(ලංකා ඊ නිව්ස් -2017.සැප්.09, ප.ව.11.55) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන මාරාන්තික රිය අනතුරක් සිදුකර පලා යෑමෙන් පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. ජයරත්න නමැති අය එම ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. එක් අයෙකු එතැනම මිය ගිය අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන පලා ගොස් තිබූ අතර අද සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලිසියේ ඉහල නිලධාරියෙකු ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ “මොනවාද මගෙන් අහන්නේ..? තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න“ කියා ය.
අත් අඩංගුවට ගත් ලාල් සිරිසේන අද සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.
---------------------------
by (2017-09-09 20:45:47)
Leave a Reply
මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්රීගෙන් නියෝග.
පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.
සෝභිතාවතාර
-- by sobithawathara on 2017-09-09
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි