~

‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.5.45) මේ වන විට රට පුරා තිබෙන පැට්‍රල් හිඟයට තම ආයතනයට එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නැතැයි ඉන්දීය ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ රටේ ඉන්ධන වෙළඳ පොලෙන් ඉන්දීය සමාගම සපුරන්නේ සියයට 16 ක් තරම් සොච්චමක් බවත් ඉතිරි සියයට 84 ම සපුරන්නේ ඛනිජ තෙල් සංස්ථාව බවයි. වැඩිම ඉන්ධන බෙදා හැරීමේ ශක්තිය තිබෙන්නේ ද සියයට 84 ක් වන ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල් වලින් බැවින් ඉන්ධන හිඟයට හේතුව තම ආයතනය යැයි කීමේ පදනමක් නොමැති බවද ඉන්දීය සමාගම පවසයි.

තමන් විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 35000 ක් සහිත තෙල් නැවක් ඔක් 16 වෙනිදා පැමිණි අතර CPC/CPSTL පරීක්ෂණාගාර වාර්තා අනුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එය කෙතරම් මිලක් වුවද උසස් තත්ත්වය ගැන සැලකිලිමත් තමන් එය යලි රටට ගොඩ බෑම සඳහා කිසිසේත්ම සාකච්ඡා නොකළ බවත් ඉන්දීය තෙල් සමාගම පවසයි. ඊට වැඩියෙන්ම හේතුව නම් මෙම නිවේදනය නිකුත් කරන ඊයේ දිනය වන විටත් ඔවුන්ට සෑහෙන තෙල් සංචිත තිබෙන නිසා එවැන්නක් අවශ්‍ය නොවන බවද හේතු යුක්තව පවසයි. එනම් ඉන්දීය සමාගමේ දිනක පෙට්‍රල් අවශ්‍ය තාවය මෙ.ටො. 600 කි. නමුත් ඔවුන් සතුව ඊයේ වන විටත් මෙ.ටො. 3500 ක සංචිත තිබේ. එබැවින් ඔවුන් පවසන්නේ මීලඟ නැව එනතුරු ඔවුන්ට ඔවුන්ගේ තෙල් වල කිසිදු හිඟ පාඩුවක් නොමැති බවයි.
 
ලංකාවේ 84% ක් වන වැඩිම ඉන්ධන බෙදාහරින්නා වන ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ හිඟයට තමන් වග කිව යුතු නොවන මෙයින් පැහැදිලි වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ හිඟයට හේතු තමන් නොදන්නා බවත් ඉන්දීය තෙල් සමාගම කියා සිටී. ලොව පුරා රටවල 500 ක් සමාගම් හරහා තමන් තෙල් අලෙවි කරන බවද ඉන්දීය සමාගම පවසයි. 
 
ඉන්දීය සමාගමේ නිවේදනය අනුව ඉන්දීය සමාගම වෙත පැමිණි ඉන්ධන නෞකාව ප්‍රතික්ෂේප කර යැවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ගෙන එන ලද ඉන්ධන නෞකාවක් ඉන්දීය සමාගම වෙත ලබාදීමට පියවර ගත් බැවින් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල්වල පෙට්‍රල් හිඟයක් හටගත්තේ යයි පසුගිය 04 වෙනිදා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත්තේ අසද්ද බොරුවක් බව හෙළිවේ. ඉන්දීය සමාගම එවැනි තෙල් නැවක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන නැත. 

මේ අතර මෙම කෘතිම පෙට්‍රල් හිඟයේ නිර්මාතෘවරුන් වන රණතුංග සොයුරන් සහ දූෂිත නිලධාරීන් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තවත් බොරු කන්දකි.
 
“සාමාන්‍යයෙන් තෙල් නැවක් ප්‍රතික්ෂේප වූ විට ඒ ආයතනයට වගකීමක් තියෙනවා අතිරේක නැවක් ලබා දීමට. ඒ සඳහා ඔක්තෝබර් 31-01 දින තුළ තෙල් නැවක් ලබා දෙන්න ඔවුන් පොරොන්දු වුණා. ඊට දින කිහිපයකට පසු එය දිය නොහැකි බව ඔවුන් ප්‍රකාශ කළා.“ අර්ජුන පවසයි. ඛනිජ තෙල් සංස්ථාවට ඉන්දීය සමාගමේ තෙල් අවශ්‍ය වූයේ මන්දැයි අර්ජුන නොකියයි. ඉන්දීය සමාගමේ තෙල් ප්‍රතික්ෂේප වී නම් එහි පාඩුව හෝ හිඟය ඇති විය යුත්තේ ඉන්දීය සමාගමට මිස ඛනිජ තෙල් සංස්ථාවට නොවේ. ඒ අතරම අර්ජුන මෙසේද කියයි. 

“තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් නැවක් නොවැම්බර් 02-03 මේ රටට ගෙන්වීමට තිබුණා. අද වන විට එය දින 06 ක් පසු වෙලයි ‍එය මේ රටට එන්නේ. සාමාන්‍යයෙන් ඉතිහාසයේ කිසිම දවසක පෙට්‍රල් නැවක් මේ තරම් දින ගණනක් ප්‍රමාද වී නැහැ.“  අර්ජුන ‘බබා දාන්නේ‘ මේ රටේ ඉන්නේ ගොබ්බයන් යයි සිතා විය යුතුය. එලෙස එම නැව ප්‍රමාද කෙළේ කව්දැයි ඔහු කිව යුතුය. මේ හාදයා අපට කියන්නේ නැව් ප්‍රයිවේට් බස් වගේ මග කොට කොටා එන විට ප්‍රමාද වනවා කියා විය යුතුය. ලංකා ඊ නිව්ස් මුල සිටම කීවේ එම නැවට තෙල් පැටවීම රණතුංග දූෂිතයන් සහ නිලධාරීන් එක්ව සිතා මතා පමා කළ බවත් එමගින් මෙය රණතුංගලා සහ දූෂිත නිලධාරීන් එක්ව හැදූ කෘතිම තෙල් හිඟයක් බවයි.

අර්ජුන කියන්නේ එසඑම්එස් පණිවුඩයක් නිසා තෙල් හිඟයක් ඇති වු බවත් එස්එම්එස් යැවුවේ කව්දැයි කියා සොයන්නැයි ජනාධිපති තමන්ට කී බවත් ය. එස්එම්එස් පණිවඩුයකින් තෙල් හිඟය ඇති වූවා නම් අර නැව ප්‍රමාද වුනේත් ඒ එස්එම්එස් පණිවුඩය නිසාදැයි මේ බාන රටට කිව යුතුය.   

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අලුතින්ම වාර්තා වන්නේ සිරිසේන පවුලේ කළු සල්ලි මේ වන විට ව්‍යාපාර වලට යොදවා සුදු කරන ප්‍රධාන ව්‍යාපාරිකයා වන ලාෆ් ගෑස් ඇතුළු ව්‍යාපාර රැසක් හිමි ඩබ්.කේ.එච්. වෑගපිටිය ලංකාවේ තෙල් ව්‍යාපාරයටද ඇතුළු කිරීමේ උත්සාහයේ පළමු පියවර ලෙස  ඉන්දීය තෙල් සමාගම කෙරෙහි විරෝධයක් රට තුල මැවීම සඳහා මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කරන ලද බවයි. රජය සතුව තිබූ ලංකාවේ සහල් ඒකාධිකාරය මේ වන විට තිබෙන්නේ සිරිසේන පවුල සතුව වන අතර දැන් රජය සතුව තිබෙන ඉන්ධන ඒකාධිකාරය ද දිනෙක සිරිසේන පවුල සතු කර ගැනීම මෙහි දිගු කාලීන සැලසුම බවද පැවසේ. 

ඉන්දීය තෙල් සමාගම ඉංග්‍රීසි බසින් නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. 

Blame to IOC for petrol shortage issue are mischievous and factually incorrect - LIOC Refutes all allegations

LIOC has noted that consumers across the country have been facing some shortages of petrol over the last few days. As a reliable distributor of petroleum products in Sri Lanka over many years, LIOC is making all efforts to assist in the early resolution of this problem. However, attempts by some to blame LIOC for causing the shortage are mischievous and factually incorrect, and we categorically reject such allegations.

It may be noted that LIOC caters to only 16% of the Sri Lankan market, while the remaining 84% relies on CPC supplies. Thus, large shortages across the country can only be caused by disruption in supplies of CPC. Average daily sales of LIOC is 600 MT of petrol. Against this, as on date, LIOC has a buffer stock of 3500 MT of petrol at the Common User Facility (CUF), which is managed by CPSTL.  It may be noted that LIOC has adequate stocks of diesel at both trincomalee terminal & at CUF and normal daily diesel sales of 775 MT is continuously happening from all our sheds across the country. It is total misrepresentation of facts that diesel is not being sold by LIOC sheds.

LIOC is a professionally managed subsidiary of Fortune 500 Global company, and plans its product requirement well in advance and maintains necessary stocks. 

LIOC’s recent shipment 

LIOC had procured a shipment (parcel) of 35,000 MT of petrol from the French oil company M/s TOTAL on DAP basis, which arrived in Sri Lanka on 16 October 2017. As per routine procedure, the petrol was tested by CPC/CPSTL laboratory before being accepted by LIOC. It was found that while the parcel met the chemical properties specification, it contained some visible particles. CPC/CPSTL laboratory as well as LIOC refused to accept the parcel. LIOC maintains its own high quality standards, which it does not compromise at any cost.
 
LIOC immediately informed M/s TOTAL to replace the parcel. It may be noted that ownership of the product remains with M/s TOTAL till it satisfies the requirements of LIOC and CPC/CPSTL laboratory. Once a parcel is rejected, LIOC has no further role thereafter and it is the seller's own sole discretion/responsibility to decide when to take out the vessel from Sri Lankan waters. 
 
As replacement cargo would have taken at least 25-30 days, M/s TOTAL offered to remove the particles through filtration process, which is a common industry practice, in order to enable expedited delivery by 3-4  November 2017 to manage the present crisis. For reasons unknown to us, this proposal was not acceptable to CPC officials. 
 
Hence, LIOC asked M/s TOTAL to replace the parcel completely. Allegations that LIOC pressurized CPC to accept the original parcel without correction are totally false. 

It is reiterated that LIOC always adheres to the quality parameters in totality and procures goods from reputed oil companies only. LIOC’s quality track record bears this out. Further, the allegation that LIOC tried to sell sub-standard Diesel is totally malicious and frivolous. Infact the diesel proposed to be imported was of much better quality as per international standards. However, since the country is still having old specifications for diesel, CPC informed that they demand Sri Lankan specifications irrespective the quality of diesel and accordingly, LIOC decided not to procure.
 
Though LIOC had sufficient buffer stocks, in order to assist CPC (whose shipment has been delayed), we immediately contacted our global suppliers for an emergency delivery (in addition to the replacement delivery by M/s TOTAL). This is expected to reach Sri Lanka by 10 November 2017. It may be recalled that on various occasions in the past, LIOC has offered all its assistance to CPC to procure emergency shipments of petroleum products, and will continue to do so, whenever required. As a responsible petroleum company, at the times of strike, LIOC has always worked round the clock to make the product available to the citizens of the country.

Delay in CPC shipment

We understand that a CPC petrol parcel, which was scheduled to reach Sri Lanka on 2 November 2017, has been delayed. While we are not aware of the reasons for this delay, such a disruption has led to shortages of petrol across the country, particularly given that CPC caters to 84% of the Sri Lankan market.

Press release by Lanka IOC PLC

06-11-2017

---------------------------
by     (2017-11-07 00:37:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ඉන්දීය සමාගමේ දිනක පෙට්‍රල් අවශ්‍ය තාවය මෙ.ටො. 600 කි. නමුත් ඔවුන් සතුව ඊයේ වන විටත් මෙ.ටො. 3500 ක සංචිත තිබේ. එබැවින් ඔවුන් පවසන්නේ මීලඟ නැව එනතුරු ඔවුන්ට ඔවුන්ගේ තෙල් වල කිසිදු හිඟ පාඩුවක් නොමැති බවයි. ලංකාවේ 84% ක් වන වැඩිම ඉන්ධන බෙදාහරින්නා වන ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ හිඟයට තමන් වග කිව යුතු නොවන මෙයින් පැහැදිලි වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ හිඟයට හේතු තමන් නොදන්නා බවත් ඉන්දීය තෙල් සමාගම කියා සිටී. ලොව පුරා රටවල 500 ක් සමාගම් හරහා තමන් තෙල් අලෙවි කරන බවද ඉන්දීය සමාගම පවසයි.
-- by Sobithawathara on 2017-11-07

"""" We understand that a CPC petrol parcel, which was scheduled to reach Sri Lanka on 2 November 2017, has been delayed. While we are not aware of the reasons for this delay, such a disruption has led to shortages of petrol across the country, particularly given that CPC caters to 84% of the Sri Lankan market. """" මේ ප්‍රකාශය තුල සේරම ඇත්ත කතාව කියවෙනව. ඉන්දියන් සමාගමට ආපු නැව ප්‍රතික්ෙෂ්ප විම තුල ඉන්දියන් සමාගමේ තෙල් හිඟයක් මිස ලංකා තෙල් සමාගමේ හිඟයක් ඇතිවිය නොහකියි. 84% ක මාකට් එකක් තියෙන ලංකා තෙල් සමාගමට ආ නැව ප්‍රමාද උනාට වඩා හිතා මතා ප්‍රමාද කරවීමකුයි සිදුවෙලා තියෙන්නෙ. අනික නැවක් ප්‍රමාද උනාමයි කියමුකො. එතකොට ඒ හේතුව නිසාම රටේ තෙල් හිඟයක් ඇති වෙනවනම් මාකට් එකෙන් 84% ක් තියෙන සංස්ථාවට තමන් මේ සේවය රටට ලබා දීමට කොහෙත්ම නුසුදුසු පාර්ශවයක් කියල ඒකෙන්ම ඔප්පු කරල තියෙනව. මොකද නැව එන්ඩ තිබුනෙ 1-2 විතරනෙ. එතකොට 3 වෙනිද ඉඳල තමයි තෙල් හිඟය පටන් ගන්නෙ. ඒ කියන්නෙ සංස්ථාව මේ තාක් කල් කරල තියෙන්නෙ බෆර් ස්ටොක් එකක් නැතිවම තෙල් බෙදා හැරීමයි කියන එකයි. මේකෙන් ගම්‍ය වෙන අනික් කාරනය නම් ලංකාවෙ තෙල් සංස්ථා ඉතිහාසයෙ මේක තමයි තෙල් නැවක් ප්‍රමාද උනු පලවෙනි අවස්ථාව. මොකද මීට කලින් කවදාවත් තෙල් නැවක් ප්‍රමාද උනයි කියල තෙල් හිඟයක් ඇති වෙලා නෑනෙ. රිෆයිනරි එකට විදුලි බල සැපයුම නැති උනා කියල ලදරැ පැසැල් බොරැ කියල බෝලෙ වෙන පැත්තකට පාස් කරන්ඩ බෑ. විදුලිය යනව එනව. ඒක අමුතු දෙයක් නෙමේ ලංකා ඉතිහාසය පුරාම. අර්ජුනය කියන හැටියට කාරනය මේකනම් සංස්ථාවට රටේ තෙල් සැපයුම වගේ භාර දූර කාරනයක් බාර දෙන එක කොහෙත්ම නොකල යුතු වැඩක්. මේක සංස්ථාවෙන් අරගෙන ඉන්දියන් සමාගටම දෙන එක තමයි වැඩියම සුදුසු වැඩේ. මොකද ඒක ජාත්‍යන්තර ව්‍යාපාරයක් රටවල් ගනනාවක ක්‍රියාත්මක කරන. කිසිම ව්‍යාපාරිකයෙක් කැමති නෑ තමුන්ගෙ ව්‍යාපාරය අපකීර්තියට පත් කරගෙන නැති කරගන්න. තෙල් සංස්ථාව කියන්නෙ ව්‍යාපාරයක් නෙමෙයි දේශපාලන හෙංචයිකම් කරන අකාර්යක්ෂම සහ රාජ්‍ය විරොධී කුමන්ත්‍රන සිදුකරන ප්‍රශ්නගත අලාභ ලබන ආයතනයක් පමණයි. මෙය තවදුරටත් කෑලි කීපයකට කඩා පුද්ගලීකරනය ලක් කර රජයේ කොටස මීට වඩා අඩු කල යුතුයි. වෙනත් පුද්ගලික තෙල් සැපයුම් ආයතන 2-3 කටද මේ සේවය ලබා දිය යුතුයි. මේකෙන් ඔප්පු වෙන අනික් කාරනය නම් අර්ජුන කියන අජූතයා මෙවැනි භාර දූර ඇමති දුරයක් දැරීමට කොහෙත්ම නුසුදුසු බව. මොකද අවසානයේ මොහු තමයි මේ සියලු දෙයට වගකිව යුතු පුද්ගලයා. අනික් වග කිව යුතු පුද්ගලයා තමයි සිරිසේන ජනාධිපති. අර්ජුන මහේන්ද්‍රන් පත් කල පුද්ගලයා හැටියට රනිල් විකුමසිංහ ඉල්ලා අස්විය යුතුයි කියා වෙනත් කටවල් වලින් කියවන සිරිසේන, අර්ජුන වැනි අජූත ජූජකයෙක් මෙවැනි තනතුරකට පත් කර රට අනතුරේ හෙලිම ගැනද සම්පූර්නයන් වග කීම භාර ගෙන ජනාධිපති කමෙන් ඉල්ලා අස්විය යුතුයි. මේ රටට ජනාධිපති කම් කරවා ගැනීමට සිරිසේනයෙක් අවශ්‍ය නොවේ. ඒ සඳහා මීට වඩා සුදුසුකම් සහ හැකියාව ඇති වැදගත් පුද්ගලයින් ඕනැ තරම් හොයා ගත හැක. මෙය රනිල්ට දුන්නා නම් ඔහුද මෙය අපූරැවට කරගෙන යනු ඇත. රටකට ජනාධිපත් වරයෙකු අව්‍යශ නම් ඔහු හැකි තරම් නිර්දේශපාලනීකරන වු පුද්ගලයෙක් විය යුතුයි. හොඳම උදාහරනය කථානායක දූරයයි. ඔහු දේශපාලන ඇහැකින් කටයුතු කිරීමට උත්සාහ කල හොත් පාර්ලිමේන්තුව කරගෙන යාමට නොහැකි වනවා ඇත. නමුත් ඔහුට දේශපාලනයක්ද ඇත. එහෙත් ඔහුගේ රාජකාරියේදී එය ඉස්මතු නොවේ. නමුත් සිරිසේනයා සියලු දේම අනාගෙන ඇත. සින්නයියා වැනි දක්ශ නිලධාරියෙක්ද කපා දමා ඇත. පත් වීමක් කලහොත් එතැනට දමන්නේ අන්ත දූෂිත පට්ට හොරෙකි. තානාපති සේවය කා දමා ඇත. රාජ්‍ය පරිපාලන අවුලෙන් අවුලට යවා ඇත. වරායේ ඉන්නකන් වරාය කෑ අර්ජුනයා වැනි පරම්පරාවෙන්ම දූෂිතයෙකු වූ අර්ජුන වැනි කම්බා හොරෙක් රටේ වැදගත්ම මර්මස්ථානයක් වූ තෙල් සංස්ථාව වැනි ආයතනයකට පත් කර අන්තිමේදී රටේ ජනතාවටද පුකේම ඇර ඇත. මේකා කොයි තරම් බූරැවෙක්ද කියන්නේනම් කෑන් වලට තෙල් දෙන්ඩ එපා යයිද කියයි. මේ බල්ලා කියන්නේ කාර් වෑන් මෝටර් සයිකල් තියෙන උන් ඒවා දොඹකර දමා හෝ තල්ලු කරගෙන තෙල් ලබා ගැනීමට ෙෂඩ් එකට රැගෙන ආ යුතු බවද? නොකල වැරැද්දකට, සිරිමාගේ කාලකන්නි හාල් පාන් පොලිම් යුගයෙන් පසු රටේ ජනතාවට නැවතත් පාන්දර 4-5 ඉඳන් තෙල් පෝලිම් වල ලගින්නට සිදු කරවීම අපට නැවත නැවතත් මතක් කර දෙනුයේ ශ්‍රී ලංකා හෝ පොදු පෙරමුනු කාරයෙකුට කිසි දිනක මේ රට පාලනය කිරීමට හෝ ඇමති ධුර දැරීමට ඉඩ නොදිය යුතු බවයි. මෛත්‍රිපාල සිරිසේන නැමැති ගොබ්බයා නැවතත් අපේ රට ගල් යුගය කරා රැගෙන යමින් සිටී. සිරිසේනගේ සහ වෑගපිටියගේ කලු සල්ලි සුදු කිරීමේ කතන්දරයට අමතරව මෙහිදී තවත් කරැනක් පිලිබඳ අවධානය යොමු කල යුතුයි. ඉදියේ එන මැතිවරනයේදී සිරිසේන පර්ශවය නන්නත්තාර වී ඇත. බලයක් ගොඩ නගා ගැනීම පිලිබඳ උෟට කිසිම සතුටුදායක පසුබිමක් නැත. මහින්දයාගේ කන්ඩාමයටද වියැකෙමින් යන පරන යුධ ජයග්‍රහන කයිවාරැ හැරෙන්නට වෙනත් එල්ලෙන්නට වැලක් නැත. සයිටම් මුස්ලිම් ජාතිවාදී කතාවන් ව්‍යවස්ථා බිල්ලා හැරැනු විට ඒකාටද ජනතාව මබ්බෝදයට පත් කර තමුන් ඉස්මතු වී ජනතාවට විකල්පයක් සේ පෙනී ඉඳිමට වෙනත් මාතෘකාවක් නැත. නමුත් සිරිසේනයාට සහ මහින්දයාට එකතු වී වෙවැනි ජනතාවට දැනෙන පහරක් එල්ල කල හොත් කෙටි කාලීනව එයින් විතැන් වන ජනතාවව බිලී බා ගැනීම මුන්ට පහසු වනු ඇත. මන්ද මේ රටේ බහුතරයක් ඉන්නේ එදා වේල දේශපාලන මානසිකත්වයෙන් සහ ජාතිවාදි ආගම් වාදි අතීතකාමය තුල ජීවත් වෙන ජනතාවක් බැවිනි. තමුන්ට ගොඩනගා ගොඩ යෑමට කිසිත් නොමැති පරිසරයක් තුල සිරිසේනයා කරමින් සිටිනුයේ රනිලුත් ඇගෙනම උඩ තට්ටුවෙන් බිමට පැනීමයි. සියලු දෙනාම අඬු කඩාගෙන හතර අතේ දා වැටි සිටින විට අඬු කඩාගෙන සිටින මිනිසුන් මූව කෙලින් කරනු ඇතැයි මූ සිතාගෙන සිටිනවා විය යුතුයි.
-- by silva on 2017-11-07

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links