දශකයේ ඝාතකයන්, චෞරයන් එක්ව හදා ගත් ‘විපත් මග‘ නමැති සංවිධානය ජනතා සහභාගිත්වයක් නොමැති වූ බැවින් අකුලා ගැනීමෙන් පසු යලි අලුත් සංවිධානයක් අටවා ගෙන තිබේ.
එහි නම ‘බඩ එළිය‘ යි. ‘අපේක්ෂාවන් එළිදක්වන්නට‘ යන්න එහි මෝටෝ එකය. මොටෝ එක නම් නිවැරදිය. හොරුන්ගේ සහ ඝාතකයන්ගේ එකම අපේක්ෂාව තමන් කරන ලද හොරකම් වලින් සහ ඝාතන වලින් දඬුවම් නොලබා බේරීමය. දඬුවම් මතක් වන විටද ඔවුන්ට ‘බඩ එළිය‘ සෑදේ. ඒ අනුව ඔවුන්ගේ ‘අපේක්ෂාවන් එළිදැක්වීමට, බඩ එළිය‘ යන නම අපූරුවට ගැලපෙන්නකි.
‘බඩ එළියේ‘ අරමුණ එළැඹෙන නව ව්‍යවස්ථාවට එරහිව කටයුතු කිරීම ය. මහජන අදහස් විමසා අනතුරුව පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ෂ එක්ව හදන නව ව්‍යවස්ථාවක් හොරුන් සහ ඝාතකයන් කල්ලියකට වහ කදුරු වීම පුදුමයක් නොවේ. උන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව කවුරු හෝ මාෆියා නායකයෙකුගේ අණක් පමණි.
‘බඩ එළිය‘ හෙට 6 වෙනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස්හි එළි බහින බව ඔවුන්ගේ දැන්වීමක දැක්වේ. ‘බඩ එළිය‘ හැදෙන්නේ වේලාවක් කලාවක් බලා නොව බියට පත් සැනින් හැදෙන බැවින් ගෝඨාගේ ‘බඩ එළිය‘ ද එළි බහින වේලාවක් එම දැන්වීමේ දක්වා නැත.
---------------------------
by (2017-09-05 12:42:58)
Leave a Reply
මහජන අදහස් විමසා අනතුරුව පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ෂ එක්ව හදන නව ව්‍යවස්ථාවක් හොරුන් සහ ඝාතකයන් කල්ලියකට වහ කදුරු වීම පුදුමයක් නොවේ. උන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව කවුරු හෝ මාෆියා නායකයෙකුගේ අණක් පමණි.
-- by Sobithawathara on 2017-09-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි