-ගවේෂණ වාර්තාවකි
(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.19, ප.ව.7.30) ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ජෛව සහ ශාඛ විවිධත්වයෙන් අනූන අතිශය පරිසර සංවේදී භූමි කලාපයකි. දර්ශණීය වෙරළ, විචිත්‍ර කොරල් පර සහ දුර්ලභ ගණයේ විසිතුරු මත්ස්‍ය විශේෂ සහිත නිලාවලි මුහුදු තීරයත්, සංචාරක පක්ෂීන් නාවතැන් ගන්නා ලොකු කුඩා දූපත් සහ කඩොලාන ශාඛ මායිම් කරගත් කලපු සමූහයත්, වන සතුන්ගෙන් ගහණ, නෙත් මානය ඉක්ම ගිය වන නිල්ලත් නිසා කුච්චිවේලිය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳගත් පාරාදීසයක්ම විය. අවුරුදු දස දහස් ගණනක් පුරාවට සොබාදහම විසින් කළ මෙම අපූරු භූමි නිර්මාණය අද වෙනවිට සුන්නද්දූලි වෙමින් යන ආකාරය පසුගිය දිනෙක එම ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැකගත හැකිවිය.
එරක්කණ්ඩි කලපුවේ සිට සළපයාර් කලපුව දක්වා ප්‍රධාන මාර්ගයත් මුහුදු වෙරළත් අතර ඇති අක්කර නවසියයක වනතීරුව නව සංචාරක ප්‍රවර්ධන කලාපයක් හැටියට නම්කර ඇත්තේ පසුගිය රජයෙන්ය. එහෙත් දැන් එයින් අක්කර සියයක් එළිපෙහෙලි කරන්නේ පොල් වගාවකට ය. එහි අයිති කරුවා කවුරුන්දැයි කිසිවෙක් නොදනිති. එරක්කණ්ඩියේ පදිංචි කරුවෙකු පැවසුවේ ඇමති එස්. බී. දිසානායක අවුරුද්දකට පමණ කලින් මෙම ස්ථානයට පැමිණි බවත් දින කීපයකට පසුව යුධ හමුදාවේ රැකවරණය යටතේ ඉඩම එළිපෙහෙලි කිරීමට පටන්ගත් බවයි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ හමුදාවේ ඩෝසර් යන්ත්‍රය.තවත් තැනක අක්කර හතරක් සුසාන භූමියක් සඳහා ද අක්කර දෙකක් කෝවිලක් සඳහා ද වෙන්කර ඇත. සංචාරක කලාපයකට මේවා අවශ්‍ය වන්නේ කවුරු වළලා, කා වෙනුවෙන් යාඥා කිරීමටදැයි සංචාරක ව්‍යාපාරිකයෝ ප්‍රශ්ණ කරති. සුසාන භූමියට යන පාර සැකසීමට කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලන් ධනේශ්වරන් විසින් නියං සහනාධාර යටතේ ගම්වැසියන් යොදවා තිබේ.
“මේවා ඉඩම් අත්පත්කර ගැනීමේ කූඨ උපක්‍රම, ත්‍රීකුණාමල දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මේ ප්‍රදේශයේ සිද්ධවෙන හැම උප්පරවැට්ටියක්ම දන්නවා. මිනිහා පසුගිය ආණ්ඩුව කාලේ නැගෙනහිර පළාත් ඉඩම් ඇමතිගේ ලේකම්නේ. දිසාපති වෙලා හිටියේ මේජර් ජෙනරාල් ටී.ටී. ආර්. ද සිල්වා. ඒ දිසාපතිගේ නංගිටත් මෙහෙ ඉඩමක් තියෙනවා.“ එසේ පැවසුවේ කරුණු කාරණා හොඳින්ම දන්නා වැඩිහිටියෙකි.
සළපයාර් කලපුවට අයත් භූමි ප්‍රමාණය අක්කර එක්දහස් අටසිය පහකි. මුළු කලපුවම අක්කරය රුපියල් තුන්හාරසීයක වාර්ෂික බද්දකට රයිගම් සමාගමට බදු දී ඇත්තේ හිටපු සංවර්ධන ඔස්තාර් බැසිල් රාපක්ෂගේ මැදිහත් වීමෙන්ය. එදා රාජපක්ෂලාගේ මුහුනත් තහඩු යටතේ රයිගම් ලුණු ලේවාය යනුවෙන් නම් කෙරුනේ මෙම කලපුවයි. දැන් ප්‍රදර්ශනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේනලාගේ මුහුණුය.
“අනේ මහත්තයෝ පරම්පරා ගණනාවක්ම අපි ජීවත් වුනේ ඔය කලපුවේ කකුළුවෝ ඉස්සෝ අල්ලලා. අද අපට ඒ පැත්ත පළාතකට යන්න තහනම්. ගියත් වැඩකුත් නෑ. කලපුවේ දූපත් සේරම සමතලා කරලා මුහුදු වතුර පොම්ප කරනවා ලුණු හදන්න. ඉතින් වතුරේ ලුණු ගතිය වැඩිවෙලා ඒකේ හිටපු මාළු වර්ග සේරම වඳ වුනා. අපේ කලපු ධීවර පවුල් 5000 කට විතර දැන් යන එන මං නෑ. සංචාරක කුරුළු වර්ග සිය ගණනක් ඔය කලපුවේ පුංචි පුංචි දුපත්වල හිටියා. කඩොලාන ලන්ඳ බලන්න දුකේ බෑ. අද ඒ කිසිම දෙයක් නෑ.“ මේ පැරණි කලපු ධීවරයෙකු අපට කී කථාවකි.
එරක්කණ්ඩි කලපුව වනසා ඇත්තේ එම ගමේම පදිංචිකරුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි කරුවෙක් බව කියන පුද්ගලයෙකි. වෙරළ සංරක්ෂණ මායිම් ගල් ගලවා කඩොලාන කලාපය සම්පූර්ණයෙන් ඩෝසර් කර තිබුනි .
“ඒ මිනිහට ඔය කලපුව පැත්තේ ඔප්පුවකුත් එක්ක අක්කර අසූවක් තියෙනවළු. ඊයේ පෙරේදා එයා ලංකාවට ඇවිත් ඒක සුද්ද කරන්න පටන් ගත්තා. අපේ අනු පවුල් වලට බිම් අඟලක්වත් නෑ. ඌට අක්කර අසූවයි. අපිත් කොටසක් අල්ලාගත්තා තමයි.“ එසේ පැවසුවේ එරක්කණඩි වැසියෙකි. පුල් මුඩේ අරිසි මලේ කැලෑවේ අක්කර දහස් ගණනක් ඩෝසර් කර නව නිවාස අටසීයක් පමණ ඉදිකර තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මාස හතරකට කලින් ආරම්භ කළ පරීක්ෂණයටද වෙච්ච දෙයක් නැත.
එරක්කණ්ඩි පාළම අසල ඇති හෝටලයේ අයිතිකරුට ඉඩම් අක්කර එකසිය පණහක් ඇති බව බැවසුවේ ඔහුගේම ගෝලයෙකි. එම පාළම ඉදිරිපිටම ඇති නමක් නැති සංචාරක හෝටලය කොක්කුන්ගේ මස් වලට ඉතා ප්‍රසිද්ධය. හෝටල් කරුවා එහි ඇති කලපුවෙන් කොටසක්ද පුරාවට බැම්මක් ඉදිකරමින් සිටී.
“ත්‍රීකුණාමලේ ඩී අයි ජී මහත්තයා මාසෙකට වතාවක් අපේ හෝටලයට එනවා. එදාට ඉතින් ලොක්කාගෙන් ලොකු පාටියක් වරදින්නෙම නෑ කොක් මස් වලට ඩී අයි ජී ත් හරිම කැමතියි.“
මේ බව අපට කීවේ. නමක් නැති හෝටලයේ සේවකයෙකි.
නිලාවලි ජංගල් බීච් හෝටලය පිටුපස මුහුදු වෙරළ හාරා ඉල්මනයිට් හෑරීමද මේ දිනවල ගජරාමෙට සිදුවෙයි. මේ නිසා සිදුවෙන වෙරළ ඛාදනය අතිශය බරපතලය. පරිසර වේදියෙකු අවධාරණය කළේ කුච්චිවේලියේ සිදුවෙන මෙම දැවන්ත පරිසර විනශය සම්බන්ධයෙන් පරිසර ඇමති පදවියද දරණ ජනපති මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවයි
“එතුමා පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ත්‍රීකුණාමලේට අවා ගිනිසීරියා ගස් දස ලක්ෂයක් සිටුවන්න. වැඩේ භාරගත්තේ ප්‍රියන්ත පතිරන කියන හාදයා. හැබැයි අද වෙනතුරු එක ගහක්වත් සිටුවලා නෑ. වෙන්කරපු සල්ලි වලට මොනවා උනාද කියන්න අපි දන්නේ නෑ. අන්න එදා සිරිසේන උන්නැහේ කිව්වා මීට පස්සේ පස් ගල් වැලි ගස් සම්බන්ධයෙන් නිකුත්කරන බලපත්‍රයට එයාගේ අනුමැතියත් ගත යුතුයි කියලා. ගොඩ නැඟිලි ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් වෙනුවට දියුණු රටවල මෙන් වෙනත් විකල්ප ආදේශක හඳුන්වාදෙන බවත් කිව්වා. එහෙම නම් ඉතින් කුච්චිවේලියේ සිදුවෙන සියළු පරිසර විනාශයන්ට අවසාන අනුමැතිය දෙන්නේ එයාම කියන එක තමයි අපි විශ්වස කරන්නේ.“
ඡායාරූප
01 සළපයාර් කලපුවට මුහුදු ජලය පොම්ප කරන ආකාරය
02 දුපත් වනසා මුහුදු ජලය පිරවූ සළපයාර් කුලපුව
03, 04 එරක්කණ්ඩි කලපුවේ විනාශය
05 නිලාවලී සංචාරක ප්‍රවර්ධන කලාපයේ තැනෙන සුසාන භූමියට යන පාර
06, 07 එරක්කණ්ඩියේ වන විනාශය
---------------------------
by (2017-12-19 14:33:31)
Leave a Reply
මේ හෙන ගහන අපරාධ කරන කරවන පාදඩ දේශපාලකයන් ගෙත් අමන නිලධාරින්ගෙත් ඔළු පුපුරන්න වෙඩි තියන්න ඕන, දැන් නං වෙන කරන්න දෙයක් ඉතුරු වෙලාම නෑ!
-- by සිංහලේ on 2017-12-19
පොලීසිවල ඉන්න සමහර මැටි මෝල්ලු නිසා මිනිස්සුන්ට නීතිය තිත්ත වෙනව, ඒ වගෙම මුන් රටේ ස්වාභාවික සම්පතුත් විනාස කරනව
-- by sasanka on 2017-12-19
තුට්ටු දෙකක් උපයන ලුනු ලේවායකට මිල කරන්න බැරි භූමියක් විනාස කරන්න ඉඩ දුන්න බල්ල මොකාද? තුට්ටු දෙකට ඉඩං කොල්ල කාගෙන මේ භුමිය විනස කරපු බල්ලො මොක්කුන්ද?
-- by wasantha on 2017-12-19
වසර දාස් ගානකට වත් නැවත හදා ගන්න බැරි බරපතල විනාසයක් කරල තියෙන්නෙ සල්ලි වෙනුවෙන්! මුන්ටයි මුන්ගෙ දරු පවුල් වලටයි හෙන හත වදින්න ඕන! හෙන හත වදින්න ඕන!
-- by abaya silva on 2017-12-20
අහිංසක සතුන්ට ජීවත් වෙන්න යන්තං ඉතුරු වෙලා තියෙන ඉඩං ටිකත් මේ අමන වේසිගෙ පුතාල ඩැහැ ගන්නව. ඊට පස්සෙ ගම්මාන වල උන් කියනව උන්ගෙ ඉඩං වලට සත්තු පැනල හානි කරනවැයි කියල. මේ ඉඩං එලි කරන ඈයින්ට විරුද්ධව කිසිම දෙයක් නොකරන ගම්වැසියන් බලයක් නැති අසරණ සතුන්ට විරුද්ධව පෙලපාලි ගිහින්, ඒ සතුන්ගෙ ජීවිත විනාස කරමින් මිටි තැනින් වතුර බස්සනව. මේ වගෙ දූෂිතයන්ට මැරෙන්න කලින් අපේ අත් වලින් දඬුවමක් ලබල දුන්නෙ නැත්තං අපි හරිම කාලකන්නි ජාතියක්!
-- by සමන් on 2017-12-20
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි