(ලංකා ඊ නිව්ස් -2017.සැප්.12, පෙ.ව.6.50) වැලිකඩ බන්ධනාගාරයේ 2012 දී සිදුකළ අති ම්ලේච්ඡ රැඳැවියන් සමූහ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායකට, හිටපු හමුදාපති ජගත් ජයසූරියට, ගෝඨාභයගේ හිටපු බුද්ධි උපදේශක හෙන්දාවිතාරණ ඇතුළු පිරිසකට නොතීසි යවා තිබේ.
2012 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ රැඳැවියන්ගේ කැරැල්ලක් පොලිසියේ විශේෂ කාර්ය බලකාව විසින් මැඩ පැවැත්වීමෙන් පසුව මහ රෑ එහි ඇතුළු විශේෂ හමුදා ඛණ්ඩයක් සහ පොලිසියේ කිහිප දෙනෙකු විසින් ඔවුන් අත තිබූ නම් ලැයිස්තුවක් අනුව නම් කැඳවමින් සිරකුටි වල සිටි රැඳැවියන් ගෙන්වා පෝලිම් ගස්වා වෙඩි තබා මරා දැමිණ. එසේ තිරශ්චීන ලෙස මරා දැමූ රැඳැවියන් ගණන 27 කි. ඔවුනතර කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල් කුමාරයාගේ රාජකීය කඩුව රාජපක්ෂලා වෙනුවෙන් සොරකම් කරන්නට ගොස් කලබල වී හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයාද විය. රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධයෙන් සාක්කිකරුවන් වූ එවැන්නන් රැසක් එදින රාත්‍රී ඝාතනය කර දැමිණ.
මේ සම්බන්ධයෙන් ඇසින් දුටු ප්‍රබලම සාක්කි කරුවා වූ සුරේෂ් නන්දිමාල් නමැත්තාගේ නිවසට පසුගියදා රාත්‍රී කිසියම් පිරිසක් වෙඩි තබා තිබිණ.
වැලිකඩ සමූහ ඝාතනය පිලිබඳ සෙවීමට පත්කළ විශේෂ කොමිසමේ වාර්තාව සඟවා ගෙන සිටියා යැයි හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂට විවෘත චෝදනාවක් තිබූ නමුත් එම චෝදනාව කළ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහතාට පමණක් විජයදාස රාජපක්ෂ විසින් ඊයේ එන්තරාවාසියක් යවා තිබේ.
වැලිකඩ සමූහ ඝාතනය ගැන පරීක්ෂණ ඉක්මන් කර අපරාධ කරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි බල කරමින් අද බන්ධනාගාරය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සංවිධාන කිහිපයක් සූදානම් වේ.
(වැලිකඩ සමූහ ඝාතනය ගැන එකල ප්‍රථම වරට සේයාරූ සහිතව වාර්තා කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි)
---------------------------
by (2017-09-12 01:47:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි