~

ආණ්ඩුව විසඳුම දෙයි : සයිටම් අහෝසියි..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.29,  ප.ව‍‍‍.2.25) සයිටම් ආයතනය අහෝසි කර එය ලාබ නොලබන ආයතනයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිසමේ අධීක්ෂණය යටතේ සහ වෛද්‍ය සභාවේ නිර්දේශිත අවම ප්‍රමිතිය යටතේ යලි ආරම්භ කිරීමට  ආණ්ඩුව තීරණය කර තිබේ. දැනට සිටින හිමිකරුවන්වන නෙවිල් ප්‍රනාන්දු සහ පවුලේ හිමිකාරත්වය සහ කළමනාකරන ව්‍යුහය අහෝසි වන අතර ඔවුනට නව ආයතනයට සම්බන්ධ විය නොහැකිය. ආණ්ඩුව මෙම තීරණය ගත්තා යැයි පවසන්නේ ජනාධිපතිවරයා සයිටම් ප්‍රශ්නයට විසඳුම් සඳහා පත් කළ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි. මීට අදාල නිල නිවේදනය මීට ස්වල්ප වේලාවක පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් නිකුත් කරන ලදී.

 
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

---------------------------
by     (2017-10-29 09:56:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

මොකක්ද යකෝ ඒ අප්‍රභංශය. මම පුද්ගලික ව්‍යාපාරයක් පටන් ගන්නව. සිරිසේන ඒක මගෙන් උදුර ගෙන තව කොහෙවත් යන උන් කට්ටියකට දෙනව කරගෙනපලයල්ල කියල. මම අහන්නෙ මේ රටේ මුලික ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? පුද්ගලික ව්‍යවසාය කියන සංකල්පය නිකම්ම අහෝසි වෙනවනෙ මේකෙන්. එතකොට සයිටම් විතරක් ඇයි? අනික් සියලුම පෟද්ගලික ව්‍යවසායන්වලටත් මේ දේ කල යුතුයි මේ මිනුම් දන්ඩ අනුව. මෙහෙව් රටකටද මේ මී හරක් ආයෝජකයො ගෙන්න ගන්න හදන්නෙ? අපේ රටේ සීටීබී එක, වැවිලි සමාගම් ආදිය හදල මේ රටේ ප්‍රවාහන සහ වතු වගා ක්ෙෂ්ස්ත්‍රය විනාශ කරගත්තෙත් ඔය විදිහටම තමයි. අද ලෝකෙ කතා වෙන්නෙ සමේ සෛල කීපයක් අරගෙන කලලයක් හදල ඒකෙ ජාන සංස්කරනය කරල ලෙඩ රෝග ඉවත් කරල වඩාත් බුද්ධිමත් නීරෝගී කලලයක් හදල ඒක කෘතිම ගර්භාශකය වර්ධනය කරවල සම්පූර්නයෙන්ම වෙනස් සහ දියුනු ආකාරයක මිනිස් පරපුරක් බිහිකර ගැනීම ගැනයි. යථාර්තය සැබෑ වුවා හෝ නොවූවා අද ලෝකය සිතනුයේ එවන් තලයක සිටයි. ඒ කිසිම ප්‍රයත්නයක් සියයට 100ක් රජයේ මැදිහත් වීමේන් සිදු නොවේ. ඒ ආයතන ස්වාධිනව නිවහල්ව කටයුතු කරති. එහෙත් ලංකාවේ සියලු දේ රජයට ගෙන කාබාසිනියා කර දැමීමේ මේනියාවකින් මේ රට පෙලේ.. මෙවැනි මුග්ධ ජාතික මානසිකත්වයකට විරැද්ධව පෙල ගැසීමට සියලු බුද්ධිමතුන් පෙල ගැසිය යුතුයි. මෙම රජයේ රජයේ කියන පජාති සංකල්පය ගැන මමහොඳ උදාහරනයක් කියන්නම්. පුද්ගලික හොඳ මට්ටමේ පුද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තහම බේත් ටික හොඳට පොලිතීන් කවර වල පැක් කරල පාවිච්චි කරන විදිහ, බෙහෙතේ නම අතුලු කරැනු ඇතුව පිලිගත් ප්‍රමිතිගත ආකාරයකින් බේත් ටික දෙනව. රෝගියාට කිසි ගැටලුවක් නැතිව නිවැරදිව එක පාවිච්චි කරන්න පුලුවන්. ඊගාවට රජයේ ආරෝග්‍ය ශාලාවකින් බේත් ගත්තහම ඩිස්පැන්සරියෙ ඉන්න එකාගෙ සියලුම රොස් පරොස් රවුම් ගෙරවුම් ඇනුම් බැනුම් සමගින් මෙලෝ උපදෙසක් හරියට නැතිව නිකම් උඩින් පල්ලෙන් පෑන් පාරවල් දෙකක් ඇදල කොල කෑලි දෙක තුනක බාගෙට ඔතපු මග හැලෙන බේත් උන්ඩි කීපයක් මුනට දමල ගහනව. උන් ඒක දෙන විදිහ හරියට මේකත් අරගෙන තොලොංජි වෙලා පලයන් කියන්න වගෙයි අපිට හැෙඟන්නෙ. කතා කලොත් කඩප්පුලි කතාවක් කියල බනිනව. අධ්‍යපන මට්ටම අඩු ආත්ම අභිමානය අඩු බහුත්රයක් ජනතාව මීක් කියන් නැතිව මුන්ගෙ ආඩම්බර බල බල දෙකට තුනට නැමිල ඒකත් අරගෙන ගෙදර යනව. ගෙනිහින් කොයි විදිහට පාවිච්චි කරනවදකියල දන්නෙ දෙයියො තමයි. මේ තත්වයවෙනස් කරන්න නම් රජයෙන් පරිබාහිර වෙනත් මොඩලයක් රජයේද අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කල යුතුයි. කවදා හෝ දවසක රටේ මිනිසුන්ගේ අභිමානය වර්ධනය වූ කලකදී මේ කටයුතු ස්වයං හිකමීමකින් යුතුව පවත්වාගෙන යනු ඇත. මේ යන ආකාරයට දන්නා ලංකා ඉතිහාසයේ රජයක් විසින් අනා ගන්නා ලද ලොකුම අනා ගැනීම මෙය වේ. රජයේ පරිපාලනය යටතේ කිසිම ආයතනයක් අකාර්යක්ෂමතාවයේ සහ දූෂනයේ නිදන්ගත ව්‍යාධියෙන් මිදී දියුනුව කරා යා නොහැක. රජය යටතේ ඇති සියලුම ආයතන ඉතිහාසහ පුරාම මෙය ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත. කොන්දක් නැති පොන්න නායකයින් විසින් පාලනය කරනු ලබන පොන්න ආන්ඩුවකිනි මීට වඩා යමක් බලා පොරොත්තු විය නොහැක. අපට කීමට ඇත්තෙ වැරදි කාලයක වැරදි දේශයක අපි ඉපදි ඇති බවයි.
-- by silva on 2017-10-29

හරිත සරසවිෙය් ෙෙවද්‍ය පිඨයක් අාරම්භ කර ඒයට සයිටම් ඒෙක් සිසුන් අැතුලත් කිරීම වඩා සුදුසුෙව් හරිත සරසවිය රජෙය් ලාබ ෙනාලබන සරසවියකි
-- by Kuruwita H S on 2017-10-29

දැන් බලාගෙන ඉමු පකදෙනියගෙ මිනීමරු කල්ලිය ඊළඟට ට්‍රැක් එක මාරු කරන්නෙ කොහොමද කියල!
-- by සිංහලේ on 2017-10-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links