~

මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!!

අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.26,  පෙ.ව‍.8.45) කිලී මහාරාජා සහ ජනාධිපති බෑණා ඇතුළු කල්ලියකට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා සැලසුම් කරන ලද වසර 10 ක් පරණ යුද නැවක් මිලට ගැනීමේ අති දැවැන්ත දූෂනයට නව නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය පළ නොවීම හේතුවෙන් නව නාවික හමුදාපතිවරයා තනතුරේ දිව්රුම් දුන් සැනින් එළවා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති අතර ඔහුගේ සේවා දිගුව ලබා දී ඇත්තේ මාසයකට පමණි. 

පසුගිය වනචර දශකයේ දී දේශපාලන පලිගැනීම් රැසකට මුහුණ දුන් ට්‍රැවිස් සින්නයියා නමැති අති විශිෂ්ඨ රණවිරුවා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණේ විශාල බාධා මධ්‍යයේ පසුගිය අගෝස්තු මාසයේ 18 දාය. ඔහුට වයස 55 සපිරෙන්නේ අද ය. එනම් 2017 සැප්තැම්බර් 26 දිනය. නාවික හමුදා නීතිය අනුව වයස 55 දී සියළු නැවියන් විශ්‍රාම යා යුතු වුවද ඊට පෙර නාවික හමුදාපතිවරයා ලෙස පත් වුවහොත් ඔහුට වසර 3 ක කාලයක් පදවිය දැරිය හැකිය. එනම් නාවික හමුදාපතිවරයා ලෙස පත් වන විටම වසර 3 ක කාලයකට සේවා දිගුවක් සඳහා සුදුසුකම් ලබන්නේ ය. නමුත් පසුගිය රාජපක්ෂ යුගයේ දී තම හෙංචයියන් ඉක්මනින් නාවික හමුදාපතිවරුන් ලෙස පත් කිරීමට අවශ්‍ය වූ නිසා මෙම වසර තුන, වසරක් දක්වා අඩු කෙරිණ. ඉන්පසුව අවශ්‍ය නම් වසරකට පසුව යලි සේවා දිගුවක් ලබා දුන්නේ ය. 

දැන් ට්‍රැවිස් සින්නයියා නමැති නාවික හමුදාපතිවරයාටද රාජපක්ෂ තියරියෙන් බැලුවත් වසරක සේවා දිගුවක් ලබා දිය යුතු වුවද ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දී ඇත්තේ මාස 1 ක සේවා දිගුවක් පමණි. ආරක්ෂක ඇමැති සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක්හි සිටියදී පවා මේ පිලිබඳ විමසූ විට පවසා ඇත්තේ සින්නයියාට මාස 6 ක හෝ සේවා දිගුවක් ලබා දීමට තමන් කටයුතු කරන බවකි. නමුත් ඔහු ඊයේ දිවයිනට පැමිණි පසු ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණි. 

ගෝඨාගේ මිග් ඩීල් දූෂණය  පරදවන දූෂිත නැව් ඩීල් එකට අනුමැතිය ඉල්ලා ජනාධිපති වරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත්  එහි දූෂන සම්බන්ධයෙනුත් ඊට නාවික හමුදාපතිවරයා විරුද්ධ බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේද ඊයේ පාන්දර ය. 

නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ වසර 10 ක් පරණ යුද නැවකින් කෝටි ගණනක මුදලක් ගැහීමට ජනාධිපති බෑණාගේ සහ කිලී මහාරාජාගේ සැලසුමේ දී එකී යුද නැව මිලදී ගන්නවාට වත්මන් නාවික හමුදාපතිගේ අකමැත්ත ප්‍රකාශය වීම නිසා ඔහුව මාසයකින් කපා දමා ජනාධිපතිවරයාගේ ගම් පළාතේ රජරට අයෙකු නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලන  Gepard වර්ගයේ Frigate class රුසියානු පරණ යුද නැව ලංකාවට සුදුසු නැතැයි නාවික හමුදා අද්මිරාල් වරුන් තිදෙනෙකු විසින් මීට පෙර වාර්තාවක් ලබා දී තිබේ. 

ඔවුන් තිදෙනා නම්; වයිස් අද්මිරාල් එස්.එස්.රාමසිංහ, වයිස් අද්මිරාල් ධර්මබන්දු වෑත්තෑව සහ වයිස් අද්මිරාල් නීල් රාජපක්ෂ තිදෙනා ය. ඔවුන්ගෙන් මෙම නැව සුදුසුද කියා විමසා ඇත්තේ වත්මන් සිරිසේන පාලනය නොව රාජපක්ෂ පාලනය ය. මෙම නැව මිල දී ගැනීමේ ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් ඔවුන්ය. නැව සුදුසුද කියා විමසීමේ දී අඩුම වශයෙන් නැවේ සැලසුම් සටහන් හෝ ඉදිරිපත් කර නොතිබූ බැවින් අද්මිරාල්ලා වියට්නාමයේ ඒ වන විට තිබූ ඒ හා සමාන නැවක් පරීක්ෂා කිරීම සඳහා ගොස් පැමිණ එවැනි නැවක් ලංකාවට නුසුදුසු බව වාර්තා කොට ඇත. ඉන්පසුව බලයට ආ සිරිසේන ජනාධිපති වරයාද කර තබාගෙන ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ ව්‍යාපෘතියම නමුත් තමන්ගේ හෙංචයියලා දමාගෙනය. අද්මිරාල් වරුන් තිදෙනෙකු නුසුදුසුයි කියා දුන් වාර්තාව යට ගසා හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න විසින් කිලී මහාරාජාට ජනාධිපති බෑණාට අවශ්‍ය අන්දමට පරණ යුද නැව සුදුසු යයි වාර්තාවක් ලබා දී ඇත. ජනමාධ්‍ය වේදියෙකුට ගෝරිල්ලෙකු මෙන් පහර දී යහපාලන ආණ්ඩුවේ මූණේ දැලි ගා තිබූ රවීන්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති වරයා විසින් සියළු විරෝධතා මධ්‍යයේ සේවා දිගුවක් ලබා දුන්නේ එනිසා ය. එවැනි කබල් බහු බූත යුද නැවක් රටට නුසුදුසු යයි දැන් වත්මන් නාවික හමුදාපතිවරයා ද පවසන බැවින් ඔහුව මාසයකින් ඉවත් කිරීමට සූදානම් වන බව ඉතාම හොඳින් පැහැදිලිය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘බබා හුකුං‘ පෙන්වූ කාලය නිමා වෙමින් යන බව පෙනේ.  

---------------------------
by     (2017-09-26 03:55:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

Dear LEN, ENOUGH IS ENOUGH! WE NEED TO FIND A CURE FOR THESE TWO TERMINAL CANCERS AT THE TOP BEFORE THE PATIENT IS DEAD OR ANOTHER CULPRIT TAKES OVER! THE WHOLE NATION IS IN A DANGER ZONE NOW!! We all agree that we may never find perfect people to fit into those shoes. However, late is better than never and there are more than enough leaders in the country, who has demonstrated that they can do a clean and a better job than those TWO MISFITS AT THE TOP. Therefore, it is high time to start backing an alternative President and an alternative Prime Minister for an alternative government in 2020, BEFORE IT IS TOO LATE!!!
-- by citizen on 2017-09-26

දැන් ට්‍රැවිස් සින්නයියා නමැති නාවික හමුදාපතිවරයාටද රාජපක්ෂ තියරියෙන් බැලුවත් වසරක සේවා දිගුවක් ලබා දිය යුතු වුවද ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දී ඇත්තේ මාස 1 ක සේවා දිගුවක් පමණි. ආරක්ෂක ඇමැති සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක්හි සිටියදී පවා මේ පිලිබඳ විමසූ විට පවසා ඇත්තේ සින්නයියාට මාස 6 ක හෝ සේවා දිගුවක් ලබා දීමට තමන් කටයුතු කරන බවකි. නමුත් ඔහු ඊයේ දිවයිනට පැමිණි පසු ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණි. ගෝඨාගේ මිග් ඩීල් දූෂණය පරදවන දූෂිත නැව් ඩීල් එකට අනුමැතිය ඉල්ලා ජනාධිපති වරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් එහි දූෂන සම්බන්ධයෙනුත් ඊට නාවික හමුදාපතිවරයා විරුද්ධ බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේද ඊයේ පාන්දර ය. නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ වසර 10 ක් පරණ යුද නැවකින් කෝටි ගණනක මුදලක් ගැහීමට ජනාධිපති බෑණාගේ සහ කිලී මහාරාජාගේ සැලසුමේ දී එකී යුද නැව මිලදී ගන්නවාට වත්මන් නාවික හමුදාපතිගේ අකමැත්ත ප්‍රකාශය වීම නිසා ඔහුව මාසයකින් කපා දමා ජනාධිපතිවරයාගේ ගම් පළාතේ රජරට අයෙකු නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. කෙසේ නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලන Gepard වර්ගයේ Frigate class රුසියානු පරණ යුද නැව ලංකාවට සුදුසු නැතැයි නාවික හමුදා අද්මිරාල් වරුන් තිදෙනෙකු විසින් මීට පෙර වාර්තාවක් ලබා දී තිබේ.
-- by Sobithawathara on 2017-09-26

Hello Citizen, This government is better than what we had. If it doesn't work, We will elect much better one in 2020. Are you even in Sri Lanks? LeN owner is also out of the country. You people should live here and face real problems and see it through rather than trying to find solutions to our country from outside.
-- by Nalaka on 2017-09-26

Looks like Sirasa's campaign onslaught against Bond scam and Central Highway will be halted as a result.
-- by Jayasingha on 2017-10-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links