~

විජේදාස රැකවරණය අහිමිවීමත් සමග ඥානසාර රටින් පනී

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.06,  පෙ.ව‍.0.35) අපරාධ රැසක චුදිතයෙකු ලෙස අධිකරණය ඉදිරියේ නඩු විභාග වන  සහ තවත් අපරාධ රැසක සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකරමින් පවතින ගලගොඩ අත්තේ ඥානසාර නමැති පාදඩ සිවුරුකරුවා කාටත් හොරා රටින් පලා ගොස් ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මොහු රටින් පලා ගොස් ඇත්තේ පසුගිය 01 වෙනිදා සිකුරාදා බව දැන ගන්නට තිබේ. 

ඥානසාරට එරෙහිව හෝමාගම අධිකරණයේ 01 වෙනිදා තිබූ නඩුවට ඔහු පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ ද නැත. මහේස්ත්‍රාත්වරයා විසින් එදිනම ඥානසාරට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලද නමුත් ඒ වන විටත් ඔහු නොදන්නා අන්තයක් කරා රටින් පලා ගොස් තිබිණ.

ඥානසාර අධිකරණයට අපහාස කිරීම ගැන නඩුව ලබන 07 වෙනිදා එනම් හෙට අභියාචනාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත අතර එදිනට ද ඔහු අධිකරණයට ඉදිරිපත් නොවුන හොත් අභියාචනාධිකරණය විසින්ද වරෙන්තු නිකුත් කෙරෙනු ඇත. 

2014 දී ඥානසාර විසින් අවුලුවන ලද අලුත්ගම සහ බේරුවල ජාතිවාදී ප්‍රහාරය සම්බන්ධ සීඅයිඩී වාර්තාව මේ වන විට නිමා වී ඇති අතර නඩු දැමීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් සඳහා නීතිපති වරයා වෙත බාර දී තිබේ. එම නීතිපති තීරණයද ලඟදීම ලබා දීමට නියමිත අතර එහිද ඥානසාර ප්‍රධාන පෙලේ චූදිතයෙක් වීමට නියමිත ය. 

සියළු අවාසි තත්ත්වයන් තුල ඥානසාර මෙතෙක් බේරා ගත් විජේදාස රාජපක්ෂ නමැති කූඨකයා ද අධිකරණ ඇමැති ධූරයෙන් නෙරපා හැර තිබීමත් සමග ඔහුට තව දුරටත් ‘සෙල්ලං කිරීමට‘ ඉඩක් නැති බව තේරුම් යෑමෙන් පසු රටින් පලා යාමට තීරණය කර ඇත. ඥානසාරට සමීප අය පවසන්නේ ඥානසාරට දාව දරුවෙකුද සිටින ඔහුගේ අනියම් බිරිඳ සිටින භූමිය සොයා ඔහු යනු ඇති බවයි.

ආරක්ෂක තත්ත්ව විචාරකයන් පවසන්නේ අපරාධකරුවන්ට රැකවරණය සැලසූ විජේදාස රාජපක්ෂ නෙරපා හැරීම නිසා රැකවරණය අහිමි වී ඇති තවත් අපරාධකරුවන් ද ඥානසාර සේ රටින් පලා යෑමට ඉඩ ඇති බැවින් රැකවල් තර කළ යුතු බවයි. 

---------------------------
by     (2017-09-05 19:18:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

සියළු අවාසි තත්ත්වයන් තුල ඥානසාර මෙතෙක් බේරා ගත් විජේදාස රාජපක්ෂ නමැති කූඨකයා ද අධිකරණ ඇමැති ධූරයෙන් නෙරපා හැර තිබීමත් සමග ඔහුට තව දුරටත් ‘සෙල්ලං කිරීමට‘ ඉඩක් නැති බව තේරුම් යෑමෙන් පසු රටින් පලා යාමට තීරණය කර ඇත. ඥානසාරට සමීප අය පවසන්නේ ඥානසාරට දාව දරුවෙකුද සිටින ඔහුගේ අනියම් බිරිඳ සිටින භූමිය සොයා ඔහු යනු ඇති බවයි. ආරක්ෂක තත්ත්ව විචාරකයන් පවසන්නේ අපරාධකරුවන්ට රැකවරණය සැලසූ විජේදාස රාජපක්ෂ නෙරපා හැරීම නිසා රැකවරණය අහිමි වී ඇති තවත් අපරාධකරුවන් ද ඥානසාර සේ රටින් පලා යෑමට ඉඩ ඇති බැවින් රැකවල් තර කළ යුතු බවයි.
-- by Sobithawathara on 2017-09-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links