~

වහලුන්ගේ ‘විහාර මහා දේවිය‘ හෙවත් ‘මැදමූලන හොර පූසී‘ සිරිලිය දූෂණ පරීක්ෂණයට අල්ලස් කොමිසමට: කලින් දා පැමිණි සහචරයන් කිසිවෙක් නෑ

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.09,  ප.ව‍.11.55) මැදමූලනේ හොර පූසී ලෙස අයෙක් හඳුන්වන, වහලුන් විසින් මහින්ද රාජපක්ෂට දුටු ගැමුණු කියමින් දුටුගැමුණුගේ මවගේ නම වූ විහාර මහා දේවිය නමින් ද හඳුන්වන මහින්ද රාජපක්ෂගේ නිල බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද(09) උදේ දෙවන වතාවටත් අල්ලස් හා දූෂණ කොමිසම හමුවට කැඳවා තිබිණ. ඒ ඇය සැමියා ජනාධිපතිකම් කරද්දී ‘සිරිලිය‘ නමින් ගිණුමක් පවත්වා ගෙන යමින් රුපියල් කෝටි ගණනින් කරන ලද වංචා ගැන දැනට කරගෙන යන පරීක්ෂණයේ කරුණු යලි තහවුරු කර ගැනීමට ය. 

අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද සිරිලිය පරීක්ෂණය ඇය ඉවත් වීමෙන් පසු පසුබා තිබුනු අතර පසුගිය ජූලි මාසයේ ශිරන්ති රාජපක්ෂ කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. ඉන්පසු අද(09) සෙනසුරාදා නිවාඩු දිනයේ ඇය යලිත් කැඳවා කලින් ප්‍රකාශයේ කියන ලද කාරණා වල අපහැදිලි තැන් යලි ශුද්ධ කර ගත්තේ ය. සෙනසුරාදා සතියේ නිවාඩු දිනයක් වුවද කට උත්තර දීමට දිනය තෝරාගන්නා ලද්දේ ශිරන්ති විසින්ම ය.

පෙර දිනක සීඅයිඩියට ඇය කැඳවන ලද අවස්ථාවේදී බස් රථ වලින් ගෙන්වා ගන්නා ලද රාජපක්ෂවාදී හෙංචයියන් කිසිවෙක් අද නොසිටි අතර හිතවතෙකු ලෙස සිටියේ ඩී.වී.චානක නමැත්තා පමණි. ඩී.වී. චානක යනු රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යලි පැමිණි කලෙක FCID නිලධාරීන්ව ගල් ගසා මරා දමනවා යැයි කී ඩී.වී.උපුල්ගේ සොයුරා ය. 2015 අගෝස්තු 02 දා මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කියා මැදමූලන නිවසට ගොස් නොතීසි බාර දුන් අල්ලස් කොමිසමේ ‘චින්තක‘ නමැති පොලිස් පරීක්ෂකවරයාගේ මාතර - වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණි වෙඩි තබා පලායෑමේ අපරාධය යට සිටි පුද්ගලයෙක් වූයේ ද ඩී.වී. චානක ය.

කෙසේ වෙතත් අද අල්ලස් කොමිසම ඉදිරියට පැමිණි ශිරන්ති රාජපක්ෂගෙන් පැය 2 කට ආසන්න කාලයක් සිරිලිය ගිණුම පිළිබඳ ප්‍රශ්න කෙරිණ.

පාඨකයාගේ මතකය අලුත් කර ගැනීම සඳහා ශිරන්තිගේ අපූරු සිරිලිය ගිණුමේ දූෂණය ගැන යලි සටහනක් තැබිය යුතුය.

* ව්‍යාජ තොරතුරු සහිතව පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය‘ ගිණුම පවත්වාගෙන ගියේ  මහජන බැංකුවේ කොළඹ 10 සුදුවැල්ල ශාඛාවේ ය. ගිණුම අරඹන ලද දිනය 2006.නොවැම්බර.14 දා ය. ගිණුම් අංකය 143100146235069 වේ.

* ගිණුම අරඹද්දී එම ගිණුමේ මුදල් ලබාගැනීමේ බලය හිමි එස්. රාජපක්ෂගේ (ශිරන්ති රාජපක්ෂ) ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර තිබුනේ අංක 222222222V යි. ගිණුමේ තවත් බලකාරියක වූ ඒ.එම්.ජේ.ඒ. කුමාරි නමැත්තියගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර තිබුනේ අංක 111111111V ලෙසයි.  මුදල් ලබාගැනීමේ බලය හිමි අනෙක් තැනැත්තිය වූ කේ.කේ. දිසානායකගේ ජාතික හැඳුනුම්පත් අංකය 587060958V ලෙස සඳහන් වුවද ඇයගේ නමින්ම මහජන බැංකුවේ ඇති වෙනත් ගිණුමක ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් ය. 

* තිදෙනාගේම ලිපිනය වශයෙන් සටහන් කර තිබුනේ ‘කාල්ටන් බංගලාව, තංගල්ල.‘ යනුවෙන් පමණි.

* රාජපක්ෂලාගෙන් කොන්ත්‍රාත් ලබා ගත් පිරිස් තමන්ගේ කොමිස් මුදල් අවස්ථා 88කදී රුපියල් 82,900,089.00 ක් මෙම ගිණුමේ තැන්පත් කර තිබේ. මීට අමතරව රු.කෝටියක ස්ථිර තැන්පතුවක්ද මෙම ගිණුමේ තිබේ.

* චීනයේ බීජින් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2013 දී සංවිධානය කළ March Event නමැති උත්සවයක් සඳහා එකතු කරන ලද මුදලින් රුපියල් 7,003,296.00 ක මුදලක්ද රජයේ මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව මෙම ගිණුමට බැර කර තිබේ.

* ‘සිරිලිය සවිය‘ ගිණුමේ මුදල් වලින් ශිරන්ති රාජපක්ෂ විසින් කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 260/17 හි පිහිටි නිවසක් රුපියල් 35,000,000.00 කට මේරි ලූඩ්ස් වික්‍රමසිංහ ( ශිරන්තිගේ නැන්දනිය හෙවත් ඩේසි ආච්චි) නමින් මිලටගෙන ඇති බවද මේ වන විට හෙළි වී ඇත. නමුත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මෙය හුවා දැක්වීමේදී පවසා ඇත්තේ දුගී දුප්පත් රොගීන්ට උදව් කිරීම සඳහා පවත්වාගෙන යන අරමුදලක් බවයි.  

* වාර්තා වන අන්දමට මෙම සිරිලිය දූෂණයට ශිරන්ති සමග බැංකුවේ නිලධාරිනියන් දෙදෙනෙකුද සම්බන්ධ වී තිබේ. 

---------------------------
by     (2017-09-09 21:35:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

කැලේ සිටීනා මව් ඇතින්න මරා දමා උන්ගේ පැටවුන් අල්ලා ගෙනවිත් කොළඹ පංසල්වලට විකුණන ලද අලි රොෂාන් ට දැනට නඩු දමා ඇත.වනජීවී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවන් කර ඇත . ඒ වගේම මේ සිරිලිය ගිණුමට සම්බන්ධ බැංකුවේ නිලධාරීන්ට විරුද්ධවත් ආණ්ඩුව නඩු දානවද කියල බලමු.පොඩි පොඩි උන්ට විරුද්ධව නඩු දැම්මට ලොකු ලොකු උන්ට විරුද්ධව නඩු දාන්න මේ ආණ්ඩුව බයයි. සැබෑ හොරුන්ට විරුද්ධව නීතිපති දෙපාර්ථමේන්තුව නඩු දාන්නෙ නැත්තෙ ඇයි ?
-- by karuna on 2017-09-10

මූ දුටුගැමුණුලු එතකොට ගෑණි විහාර මහා දේවිලු! .....චිකේ මූ අම්මත් එක්ක ඉන්න බල්ලෙක්ද?
-- by ඩයස් on 2017-09-10

mother fàààààààkéééççççRR again our president ????
-- by acrperera on 2017-09-11

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links