(ලංකා ඊ නිව්ස් -2017.සැප්.18, පෙ.ව.2.40) විදුලි වර්ජනයට පසුදා එනම් 14 දා අලුයම 3.30 ට පමණ හිඟුරක්ගොඩ රජයේ රෝහලට රැගෙන ආ හෘද රෝගියෙකු (මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු) එම අවස්ථාවේ රෝහලේ විදුලිය විසන්ධී වී තිබු නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීමෙන් පොළොන්නරුව මහා රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති පුවත අපට වාර්තා විය. ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරුවරයා මෙම සිදු වීමෙන් පසුව විදුලිය බිඳ වැටීමට සිදු වූ හේතුව සොයා යෑමේදී දැකගන්නට ලැබුනේ ගල් ඔය දුම්රිය ස්ථානය අසල මිනිසුන් නොගැවසෙන ස්ථානයකින් වැටී ඇති හබරණ ග්‍රිඩ් උපපොලෙන් ආරම්භ වන අධි බැලති 33,000 වෝල්ටීයතාවයකින් යුක්ත විදුලි රැහැන් පද්ධතියට කිසියම් පිරිසක් විසින් ගස් වල අතු ආදිය දමා තිබු ඇති බවකි (මෙහි ජායාරුපයකින් දැක්වේ). මේ හේතුවෙන් මෙම විදුලි රැහැනෙන් විදුලිය ගන්නා හිඟුරක්ගොඩ මහා රෝහලේ විදුලි සැපයුම 14 දා අලුයම අඩාල වී තිබුණි. එම නිසා ඉහත කී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලබා දීමට තිබු මූලික ප්‍රතිකාර ලබා දීමට නොහැකිවීම හේතුවෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදු විය.
එමෙන්ම ඊට පසුදා එනම් 15 දා ඉමදුව රජයේ මහා රෝහලට විදුලිය සපයන අධි බැලති 33,000 වෝල්ටීයතාවයකින් යුක්ත විදුලි සැපයුමක්ද මේ ආකාරයෙන් අඩාල කර, රෝහලේ කටයුතු වලට බාධා පමුණුවා රෝගීන්ගේ ජීවිත අවදානමක හෙලීමක් වාර්ථා විය. මේ පිළිබඳ ගාල්ල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවක මහතුන් පිරිසක් විසින් ගාල්ල පොලිස්ථානයට දන්වා ඇත. මෙහිදීද සිදු කර ඇත්තේ ඉහත හිඟුරක්ගොඩ මහා රෝහලේ විදුලිය විසන්ධි කිරීම සේම ඉමදුව රෝහලේද රෝගී ජීවිත බිල්ලට ගැනීමට තැත් කිරීම ය. වාසනාවට එය සිදු වී නොමැති අතර ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණ සිදු කොට විදුලිය ලබා දී ඇත.
මේවා ඍජු ක්‍රියා වන අතර වක්‍ර ක්‍රියා ලෙස විදුලි සැපයුම අඩාල කිරීම නිසා අලිවැට වල් අක්‍රිය වීමෙන් වල් අලි ගම් වැදී මිනිසුන් බිලි ගැනීමේ සිද්ධිද වාර්තා අතර වේ.
ශිෂ්ට සම්පන්න ලෝකයේ ප්‍රකාශිත යුද්ධයකදී පවා රෝහල් වල විදුලි සැපයුම් අඩාල කිරීම යුද අපරාධයක් සේ සලකද්දී ජනතා විපත්ති පෙරමුණේ රංජන් ජයලාල් ප්‍රමුඛ ත්‍රස්තවාදීන්ට එවැනි සදාචාරයක් නැත. ජනතා විපත්ති පෙරමුණේ වෘත්තීය සමිති අරගලයට සහාය ලෙස ගම්වල සිටින නූගත් පක්ෂ සාමාජිකයෝ විදුලි උප පොල වල විදුලි ට්‍රාන්ස්ෆෝමර වල විලායකයන් (ෆියුස්) ගලවා ගෙන යති. මෙය 88-89 භීෂණයේ මුල් අවස්ථාව සිහිගන්වන්නකි
වෘත්තීය සමිති අරගලයන් සිදු කිරීමට ඇති අයිතිය පිළිබඳ ශිෂ්ට සමාජයකට කිසිදු ගැටළුවක් නොමැත. නමුත් එම අරගලය වෙනුවෙන් කියා ත්‍රස්තවාදීන් සේ කටයුතු කිරීම බරපතල ය. මොවුන් ඉල්ලන දේ නොඉල්ලන දේ ගැන හා එහි සාධාරණත්වය හෝ අසාධාරණත්වය පිළිබඳ සාකච්ඡාව පසෙකට තබමු. අසරණ රෝගීන් සිටින රෝහලක් ඉලක්ක කරගෙන මෙවැනි දෑ සිදු කිරීම කෙතරම් මෘග ද ? අපට හොඳින් හුරු පුරුදු දොස්තර වැඩ වර්ජන වලදී වුව ද ඔවුහු බාහිර රෝගී අංශයේ පමණක් රාජකාරි වලින් ඉවත් වීම සිදු කරන නමුත් හෘද, ළමා, හදිසි අනතුරු ආදී රෝගීන්ගේ අංශ ක්‍රියාත්මක කරමින් අරමුණක් ලෙස රෝගී ජීවිත බිල්ලට නොගන්නා බව ප්‍රදර්ශනය කරති. පෙර කී ලෙස ප්‍රකාශිත යුද්ධයකදී නොව දෙපිරිසක් අතර සිවිල් යුද්ධයක දී පවා රෝහල්වලට බාධා සිදු කිරීම යුද්ධයටත් වඩා ඉතා බරපතල අපරාධ ගණයට වැටෙන ක්‍රියාවකි. එසේ සිදු වූයේ ලෝක ඉතිහාසයේ වාර කිහිපයක් පමණි. එමෙන්ම, අප රටේ දශක ගණනාවක් පුරා පැවති ඊළාම් යුද්ධය පැවති සමයේ වුව මේ ආකාරයට රෝහල් ආශ්‍රිත කටයුතු අඩපණ කිරීම සඳහා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් යැයි කී එල්ටීටීඊය වුව පෙළැඹුනේ නැත.
දැන් ශ්‍රී ලංකාවේ පවතින සිවිල් නීතියද උල්ලංඝනය කරමින් අතලොස්සක් විසින් වැඩ වර්ජන මුලධර්ම වලට ද පටහැනිව සිදු කරනු ලබන මෙවැනි කඩාකප්පල්කාරී ත්‍රස්ත ක්‍රියා නිසා වැඩ වර්ජනයේ නිරත වන සමස්ත සේවකයින්හට ඔවුන් බලාපොරොත්තු වන දේවල් කෙසේ වෙතත්, අසරණ රෝගීන්ගේ ශාපය වැදීම නම් නිසැක ය. මේ සම්බන්ධයෙන් රටේ පවතින අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයතු නොකරන්නේ මන්දැයි නොතේරේ.
මහජන මුදල් නාස්තිය පිළිබඳ කිඹුල් කඳුලු හෙලන මෙම ඊනියා වෘත්තීය සමිති නායකයින් ඇමතිවරයා සමඟ සාකච්ඡාවලදී පවසන්නේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් විශමතාව නිවැරදි බව පිළිගැනීමට නම් ඔවුන්ටද විශාල වශයෙන් වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසයි. එසේ නොවන්නේ නම් සැප්තැම්බර මාසයම ජනතාව අඳුරේ තබන බවයි. එසේ නම් එවැනි අසාධාරන වැටුප් වැඩිවීමක් සඳහාද වැයවන්නේ මහජන මුදල් නොවේද ?
මොවුන්ගේ ඉල්ලීම වන්නේ 1:6 ලෙස වැටුප් පරිමාණය සකස් කොට ඔවුන්ගේ වැටුප් මෙම ලිපියේ පහත ඇති පරිදි වැඩි කිරීමටය. (පහත ඉමේජ වල විස්තර දැක්වේ)
ඒ අනුව දැනට සම්පුර්ණ වැටුප ලෙස රු. 1,25,000/= ලබාගන්නා අයපත් කරුවෙකුගේ සම්පුර්ණ වැටුප ඔවුන්ගේ ඉල්ලීමත් ලබා දී 2018 දී ලබා දීමට නියමිත 25% වැටුප් වැඩි වීමත් සමග රු. 2,34,766/=ක් ලෙස වැඩි කළ යුතුය.
දැනට සම්පුර්ණ ලෙස රු. 1,16,000ක් පමණ ලබාගන්නා රියදුරෙකුගේ සම්පුර්ණ වැටුප ඔවුන්ගේ ඉල්ලීමත් ලබා දී 2018 දී ලබා දීමට නියමිත 25% වැටුප් වැඩි වීමත් සමග රු. 2,17,678/= ක් ලෙස වැඩි කිරීමටය.
නමුත් දැනට සම්පුර්ණ ලෙස රු. 1,23,712/= ක් පමණ ලබාගන්නා විදුලි ඉන්ජිනේරුවෙකුගේ සම්පුර්ණ වැටුප ඔවුන්ගේ ඉල්ලීම අනුව වැඩි නොකරන ලෙසය.
(ඉහත අගයන් කිසියම් සේවකයෙකු සඳහා පමණක් වන අතර එම අගයන් එම කාණ්ඩයේ වෙනත් සේවකයෙකු සඳහා අඩු හෝ වැඩි වේ. එසේම ඔවුන් බඳවා ගන්නා අවම සුදුසුකම වන්නේ අපොස සා.පෙ. වැඩ 6 ක් සමත් වීම පමණි)
ඉංජිනේරුවරයෙකු ලබා ගන්නා වැටුප වැඩි කිරීමට ඉංජිනේරුවරු කිසිදු යෝජනාවක් දී නැත. නමුත් ඉංජිනේරුවරුන්ගේ යෝජනාව වී ඇත්තේ ඒකාබද්ධ ඉංජිනේරු සේවාව තාක්ෂණික සේවකයින්ට ස්ථාපනය කර වැඩ බිමේ රාජකාරි සිදු කරන පුහුණු කනිෂ්ඨ කාර්මික සේවකයාගේ සිට විදුලි අධිකාරිවරයාගේ වැටුප ඉතා සාධාරණ ලෙස වැඩි කරන ලෙස ය. දැන් එම යෝජනාවට අමාත්‍යාංශ අනුමැතිය ලබා දී ඉතා ඉක්මනින් ලංවිම තුළ ස්ථාපනය කිරීමට තීරණය වී ඇත.
මේ නිසා කුපිත වූ වැඩ වර්ජකයෝ රාජකාරිවල නිරත සේවකයින්ට බරපතල මඩ අවලාද කියමින් රෝහල් වලට විදුලිය සපයන විදුලි රැහැන් පවා අවහිර කරමින් රෝගී ජීවිත බිලිගනිමින් සැබෑ ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියා කරති.
(හිඟුරක්ගොඩ කඩා කප්පල්කාරී ත්‍රස්ත ක්‍රියාවේ සේයාරුවක් සහ විදුලියේ වැටුප් විහිලුවට සාක්කි පහත ඉමේජ වල දැක්වේ.. විශාල කර කියවන්න )
---------------------------
by (2017-09-17 21:24:27)
Leave a Reply
Iam working as a clerk and getting a basic salary of Rs. 40000 and Iam allowed to do maximum 80 hours of overtime per month which is around Rs. 20000. I think its better to change my position to a driver according to this buffalo hehe. After hearing this story my grand dad said these kind of people are "paddho, pannayo, haaliyo and hakuro". To be honest I don't know what that exactly means but I know for sure this person is belong to one of those categories. Those payslips have been selected to fool the general public. We can't educate this kind of people apart from sending them through from where they came to this world.
-- by Dilan on 2017-09-21
මමත් ලංවිම විදුලි අධිකාරි කෙනෙක්. අපි මහන්සිවෙලා ඉගෙනගෙන ආවට වැඩක් නෑ මගේ රියදුරා මට වඩා පඩියක් ගන්නවා (රු. 123000). අම්මපා මේක අතාරලා driving ජොබ් එක කරන්න එනවා අයෙමත් CEB එකට. OL වැඩ 6 සමත් Clerk ලා ගන්නවා රු. 80000 ක් 90000 ක් අතර. මේවා ඇත්ත. සමහර තැන්වල මීටත් වැඩිය ගන්නවා මුන්.
-- by කුමාර on 2017-09-26
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි