~

‘කටින් පොරොන්දු වූ දේ ක්‍රියාවෙන් ඉෂ්ඨ කරන්න..!‘ මැලේසියානු අගමැති ලංකාවේ ජනාධිපති මෛත්‍රීට දුරකථනයෙන් දොස් කියලා..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.10,  පෙ.ව‍‍.7.10) මැලේසියානු රාජ්‍ය නායක අග්‍රාමාත්‍ය දාතෝ ශ්‍රී හාජි මොහොමද් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් හෙවත් නජීබ් රසාක් මහතා  ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක ජනාධිපති පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අමතා දැඩි ස්වරයකින් දොස් නගා ඇතැයි ලංකා ඊ නිව්ස් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. 

රාජ්‍ය නායකයන් දෙදෙනාම විසින් ප්‍රසිද්ධියේ පවසා නැති නමුත් මෙකී සිද්ධිය වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ය.

මැලේසියානු අගමැතිවරයා ලංකාවේ ජනාධිපතිවරයාට දොස් කියා ඇත්තේ සිරිසේන මහතා විසින් කරන ලද පොරොන්දු කඩ කිරීමක් මෙන්ම ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ සදාචාරය කඩ කිරීමක් පිලිබඳව ය. 

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට හේතු කාරණා වූ සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකාව ද අනෙක් රාජ්‍යයන් මෙන්ම ප්‍රධාන දත්ත හුවමාරුව සඳහා භාවිතයට ගන්නා මුහුද යටින් එලා ඇති ෆයිබර් ඔප්ටික් ජාලය මගින් නිර්මිත ලෝක අන්තර්ජාල කොඳු නාරටිය හෙවත් ‘ඉන්ටර් නෙට් බ්‍රෝඩ් බෑන්ඩ් බැක් බෝන්‘ එක සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියානු ආණ්ඩුවට සම්බන්ධ සමාගමකට දුන් පොරොන්දු කඩ කර තිබේ.

එම සමාගම නම් ලංකාවේ චිර ප්‍රසිද්ධ ඩයලොග් සමාගමයි. ඩයලොග් සමාගමේ මව් සමාගම නම් Axiata Group නම් මැලේසියානු සමාගමකි. එකී Axiata Group සමාගමට ද ප්‍රධාන ව්‍යවසායක දායකත්වය සපයන්නේ Khazanah Nasional නමැති මැලේසියානු රාජ්‍ය සමාගමකි. 

පෙර කී ලෙස ලංකා රාජ්‍යය ද භාවිතයට ගන්නා ජාත්‍යන්තර දත්ත ජාලය හෙවත් ‘බ්‍රෝඩ් බෑන්ඩ් බැක් බෝන්‘ එක ඩයලොග් සමාගමේ බ්‍රෝඩ් බෑන්ඩ් පහසුව සඳහා බෙදා ගැනීමට ලංකාව රාජ්‍යයක් ලෙස ඩයලොග් සමාගමත් සමග ගිවිසුම් ගතව තිබේ. ඒ වෙනුවෙන් මූලික ගෙවීමක් ලෙස ඩයලොග් සමාගම ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRC) රුපියල් මිලියන 800 ක් හෙවත් රු. කෝටි 80 ක් ගෙවා තිබේ. ටීආර්සිය ඒ වෙනුවෙන් රිසිට් පතක්ද ඩයලොග් සමාගම වෙත නිකුත් කර තිබේ.  

එසේ තිබියදී ජනාධිපතිවරයාගේ මේ දිනවල සිටින උපදේශක ගොබිලන් වන කිලී මහාරාජා වැනි අබ්බයන් විසින් පවසා ඇත්තේ මෙලෙස ‘බ්‍රෝඩ් බෑන්ඩ් බැක් බෝන්‘ එක බෙදා ගැනීම නොකරන ලෙසයි. මුළු ලෝකයේම තිබෙන රාජ්‍යයන් තමන්ගේ ‘බ්‍රෝඩ් බෑන්ඩ් බැක් බෝන්‘ අයිතිය පුද්ගලික සමාගම් සමග වාර්ෂික බදු මුදල් මත බෙදා ගැනීම සාමාන්‍යයක් වන අතර ඉන් ඒකාධිකාර බිඳී යෑමත්, තරඟ කාරිත්වය නිසා වඩා දියුණු සේවයක් මහජනතාවට ලබා ගත හැකි වීමත් සිදුවෙද්දී, කපටියන්ගේ ගොබ්බ උපදෙස් මත යැපෙන ජනාධිපතිවරයා තමන් විසින් ලබා ගත් මුදලට ආදාල සේවය සැපයීම කල් මරමින් තිබේ. එක්කෝ පුද්ගලික සමාගම් සමග ‘බ්‍රෝඩ් බෑන්ඩ් බැක් බෝන්‘ එක බෙදා ගැනීම නොකරන්නේ යයි ප්‍රතිපත්තියක් ලෙස තීරණය කර, ලබා ගත් මුදල් යලි ආපසු ගෙවා ස්ථිර සාර වචනයක් කිව යුතුය. නැතිනම් ලබා ගත් මුදල් සහ එකඟ වූ ගිවිසුම් අනුව ක්‍රියා කළ යුතුය. මේ දෙකින් එකක් හෝ නැතිව වසර ගණන් කල් මැරීම හේතුවෙන්, මෙහි මූලික ව්‍යවසායකයා වූයේ මැලේසියානු ආණ්ඩුව බැවින්, මැලේසියානු අගමැතිවරයා විසින් සිරිසේන ජනාධිපතිවරයා අමතා පුද්ගලිකවම දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

මැලේසියානු අගමැතිවරයා ඉංගිරිසියෙන් කළ දෝෂ දර්ශනය සිරිසේන මහතා නිවැරදිව තේරුම් ගත්තාදැයි නොදන්නා බවද රාජ්‍ය තාන්ත්‍රිකයෝ උපහාසයෙන් යුතුව පවසති. 

---------------------------
by     (2017-10-10 02:24:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Aiyo sirisena,
-- by silva on 2017-10-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links