(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.01, පෙ.ව.7.10) එජාපය පසුගියදා අලුතින් ආසන සංවිධායක වරුන් 33 ක් පත් කළ අවස්ථාවේ දී නි.අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නියෝජනය කළ දිවුලපිටිය ආසන සංවිධායක ධූරයෙන් ඔහු ඉවත් කර එය කිත්සිරි මංචනායක මහතාට බාර දීම රන්ජන් රාමනායක මහතාට කළ කැපිල්ලකැයි මත පල වුවද එය එසේ නොව රන්ජන් රාමනායක මහතාට ප්‍රමෝෂන් එකක් ලබා දීම සඳහා කරන ලද්දක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
එජාපයේ ජනප්‍රිය චරිතයක් වන රන්ජන් රාමනායක මහතා ඉදිරි මැතිවරණ වලදී ආසනයකට කොටු නොකොට ඊට වඩා ජාතික තලයේ ප්‍රචාරක කටයුතු වලට සහභාගී කරවා ගත යුතු බැවින් ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ දිසා සංවිධායක වරයෙකු වශයෙන් පත් කිරීමටත් ජාතික ප්‍රචාරක කටයුත්තට සහභාගී කර ගැනීමටත් එජාපය තීරණය කර තිබේ.
ගම්පහ දිසා සංවිධායක තනතුරට පත්කෙරෙන අදාල පත්වීම් ලිපිය අද රන්ජන් රාමනායක මහතාට බාර දීමට නියමිත බව දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් දිවුලපිටියේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රන්ජන් රාමනායක සමග වැඩ කිරීමට නොහැකි යයි සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණිලි කර තිබිණැයිද නිල නොවන වාර්තා පවසයි.
---------------------------
by (2017-11-01 01:46:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි