~

බුදු පච්චය දිනයි: උද්ධච්ඡයන්ගේ පිච්චියෙන් වන්දි ගෙවන්න වෙයි..!

නීති විරෝධී තීන්දුව දුන් මහේස්ත්‍රාත්ට කිසිදු දඬුවමක් නෑ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.4.10) දකුණු බාහුවේ බුදුරුවක පච්චයක් කොටා පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් 2014 දී අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීම නීති විරෝධී යයි තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය උද්ධච්ඡ නිලධාරීන්ගේ අතැති පිච්චියෙන් ඇයට වන්දි ගෙවන ලෙස ඊයේ නියෝග කෙළේය.

රජයෙන් රුපියල් ලක්ෂ 5 ක්ද ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පුද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක් ද ලෙස මුළු වන්දිය රුපියල් ලක්ෂ 6 ක් ඇයට ගෙවන ලෙස ද, ශ්‍රී ලංකා රජයට නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම තීන්දුව දුන්නේ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

වෘත්තියෙන් හෙදියක් වූ නයෝමි මිචෙල් කොල්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇයගේ දකුණත් බාහුවේ බුදුරුවක් පච්චයක් ලෙස (ටැටූ) කොටා තිබීම හේතුවෙන් 2014 වසරේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ආගමන විගමන නිලධාරීන්ගේ ජොබ් එක තමන් අතට ගෙන ඇයව අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර පිටුවහල් කිරීමේ නියෝගයක් ලබාගෙන පිටුවහල් කළේය. 

කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය. බ්‍රිතාන්‍ය කාන්තාව පසුව පවසා සිටියේ ඇයව පිටුවහල් කළ මහේස්ත්‍රාත්වරයා ඇයගෙන් කිසිදු කරුණු විමසීමක් නොකළ බවයි. 

ඒ අනුව මෙම නීති විරොධී නඩු තීන්දුව දුන් මහේස්ත්‍රාත්වරයාට කිසිදු දඬුවමක් නොලැබීම කණගාටුදායක ය. 

නඩු තීන්දුව සම්බන්ධයෙන් ඇය බීබීසී සේවයට පවසා තිබුනේ තීන්දුව ගැන සතුටු වන නමුත් යලි කවදාවත් ශ්‍රී ලංකාවට නොයන බවය. 

"ඒත් මම හිතන්නේ නැහැ මම ආයෙත් ලංකාවට යාවි කියල. මට ලංකාව ගැන නරක හැඟීමක් නෑ. ඒ සේරම පටන්ගත්තේ එක පුද්ගලයෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් දේ කියල තිබුණ. මගේ නීතිඥයන් වගේම මට උපකාර කරපු අනිත් හැම දෙනාටම ස්තුතියි," 

"හැම තැනම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ. නමුත් මම ආයෙත් ගියොත් මට කරදර කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්න බව මම දන්නවා."

"බුදු හාමුදුරුවන්ගේ පච්චයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඕන ඉණට ඉහලින් කියල මම දන්නවා. මගේ පච්චය තිබුණේ අතේ බාහුවක. මම නිතරම තායිලන්තයට වගේම නේපාලයට යනවා. ඒ කිසිම රටක කිසිම කෙනෙකුට මගේ පච්චය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. පච්චය මගේ කකුලේ තිබිල මාව පිටුවහල් කළා නම් ඒකට මම ඒ තීන්දුවට එකඟ වෙනවා."

බ්‍රිතාන්‍ය ජාතික බෞද්ධ කාන්තාවක් වූ නයෝමි මිචෙල් කෝල්මන් මහත්මිය බීබීසියට පවසා තිබිණ.

කෝල්මන් මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමකි. 

---------------------------
by     (2017-11-16 12:14:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links