~

කොළඹට ‘ලන්ඩන් ලුක්‘ එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..!

(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.12, ප.ව.3.45) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. 

මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාක‍ෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.

මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය. 

---------------------------
by     (2017-10-12 10:11:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ඉන්ටරනෙට් එකේ තියෙනව දැක්ක පිට රටක හදල තියෙනව ඉතාමත් කාර්යක්ෂමව ඔක්සිජන් විශාල ප්‍රමානයක් නිකුත් කරන දියුණු කරන ලද ශාඛ විෙෂ්ශයක් ප්‍රමාණයෙන් කුඩා ඉඩක් ගන්නා ඇටවුමක සවිකර නගරයේ ප්‍රසිද්ධ ස්ථානල හයි කරන ක්‍රමයක් පිරිසිදු වාතාශ්‍රය ලබා දීමට. විස්තර මට මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් ලිනක් එක දාන්න. අගමැති තුමාට කව්රැ හරි මේ පනිවුඩය දෙන්න ඒ ක්‍රමය දැන්මම ලංකාවට හඳුන්වාදෙන්න පුලුවන්ද බලන්නයි කියල.
-- by silva on 2017-10-12

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links