~

මෛත්‍රී වාරිමාර්ග ඇමැතිව සිටියදී අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව පිළිගනී: අල්ලස් දුන් සමාගම බ්ලැක් ලිස්ට්..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.05,  පෙ.ව‍‍.5.40) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග ඇමැතිවරයාව සිටියදී SMEC නමැති ඕස්ට්‍රේලියානු සමාගමකින් අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව විසින් පිළිගෙන තිබේ. 

මේ බව තහවුරු වන්නේ අල්ලස් දීම හේතුවෙන් එකී සමාගම ලෝක බැංකුව විසින් පසුගියදා ‘බ්ලැක් ලිස්ට්‘ කිරීම නිසා ය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අල්ලස් ගැනීම පිලිබඳ පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය මගින් ප්‍රථම වරට හෙළිදරව් කරන ලද අතර ඒ පිලිබඳ ජනාධිපති මෛත්‍රී කියා සිටියේ තම සුපුරුදු පිළිතුර වන ‘මං දන්නේ නෑ‘ යන්නයි.  නමුත් දැන් තත්ත්වය බැරෑරුම් වී ඇත්තේ ලෝක බැංකුව එය තහවුරු කරමින් එකී සමාගම ‘බ්ලැක් ලිස්ට්‘ කිරීමත් සමගය.

අදාල සිද්ධිය මෙසේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග ඇමැතිව සිටියදී 2009 වසරේ දී ලෝක බැංකුව විසින් වාරි ව්‍යාපෘතියක් සඳහා ලංකාවට ආධාර වශයෙන් ඩොලර් මිලියන 1.82 ක් ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය නිමැවීම සඳහා ඕස්ට්‍රේලියාවේ SMEC නමැති සමාගම ද ඉදිරිපත් වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යාපෘතිය නිමැවීම එම ආයතනයට ලබා දීම සඳහා ‘අල්ලස්‘ ඉල්ලා ඇත.

ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව එම රටේ සමාගමක් වෙනත් රටක කාට හෝ අල්ලසක් ලබා දුන්නද එය අපරාධයක් ලෙස දඬුවම් ලැබිය යුතු වරදකි. එබැවින් මේ සම්බන්ධයෙන් එරට දූෂන විරෝධී සංවිධාන සහ ජනමාධ්‍ය SMEC සමාගම පිලිබඳ පැමිණිලි කෙළෝ ය. ඒ ගැන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්ෂණ කරද්දී ලෝක බැංකුවද තවත් පරීක්ෂණයක් කෙළේය. ඒ මන්ද යත් අප වැනි රටවලට දෙන ලෝක බැංකු ආධාර දූෂණ කටයුතු සඳහා වැය වීම ගැන ලෝක බැංකුවද දැඩි සේ සංවේදී කාරණයක් වන නිසාය. සත්‍ය වශයෙන්ම ගුඩ් ගවර්නන්ස් හෙවත් යහපාලන සංකල්පය අප වැනි රටවල් අනුගමනය කළ යුතුය යන්න ලෝක බැංකුවේ බලපෑමකි. මන්ද යත් ඔවුන් ලබා දෙන ආධාර මුදල් අප වැනි රටවල සිටින දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් විසින් ගසා කෑම වළක්වා ගැනීම අවශ්‍ය නිසා ය. 

මේ හේතු අනුව SMEC සමාගමට පෙර කී ලංකාවේ වාරි ව්‍යාපෘතිය ලබා දීමට ඔවුන්ගෙන් එවක වාරිමාර්ග ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් ඉල්ලුවා යැයි කියන කතාව ගැන ෆෙඩරල් පොලිසියෙන් සහ ලෝක බැංකුව නමැති ආයතන දෙකකින්ම පරීක්ෂණ සිදුකෙරිණ. එහිදී SMEC සමාගමේ ලංකාවේ ප්‍රධානියා (මේ සිද්ධිය ඇදී ඒමත් සමග එම නිලධාරියා සමාගමෙන් ඉවත් කරන ලදී) මව් සමාගමට යවන ලද ඊමේලයක සඳහන් කරුණක් හෙලිවිය. එහි සඳහන් කර තිබුනේ මෙම ව්‍යාපෘතිය SMEC සමාගමට ලබා ගැනීමට නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු හෝ උපදේශකයෙකු විසින් ඇමැතිවරයාට ‘දේශපාලන පරිත්‍යාගයක්‘ කළ යුතු යැයි කියන බවයි. ඉන්පසුව මව් සමාගමෙන් විශාල මුදලක් ලංකාවේ ප්‍රධානියාට යවා ඇති බවත් එම මුදල් කිසිවෙකු විසින් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ. නමුත් අවසානයට මුදල් ගිය ස්ථානය තවමත් අබිරහසකි. 

ඒ අතර වාරයේ මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ජනාධිපතිවරයා බවටද පත්ව තිබූ අතර මේ සිද්ධිය පසුගිය කාලයේ හෙළිදරව් වූ විට තමන් මේ ගැන කිසිවක් නොදන්නා නමුත් ඒ ගැන සොයා බලන බව සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණ. නමුත් ලංකාවේ එවැනි සොයා බැලීමක් සිදුකෙරුණේ නැත. ඒ වෙනුවට ඔහු සොයන ලද්දේ බැඳුම්කරය පමණි. 

කෙසේ වෙතත් මේ වන විට ලෝක බැංකුව පෙර කී SMEC සමාගම අල්ලස් ලබා දී ඇති බව තහවුරු කරගෙන ඇති බැවින් එම සමාගම ලෝක බැංකුවේ අසාදු ලේඛන ගත කර හෙවත් ‘බ්ලැක් ලිස්ට්‘ ගත කර තිබේ. ඒ සඳහා බල පා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට අල්ලස් දීම පමණක් නොව බංග්ලා දේශයේ ව්‍යාපෘතියකදී ද අල්ලස් ලබා දීම ඊට හේතු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත් කරන ‘ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්‘ නමැති මාධ්‍ය මගින් ඊයේ (04) පළ කරන ලද පුවතකින් මේ පිලිබඳව දීර්ඝ හෙළිදරව්වක් කර තිබේ. ( කියවන්න http://www.smh.com.au/federal-politics/political-news/turnbull-government-faces-questions-over-snowy-hydro-20-as-firm-banned-over-corruption-allegations-20171004-gyu7q4.html

මෙවැනි තත්ත්වයක් මත මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙර තිබූ අන්තර්ජාතික පිළිගැනීම දැවැන්ත ලෙස කඩා වැටෙමින් තිබේ. වන්දිභට්ටයන් නොබෙල් තෑගි කතා දෙඩෙව්වද සත්‍ය තත්ත්වය එයයි. ඊට හොඳම උදාහරණය සපයන්නේ ඔහුගේ පසුගිය එක්සත් ජාතීන්ගේ මහා සමුළු සංචාරයයි. මුල් කාලයේ දී ඔබාමා වැනි ලෝක නායකයන් හුනස්න වලින් නැගිට අවුත් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළද මෙවර එවැනි කිසිදු පිළිගැනීමකට ලක් වූයේ නැත. සිරිසේන ජනාධිපතිවරයා එම සංචාරයේ දී හමුවී සාකච්ඡා කෙළේ ජාත්‍යන්තර තලයේ 5 දෙනෙකු සමග පමණි. ඉන් දෙදෙනෙකුම කවුරුත් හමුවන එ.ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වරයා යි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා හමුවූ අනෙක් තිදෙනා නම් නේපාල අගමැති, පාකිස්ථාන අගමැති සහ ඇමරිකාවේ දේශපාලන අංශයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙකි. නේපාලය සහ පාකිස්තානය යනු අපේම කලාපයේ රටවල් දෙකකි. අනෙකා රාජ්‍ය නායකයෙකු නොව නිලධාරියෙකි. එසේ මිස කිසිදු බලවත් රාජ්‍ය නායකයෙකු මෙවර ජනාධිපති මෛත්‍රී හමුවූයේ නැත. එයට හේතුව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කඩා වැටීම පමණක් නොව නිව්යෝර්ක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා  කාර්යාලයේ නිලධාරීන්ගේ ද තිබූ සංවිධානයේ දුර්වල කමයි. විදේශ සේවයට ඒ.එස්.පී ලියනගේ ලා වැනි ගොබ්බ වාහේලා පත් කරන ලද්දේ ද ජනාධිපතිවරයා විසින්ම බැවින් අවසන් ප්‍රතිඵලයට වග කිව යුත්තේ ද ඔහුම ය.

කෙසේ වෙතත් දැන් සිදුවී ඇති ලෝක බැංකු බ්ලැක් ලිස්ට් සිද්ධිය ‘මං දන්නේ නෑ‘ කියා ලිස්සා හැරිය හැක්කක් නොවේ. මෙවැනි අනතුරුදායක තත්ත්වයක හිඳිමින් තව දුරටත් මහාරාජා වැනි තක්කඩියන් සමග එක් වී යුද නැව් ඩීල් දැමීම වැනි ඩීල් වලට යෑමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂලාටත් අන්ත අඩියකට වැටෙන බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය. (මහාරාජාලා සමග එක් වූ කිසිදු දේශපාලකයෙකු ගොඩ ගොස් නැති බව මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිවෙකු හෝ කියා දිය යුතුය)  

මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ජනාධිපති පුටුවේ හිඳවීමට මහන්සි වූ මාධ්‍යයක් ලෙස කල් තියා අනතුර පෙන්වා දීම ලංකා ඊ නිව්ස් යුතුකමක් බැවින් මෙය සටහන් කර තබන්නෙමු. චතුරිකාලා ඇත්තටම ජනාධිපති තාත්තාට ආදරේ නම් කළ යුත්තේ තමන්ගේ හොර තක්කඩි ඩීල් වලට ‘ජනාධිපති තාත්තා‘ ගාවා නොගෙන හිඳීම ය. කෙතරම් රහසේ ඩීල් දැම්මත් ඒවා හෙලිවන බවද මතක තබා ගත යුතුය.

(ලංකා ඊ නිව්ස් විශේෂ ලියුම්කරුවෙකු විසිනි)               

---------------------------
by     (2017-10-05 00:14:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

Dan balanakota hitapu evunuth, dan inna palakayoth ekama valle pol. Kisima venasak naha.
-- by nareen on 2017-10-05

යකෝ මූත් මං වගේම එකෙක් නේ.
-- by මරා on 2017-10-05

මෛත්‍රිපාල මහතාගේ වචන වලින්ම එදා කිව්වා වගේ රහසින්වත් පව් (හොර වැඩ) නොකළ යුතුයි.
-- by Anton on 2017-10-05

මහාරාජාලා සමග එක් වූ කිසිදු දේශපාලකයෙකු ගොඩ ගොස් නැති බව මෛත්‍රීපාල සිරිසේනට කිසිවෙකු හෝ කියා දිය යුතුය.......
-- by රෝනි on 2017-10-05

මේ හමන සුළගට ඇස් තියෙනව කන් තියෙනව, මේ ගස් ගල් බිත්ති සියල්ලටමත් ඇස් කන් තියෙනව.හංගන්න පුළුවන් දෙයකුත් නෑ, හැංගිලා ඉන්න පුළුවන් කෙනෙකුත් නෑ.
-- by ජයනි on 2017-10-06

Dan balapuwahama Lankawe deshapaalanaya karana ungen siyeta anunamayakma inne hora thakkadiyo. Mun innakan Lankawa wadi kal yanna issara Ethiyopiyawa wage ratak wena eka noanumaanayi.
-- by weera on 2017-10-07

Me miniha aawe duppath gami pawulakinlu. Aney apith sithuwe meyanam Lankawe waasanaawakata aapu honda nihathamaani, awanka naayakayek kiyala. Dan me news eka ahapuwama, okkoma balaaporoththu sun una. Me minihagei, hitiya ekagei athi kisima wenasak na. Mun kohomada redi andagana ape duppath ahinsaka minissu rawatanne. Mun duppathunge le bona bhayaanaka saththu jaathiyak.
-- by weera on 2017-10-08

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links