(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.19, පෙ.ව.5.40) දකුණේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රී දකින්නට සහ අසන්නට ලැබුණු නිල්පාට ආලෝකය සහ විශාල ශබ්දය උල්කාශ්මියක් විය හැකි යයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න සාක්ෂි විරහිතව මත පළ කරද්දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ඉංජිනේරු වරයෙකු ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව මතයක් ලෙස කියා සිටින්නේ එය චීනය අභ්‍යවකාශයට යවා මේ වන විට පාලනයෙන් ගිලිහී ගොස් තිබෙන ‘ටියැන්ගොන්ග් 1‘ (Tiangong-1) නමැති අභ්‍යවකාශ විමන (space station) විය හැකි බවයි.
‘ටියැන්ගොන්ග් 1‘ හෙවත් ‘දිව්‍ය මාලිගාව‘ නමින් චීනය හැඳින්වූ චීන අභ්‍යවකාශ විමන බරින් ටොන් 8.5 කි. මෙය උඩු ගුවනට 2011 දී යවා තිබුනේ චීනයද අභ්‍යවකාශ බලවතෙකු බව ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වූ දේශපාලන ව්‍යාපෘතියක් ලෙසය. 2012 දී චීනය අභ්‍යවකාශයට යැවූ ප්‍රථම කාන්තාව වූ ලියූ යැන්ග් ද මෙම අභ්‍යවාකාශ විමන භාවිතා කරන ලදී.
කෙසේ වෙතත් චීන බලධාරීන් 2016 දී එය තමන්ගේ පාලනයෙන් ගිලිහී ගිය බව ලොවට තහවුරු කළහ. චීන අභ්‍යවකාශ ඒජන්සිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබුනේ එය 2017 ඔක්තෝම්බර සහ 2018 අප්‍රේල් අතර කාලය තුල පොළොවට වැටෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන ජොනතන් මැක්ඩොවල් පසුගිය ඔක්තෝම්බර 14 වෙනිදා පවසා තිබුනේ මෙම පාලනයෙන් තොර චීන අභ්‍යවකාශ විමන මේ දිනවල සිට 2018 වසරේ මුල් දින කිහිපය වන විට පොළොවට වැටෙනු ඇති බවත් ඒ වන විට එහි සම්පූර්ණ බර වූ ටොන් 8 හමාරෙන් ඉතිරි වනු ඇත්තේ කිලෝ 100 පමණ කැබලි විය හැකි බවයි.
ඒ අනුව අප වෙත අදහස් දැක්වූ ආචාර්යවරයා පවසා සිටියේ ඊයේ රාත්‍රී ලංකාවේ ජනතාව දැක්කේ ඇසුවේ බොහෝ විට ජොනතන් මැක්ඩොවල් කී ලෙස චීන ‘ටියැන්ගොන්ග් 1‘ හෙවත් ‘දිව්‍ය මාලිගාව‘ පොළොවට වැටෙනවා විය හැකි බවයි.
මේ ආකාරයටම නාසා ආයතනය යවන ලද ටොන් 77 ක් බරැති ‘ස්කයි ලැබ්‘ නම් අභ්‍යවකාශ විමනක් 1979 දී බටහිර ඕස්ට්‍රේලියාවට කඩා වැටුනු බවත්, 1991 දී සෝවියට් රුසියාව විසින් යවන ලද ටොන් 20 ක් බර සැලියුට් 7 නමැති අභ්‍යවකාශ විමනද, කොස්මොස් 1686 නමැති අභ්‍යකාශ විමනද ආර්ජන්ටිනාවට සහ බර්මියුඩා ප්‍රදේශයට කඩා වැටුනු බවත් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ආචාර්ය වරයා පැවසීය.
සේයාරුවේ දැක්වෙන්නේ ‘ටියැන්ගොන්ග් 1‘ නමැති පාලනයෙන් ගිලිහී ගිය චීන අභ්‍යවකාශ විමනයි.
---------------------------
by (2017-10-19 00:16:01)
Leave a Reply
The Tiangong-1 is still orbiting around Earth. you can see it on following website
http://www.satflare.com/track.asp?q=37820#TOP
-- by Lalith Perera on 2017-10-19
Chandana Jayarathna is not a good "scientist". He is at best a typical Sri Lankan university lecturer.
-- by Malith on 2017-10-19
Why dont someone get a professional opinion about this extra terrestrial matter from Sri Lankas first, foremost and only Deep Space, Satellite, Space Station, Space Science and Rocket Scientist Mr. Rocket Rohitha?? Maybe he tried to land his Rocket in Hambantota Airport :D
-- by ColomboSam on 2017-10-20
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි