~

චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරීම විගඩමක්..! ඇයට කළ නිගරුවක්..!!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15,  පෙ.ව‍‍‍.2.00 -දෙවන සංස්තරණය පෙ.ව.4.00) ප්‍රියංකර ජයරත්න ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කොට ගුරුවරියක දණ ගස්සවා අධිකරණයෙන් දඬුවම් ලැබ සිටින ආනන්ද සරත් කුමාර එම ආසනයේ සංවිධායක ධූරයට පත් කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ දෙදෙනාද ශ්‍රීලනිප ආසන සංවිධායක ධූර වලින් ඉවත් කර තිබේ. 

කුමාර වෙල්ගම මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ අතර මහින්දානන්ද අලුත්ගමගේ  නාවලපිටිය ආසන සංවිධායක ධුරය දැරුවේය. කුමාර වෙල්ගමගේ තනතුර ප්‍රියංගනී අබේවීරට ලබා දී ඇති අතර මහින්දානන්දගේ තනතුර පළාත් සභාවේ අන්තිමයාට මනාප ලැබූ එච්.ඒ. රණසිංහට ලබා දී තිබේ. 

බණ්ඩාරගම ආසනයේ  සංවිධායක වූ ප.ස. මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න ද එම ධූරයෙන් ඉවත් කර ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක නමැත්තා බණ්ඩාරගම ආසන සංවිධායක ධූරයට පත් කර ඇත.

මෙම නව ආසන සංවිධායක ධූරයන් අතර විකාරරූපී සංවිධායක ධූරය නම් අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමයි. අත්තනගල්ල බණ්ඩාරනායකලාගේ පාරම්පරික ආසනය බව සැබෑ නමුත් ආසන සංවිධායක වරයෙකු හෝ වරියක පත් කරන්නේ ඇය හෝ ඔහු පාර්ලිමේන්තු ඡන්දයකට ඉදිරිපත් කරවීමට ය. ඒ අනුව මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තු ඡන්දයකට ඉදිරිපත් කිරීමට සූදානම් වනවාදැයි නොදන්නා නමුත් හිටපු ජනාධිපතිනිය පුන පුනා පවසන්නේ ඇය යලිදු ක්‍රියාකාරී දේශපාලනයට නොඑන බව පමණක් නොව මේ වන විට ඇයට මෛත්‍රී ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් පවා ලබා නොදෙන බවද ඇය පවසන්නී ය.

සිරිසේ්න මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ආවේ චන්ද්‍රිකා වූ අතර ජනාධිපතිවරණයට තරඟ කර ජයග්‍රහණයෙන් පසුව ඔහු නිර්පාක්ෂික වන  බව දිව්රා පොරොන්දු විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටියේ පක්ෂය යලි ශිෂ්ඨ සම්පන්න පක්ෂයක් බවට පත් කිරීම සඳහා ශ්‍රීලනිප නායකත්වය පමණි. අන් කිසිදු තනතුරක් ඇය ඉල්ලා නොසිටියා ය. සිරිසේන මහතා ජයග්‍රහණයෙන් පසුව ඒ එකක්වත් ඉටු කෙළේ නැත. වසර 17 ක් පැරදි පැරදී තිබූ පක්ෂයක් ජයග්‍රහණය කරා මෙහෙයැවූ නායිකාව වන ඇයට අද ආසන සංවිධායක ධූරයක් ලබා දීම ඇයට කළ නිග්‍රහයක් ලෙස සැලකිය හැකිය.  

අනෙක් අතට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට විශ්‍රාම සුවයෙන් ඉන්නැයි කියන වත්මන් ශ්‍රීලනිප නායකයන් චන්ද්‍රිකා කුමාරතුංගට ආසන සංවිධායක ධූර පිදීම පරස්පර විරෝධී විගඩමක් නොවන්නේ ද?  

---------------------------
by     (2017-10-15 06:49:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

විගඩමේ නොදුටු පැතිකඩ උපේක්ෂාවෙන් දකිමු... ================================= චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරීම විගඩමක්..! (ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15, පෙ.ව‍‍‍.2.00) පුවතට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්. ============================== මෙතුන්ලොව පහල වුනු කිසිදු ජනාධිපතිවරයෙකු සිදු නොකල සුවිශාලතම දේශපාලනික විහිළුව සහ පහත් ඝනයේ මිනිසුන් පමනක් සිදුකරනා කුහකකම සිදුකල ශ්රීලංකාද්වීපයේ හිටපු මුද්ධ ජනපති වම්බොටු මහින්ද සිදුකල විගඩම/අලකලංචිය හේතුවෙන් අවිහිංසක ශ්රීලංකා වාසීන් හට යහපාලනයක් දැකීමට පැවති දේදුනු සිහිනය සැබෑවටම දේදුන්නක් බවට පත්කරවනා තත්ත්වයක් වාතාවරනයක් රට තුල නිර්මානයව පවතී. හිටපු ජනාධිපතිවරයා කෙතරම් වටිනා කාර්යය භාරයක් තම දේශපාලනික ඉතිහාසය තුල සිදු කර අැතත් සිදුකල මෙකී පාප කර්මය හමුවේ සබුද්ධික ජනතාවගේ ශාපයෙන් ඔහුට කිසිදා අත්මිදිය නොහැකි වීම නියතයෙකි. කෙසේ වෙතත් සමස්ථ සබුද්ධික ජනතාවට යහපාලනය මිරිඟුවක් කල හිටපු ජනාධිපතිවරයාගේ කාලකන්නි බල තන්හාව හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා පත්ව සිටිනා බරපතල දේශපාලනික අසරන භාවයන් සබුද්ධික කොයි කවුරුත් ඉතාමත් යථාවබෝධයෙන් යුතුව තේරුම් බේරුම් කර ගත යුතුව අැත. ඒ නිසා අඩුපාඩු පෙන්වා දෙන අතරම භේදයකින් තොරව සමස්ථ ජනතාවගේත් සියළුම දේශපාලකයින්ගේත්, හිටපු සියළුම ජනපතිවරු/වරියන්ගේත් ප්රජාතන්ත්රවාදී අයිතීන් හට මේ වනතුරු කිසිදු බලපෑමක් සිදුනොකල යහපාලන ජනාධිපතිවරයා අනවබෝධකම් සහ නොයිවසීම් හමුවේ අසරන භාවයට පත් කාෙට යක්ෂයාගේ අභිප්රායයන් ඉටු කරලීමේ අනුවන කම් සිදුකොට දිවි පරදුවට තබා දිනාගත් සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය අාපස්සට හැරවීමට කිසිදු හිඩැසක් නොතැබීමට ඉතාමත් සංයමයෙන් යුතුව කොයි කවුරුත් එකාසේ වගබලා ගත යුතුය. වර්තමානයේ සිදුවෙමින් පවතිනා යම් යම් සුදුසු/නුසුදුසු ක්රියාකාරකම් සියල්ල මහින්ද ගොයියාගේ අඵයට ගිනිද, දිය යටින් ගෙන යන ගින්දර සහ දියරෙද්දෙන් බෙලි කපනා රටක හිටපු නායකයෙකුගේ අසික්කිත අවිචාරවත් කම් වෙනුවෙන් වන සාපෙක්ෂතාවාදී උපාය මාර්ග මිස නියම යහපාලනයවත් පැවති යමපාලනයේ දෙවන පරිඡ්චේදයවත් නාෙවනා බව සෝභිතාවතාර විශ්වයේ හිඳිමින් දිවැසින් දකිනා සත්යයයි. කෙසේ වෙතත් සියළු රට වැස්සන් හට අවධාරනය කල යුතුව අැත්තේ 77දී බිහිවූ කාලකන්නි විධායක ව්යවස්ථාවෙන් පසු බිහිවුනු සියළු ජනාධිපතිවරුන් හට අඩුවැඩි වශයෙන් ලබා දුන් කාල පරාසයන් හමුවේ වත්මන් ජනාධිපතිවරයා හටද සාධාරන කාලයක් ලබා දීමට තරම් සියල්ලෝම සාධාරන විය යුතු බවය. සෝභිතාවතාර මෙසේ වදාරා සිටිනුයේ වත්මන් ජනාධිපතිවරයාට තරම් තමාගේම ජාතිය විශේෂයෙන් (සිංහල/බෞද්ධ) හිංසා පීඩා බාධා අපහාස උපහාස කෙනහිලිකම් සිදුකල තවත් අයෙක් මෙතෙක් පහල නොවූ නිසාය. කෙසේ වෙතත් අක්ඥාණවන්ත ශ්රීලංකා කාරයින් ගොනාට අන්දවා අත පොහොට්ටුව බවට පරිනාමය කර ගැනීමට නූල් සූත්තර දමනා තමා තවමත් ශ්රීලංකානිදහස් පක්ෂ වාදියෙකැයි කියමින් පක්ෂය තුල නාමිකව හිඳිමින් සැඟවී පහර දෙන නිවට නියාලු හිටපු නායකයාගේ සටකපටනම් වෙනුවෙන් ප්රතිචාර දැක්වීමටත් අදෘශ්යමාන අභියෝගයට ශක්තිමත්ව මුහුන දීමටත් උපාය මාර්ගික වීමටත් නිසා හිටපු ජනපතිනියද.. කිසිදින සිදු නාෙකිරීමට සිතා සිටි දේවල් පවා සිදු කරමින් පරස්පර විරෝදී විගඩම් නටන්නට සිදුවීම අසාධාරන නැත. කුමක් කෙසේ වෙතත් 2020 දී තම නිල කාලය අවසන් වන විට සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු යහපාලනයෙන් හෝ යමපාලනයෙන් හෝ ඉටු කිරීමට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වගබලා නොගතහොත් මහින්දට සිදුකල සන්තෑසියෙන්ම කියූ දේ කරනා... කරනා දේ කියනා.... සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම සක්රීය වීම වලක්වනු යක්ෂයාටවත් නොහැකි වනු අැත. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින් 2017/10/15
-- by Sobithawathara on 2017-10-14

After infecting SLFP with all corrupted, accused and rejected politicians, if he is truly loyal to SLFP, the best thing President Sirisena can do is handover the leadership of SLFP back to Mrs Bandaranaike Kumaranatunge to whom it should belong, which no one can argue about. Whether she is right or wrong, Mrs CBK has sacrificed her father, husband and most of her life to the politics, governments, policy making and peace and harmony in the country. President MS has proven beyond doubts that he is a total misfit and a square peg in a round hole. He has damaged the SLFP beyond repair by his foolish actions. However, even though he has good humble qualities, he has also proven beyond any doubt over many decades that he is one of the best deputies who will do a perfect job under the shadow of a good leader. Unfortunately, Venerable Sobhitha Thero, President CBK, Prime Minister RW or anyone for that matter perhaps could not or did not work out that President MS was never going to be cut-in to be the BOLD, DECISICIVE & STRONG LEADER THE NATION NEEDED AT THE TIME TO BREAK THE MOMENTUM AND REVERSE THE DIRECTION THEY WERE HEADING. However, we should never forget and be grateful to President MS for ever for putting his neck at the guillotine and risking himself to go 6 feet under at a time of critical need. NO MATTER WHAT HE DID IN THE PAST, THE SAD FACT IS THAT PRESIDENT MS HAS LOST THE LOVE OF THE NATION AS WELL AS HIS CLOSE SUPPORTERS. HE WILL BE A SORRY LONE WOLF SOON, TO WHICH HE HIMSELF SHOULD BE FAIRLY AND SQUARELY RESPONSIBLE FOR. THEREFORE, LOOKING FORWARD, IF PRESIDENT MS IS STILL SERIOUS, THE ONLY WAY HE CAN HAVE ANY HOPE OF WINNING BACK THE HEARTS OF SLFP LOVING PEOPLE AND MOST OF THE SWINGING VOTERS IS BY HANDING OVER THE LEADERSHIP OF HIS PARTY BACK TO MRS CBK WITH DIGNITY!!!
-- by citizen on 2017-10-15

MR kaleth oya vage vada.Yahapaalan lokko karanneth oya vage vada. Thaman visin kalpanaa kara theerana ganeeme shakthiyak aanuve lokkanta natha.Methek kara aththe thama naayakayaa kiyana paridi kriyaa kireema pamanaki. avannavungen ratatr sevayak siduveyai sithiya nohaka. Theenduva janathaava sathuya.
-- by nareen on 2017-10-15

LEN hitanne meka chandrika nona nodana wunu deyak kiyalada ?
-- by Perera on 2017-10-15

Nodakin Maithree Pakshaya kiyala hama blukamakma karanawa Ei athin mahinda hondai kiyanna wachana madi ratata mokakda me wenna yanne nodakin nodomakin apatauna aparade munta chande deela
-- by NIlame on 2017-10-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links