~

රණතුංගලා සහ තෙල් ලොක්කන් එක්ව හැදූ කෘතිම පෙට්‍රල් හිඟය වසා ගන්න බොරු දාහක් කියයි..! තෙල් නැව් ගැන ඇත්ත කියන සැටලයිට් පින්තූර මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.04,  ප.ව‍‍‍‍.12.30) දූෂිත රණතුංග සොයුරන් සහ තෙල් සංස්ථාවේ දූෂිත නිලධාරීන් එක්ව ප්‍රතික්ෂේපිත බාල පෙට්‍රල් තොගයක් යලි රට තුලට ගැනීම සඳහා කෘතිමව ඇති කරන ලද පෙට්‍රල් හිඟය ගැන ඊයේ රාත්‍රී ලංකා ඊ නිව්ස් කරන ලද හෙළිදරව්වෙන් පසු එය වසා ගැනීමට තෙල් සංස්ථා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ජනමාධ්‍යයට පට්ට පල් කෙබර කෙළ තිබේ. 

මේ සම්බන්ධයෙන් අද උදෑසන දෙරණ නාලිකාව විසින් කරන ලද විමසීමකදී ඔහු පවසා ඇත්තේ අපූරු කතාවකි. එනම් ලංකා අයි ඕ සී සමාගම වෙත පැමිණි ඉන්ධන නෞකාවක් ප්‍රතික්ෂේප කර යැවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ගෙන එන ලද ඉන්ධන නෞකාවක් ලංකා අයි.ඕ.සී සමාගම වෙත ලබාදීමට පියවර ගත් බැවින්   ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල්වල පෙට්‍රල් හිඟයක් හටගත් බවයි. 

ඔහු කියන කතාව සත්‍ය සේ ගත්තද මේ තීන්දුව ගත් පුද්ගලයන් ඛනිජ තෙල් සංස්ථා සේවයෙන් පන්නා දැමීමට මේ ප්‍රකාශයම සෑහෙනු ඇත. තම ආයතනයට පාඩු විඳගෙන රට තුල ඉන්ධන හිඟයක් හදා ඉන්දියානු කොම්පැනියේ ලාභය වෙනුවෙන් මොවුන් ක්‍රියා කර තිබේ. ජනතාවට පීඩා කර ඇත්තේ ද සිතා මතා ය. රජයේ ආයතනයක නොව පුද්ගලික ආයතනයකවත් තම ආයතනයට පාඩු ලබන තීන්දු තීරණ ගන්නා මෙවැනි අපතයෝ තබා ගන්නවාද? 

ඉන්ධන රැගත් මීළඟ නෞකාව එලඹෙන සඳුදා දිනය වන විට දිවයිනට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ යයි දෙරණ වැඩි දුරටත් වාර්තා කර ඇත. 

එයද අමූලික බොරුවකි. 

පහත සේයාරූ වලින් දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් ඊයේ හෙළිකළ පරිදි බාල තෙල් ගෙනා Torm Astrid නෞකාව සහ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැව ලෝක නැව් ගමනාගමනය දැක්වෙන සැටලයිට් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදේ 11 වන විට මුහුදේ තිබෙන ස්ථානයන්ය.

ඒ අනුව Torm Astrid නමැති බාල තෙල් ගෙනා නෞකාව තංගල්ලට නුදුරු මුහුදේ ගමනාන්තයක් නොමැතිව පසුගිය 29 වෙනිදා සිටම නැංගූරම් ලා සිටී. ඔවුන් එසේ බලා ඉන්නේ ඇයි..? කුමන හෝ හේතුවකින් බාල තෙල් තොගය යලි ලංකාවට ගොඩ බා ගත හැකිය යන විශ්වාසයෙන් නොවේද? 

තෙල් රැගෙන එන Neverska Lady නැව ආරාබි මුහුදේ ඕමානයට නුදුරින් කොළඹ වරාය බලා එමින් තිබේ. සැටලයිට් වාර්තාව අනුව එම නැව කොළඹට ලඟා වීමට නියමිතව ඇත්තේ ලබන 09 වෙනිදා පාන්දර 12.30 ට ය. වරායට තෙල් නැවක් පැමිණි පසු එම තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ඒ අනුව ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇත්තේ ලබන 11 වෙනිදා වන විට ය. 

මේ පිලිබඳවද තෙල් සංස්ථා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා මාධ්‍යයට පවසා ඇත්තේ බොරුවකි. ඔහු කියන්නේ සඳුදා එනම් 06 වෙනිදා වන විට තෙල් නැවක් පැමිණෙන බවයි. 

අදාල සැටලයිට සේයාරූ පහත දැක්වේ.

සබැඳි පුවත
අනතුරු දායකයි..! දූෂිත රණතුංගලාගේ ගේමක් නිසා රට පුරා කෘතිම පෙට්‍රල් හිඟයක්..! කුමන්ත්‍රණයේ සුළ මුල මෙන්න..!!

 

---------------------------
by     (2017-11-04 07:14:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

තමාගේ ගෙවල් කුලිය ඇලෝසියස් ගෙව්වා කියා රවි කරැනානායකව මුදල් ඇමති කමින් ඉවත් කරල යහපාලනය ගැන උඩු බුරනා පොන්න රනිලා සහ බැඳුම්කර මලදානය සඳහා කොලොප්පන් කොමිසම් අටමගලයක් අටවාගත් නූගත් ඉංග්‍රීසි දැනුමක් නැති පොලොන්නරැ බයියා වන හිටපු ගිරාමසේකවකයා තමුන් විසින් පත්කල අර්ජුනයා රටේ ජනතාව මේ තරම් ප්‍රාන ඇපයට ගෙන කරන මේ තරම් දූෂිත දෙකයි පනහේ වංචාව ගැන කුමන පියවරක් ගන්නවාදැයි විමසිල්ලෙන සිටීම ඉතාමත් වැදගත් වේ. මේ පොන්නයින් දෙන්නාට ලොකු මේ කම්බ හොරා අර්ජුනයාවද නැතිනම් තමුන්ට චන්දය දුන් රටේ ජනතාවද? ජනතාව බලා සිටී.
-- by silva on 2017-11-04

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links