~

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සුර සැප දී කළු හම තිබූ මගීන් 138 කට බල්ලන්ට බළලුන්ට මෙන් සලකලා: රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා මගීහු නඩු පැවරීමට යති

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.24,  ප.ව‍‍‍‍‍‍‍.9.40) පසුගිය සිකුරාදා සවස කොළඹ සිට අබුඩාබි බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අයහපත් කාලගුණය කියා ඕමානයේ මස්කට් වෙත ගෙන යෑමෙන් පසු එහි සිටි මගීන් එකසිය ගණනකට ඉතාමත් අසාධාරණ ලෙස බල්ලන්ට මෙන් සැලකීමෙන් නින්දාවට සහ හිරිහැරයට පත් මගීන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව මිලියන දහසක වන්දි ඉල්ලා නඩු පැවරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

යූඑල් 207 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පසුගිය 22 වන සිකුරාදා සවස 6.40 ට කොළඹ කටුනායකින් පිටත්ව ඇත්තේ අබුඩාබි ය බලා ය. එය අබුඩාබියේ ගොඩ බෑමට නියමිතව තිබුනේ එදිනම රාත්‍රී 10.00 ට ය. අබුඩාඩි ගුවන් තොටුපොලේ මීදුම තත්ත්වයක් නිසා එහි ගොඩ බෑම අපහසු යයි ගුවන් නියමු ජානක පෙරේරා නමැත්තා මගීන්ට දැනුම් දී තිබේ. ඉන් පසුව පැය 2 ක් පමණ වනතුරු ද අහසේ කරණම් ගහමින් සිටියා මිස සිදුවන්නේ කුමක්ද යන්න පවා ගුවන් මගීන්ට දැනුම් දී නැත. ඒ වන විට ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ මගීන් 12 ක් ද සාමාන්‍ය පන්තියේ මගීන් 176 ක් ද ලෙස සියළු මගීන් 188 ක් ගමන් කරමින් සිටියහ. පැය 2 කට පමණ පසු දැනුම් දී ඇත්තේ අසල ඇති හමුදා කඳවුරක පිහිටි Al Ail ගුවන් තොටුපොලට ගොඩ බස්වන බවයි. 

Al Ail ගුවන් තොටුපොලට ගොඩ බස්වන ලද නමුත් එය හමුදා කඳවුරක් බැවින් කිසිදු මගියෙකුට යානයෙන් පිටතට යෑමට ඉඩ දී නැත. මගීන් 188 දෙනාම පැය 4 හමාරක් ගුවන් යානයට වී හිඳ තිබේ. ඒ අතරවාරයේ යානයේ තිබූ සියළුම ආහාර පාන වර්ග අහවර වී ඇත. මන්ද යත් ගුවන් ගමන් කාලයට ඇති වන පමණ ආහාර ප්‍රමාණයක් පමණක් රැගෙන යන බැවින් සහ ඒ වන විට යානයට නියමිත ගුවන් ගමන් කාලය අවසන් වී ඇති නිසා ය. Crew Manager ලෙස කටයුතු කර ඇත්තේ ෂෙරීන් පෙරේරා නමැති කාන්තාවකි. 

පසුව නියමුවා දැනුම් දී ඇත්තේ ඕමානයේ මස්කට් ගුවන් තොටුපොල වෙත ගමන් කරන බවයි. ඒ අනුව යානය පසුදා සෙනසුරාදා පාන්දර 3 වන විට ඕමානයේ මස්කට් ගුවන් තොටුපොලට ගොඩ බා තිබේ. මගීන් 188 දෙනා එම ගුවන් තොටුපොලේ ආගමන විගමන කොටසේ කුඩා කාමරයක රැඳීමට සලස්වා තිබෙන අතර හෝටල් පහසුකම් ලබා දී නැත. එම කුඩා කොටසේ ආහාර පාන ලබා ගැනීමේ පහසුකමක් පමණක් නොව පානීය ජලය ලබා ගැනීමේ පහසුකමක් පවා තිබී නැති අතර 188  දෙනෙකුටම තිබී ඇත්තේ එක් වැසිකිලියකි. මගීන් පසුව දැනගත් පරිදි යානයේ සිටි සුදු ජාතික මගීන් 50 ක් දෙනා පමණක් ගුවන් තොටින් ඉවතට රැගෙන ගොස් හොලිඩේ ඉන් හෝටලයේ සියළු පහසුකම් සහිතව නවාතැන් සලසා තිබේ.

එතැන් සිට යලි අබුඩාබිය බලා හෝ පහසුකම් ඇති ඩුබායි බලා හෝ යන වේලාව සම්බන්ධයෙන් මස්කට්හි සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පවසා ඇත්තේ පට්ටපල් බොරු ය. චූලංග සහ හසරංග නමැති නීච  නිලධාරීන් දෙදෙනා  ඉන් අගතැන් පත් අය වී ඇත. මගීන්ට බොරු කියා පැන යන මේ දෙදෙනා යලි පැමිණෙන්නේ පැය 2, 3 කට පසු ය. අඩුම ගණනේ පානීය වතුර බෝතලයක් හෝ මගීන්ට සපයා නැත. මස්කට් වලට ට්‍රාන්සිස්ට් වීසා නොමැති නිසා ගුවන් තොටේ රෙස්ටොරන්ට් තිබෙන කොටසට යෑමටද ඉඩ දී නැත. පාන්දර 3 ට ගොඩ බට මගීන්ට පානීය වතුර බෝතලයක් සහ සැන්ඩ්විච් පෙති දෙකක් සපයා ඇත්තේ පසුදා දවල් 11 ට ය.  එතැන් සිට යලිත් වතාවක් පැය 2 කින් ගුවන් යානයක් වෙන් කරනවා ආදී බොරු කියමින් රාත්‍රී 10 දක්වාම මගීන් 138 ක් පමණ පෙර කී කුඩා කාමරයක හිර කරගෙන සිට ඇත. හිඳ ගැනීමට පවා තිබී ඇත්තේ සැටි කිහිපයකි. බහුතරය බිම නිදා ගෙන තිබේ. සුදු හම තිබූ 50 ක් හෝටල් වලට යවා තිබූ බැවින් එතැන කොටු වී ඇත්තේ 138 ක් පමණ පිරිසකි. ඒ අතර ඉන්දියානු පාකිස්ථාන් ජාතිකයන් පවා හිඳ ඇත. දහවල් ආහාර ලෙස යලි බත් කටක් සහ වතුර බෝතලයක් සපයා ඇත්තේ රාත්‍රී 7 ට ය. අවසානයේ පැය 17 කට පමණ පසු රාත්‍රී 10 ට පමණ ගුවන් යානයකින් අබුඩාබිය බලා යෑමට පහසුකම් සපයා තිබේ. මස්කට් සිට අබුඩාබිය බලා ගුවන් කාලය විනාඩි 35 කි. මෙම විනාඩි 35 වෙනුවෙන් පැය 24 කට ආසන්න කාලයක් දුෂ්කරතාවයට පත් පිරිසට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

නින්දාවට සහ හිරිහැරයට පත් මගීන් පවසන්නේ සුදු හම තිබූ මගීන් 50 කට හෝටල් පහසුකම් සපයා, සියරැටියන්ද ඇතුළු කළු හම තිබූ අනෙක් 138 දෙනාට බල්ලන්ට බළලුන්ට මෙන් සැලකීම නින්දා සහගත ක්‍රියාවක් බවයි. එපමණක් නොව මගීන් බලාපොරොත්තුව ගුවන් තොටුපොලවල බලා සිටි ඥාතීන් හිතවතුන්ටද නිවැරදි තොරතුරු ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය හිතා මතා මග හැර තිබේ.  

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් රුපියල් මිලියන 1000 ක වන්දි ඉල්ලා නඩු පැවරීමට සූදානම් වන බව ලංකා ඊ නිව්ස් ඇමැතූ සැලකිය යුතු මගීන් පිරිසක් පැවසූහ. 

(සේයාරූ වල දැක්වෙන්නේ මස්කට් ගුවන් තොටුපොලේ කුඩා කාමරයක මගීන් හිරිහැරයට ලක්ව සිටි ආකාරයයි) 

---------------------------
by     (2017-12-24 18:11:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

ශ්‍රී ලන්කන් එකේ ප්‍රමිතිය ගැන කථා කරලා වැඩක් නෑ. ඒත් මම තාමත් යන්නෙ ශ්‍රී ලන්කන් එකේ විතරයි මොකද ඒක අපේ රටේ නිල ගුවන් සේවාව​. මෙතනදී අප බලන්න ඕනි සුද්දන්ට එක සැළකිල්ලකුත් අනෙක් අය (බොහොමයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි) එම සැළකිලිත් ලැබුනේ ඇයි කියලා. මෙතන තියෙන ප්‍රශ්නෙ සුදුද කලුද කියන එක නෙමේ. සුද්දන්ට බොහොමයක් රටවල ට්‍රාන්සිට් හරි ඔන් අරයිවල් හරි වීසා ලැබෙනවා. ඒත් මම හිතන්නෙ බොහොමයක් මේ ගුවන් යානයේ සිටි අය අබුධාබි රෙසිඩෙන්ට් වීසා තිබුන අය විය හැකිය. ඒත් ඔවුන් ගේ රැකියා වීසා අනුව ට්‍රන්සිට් ලැබෙන්නෙ. ඒ කියන්නෙ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ට්‍රයි කලත් ඔවින්ව ඉක්මනින් හෝටල්වලටයොමු කිරීම අපහසුයි. අනික මේ දිනවල අබුධාබිවල තිබෙන මීදුම තිබෙන්නෙ සුලු කාලයක් පමණයි. මේදේවල්වලට ණඩු දාන එක වෙනම දෙයක් ඒත් අප බලන්න ඕනි අපේ පාස් පෝට් එකට සැලකීම ගන්න රටේ තත්වය ඔසවා තැබීමෙන්. ඒත් අපේ මේ ඉන්න ගොබ්බ දේශ පාලුවො නිසා ඒක හිතන්නවත් බැහැ. ලංකා ඊ නිවුස් හැමදාම කියනවා වගේ අපි රට හදමු මේ වෙලාවෙ ශ්‍රී ලන්කන් එක හදන්න යන එක වැඩක් නෑ.
-- by Sudath Sri on 2017-12-25

This seems to be more of a sinister reporting of this subject. On this day it is not only UL was diverted due to fog, most of the airlines were diverted to nearby airports like Ras al Khaimah/ Sharjah and Dubai, but Dubai was congested and not much airlines were allowed to land there. In this circumstances it is difficult for an airline to Gage the situation. Understanding the occurrence of this situation i lay the below observation. 1) Sri Lankans or mostly south Asian country members do not get VOA (visa on arrival) status in Oman hence taking the guests out of the airport is beyond the airline control. 2) on this day majority of the airports were managing flights diverted by Abu Dhabi airport closure due to fog hence giving room for other diverted flights, well as schedule flights out from Oman has to be considered.this may be the reason for the mentioned cramping of rooms. 3) Believe that the white skin people mentioned, who were transferred to hotels was a simple thought to understand that the passports they were holding would have had VOA status for respective passports. I am a earnest follower of Lanka e news, below is link which was reported on the diverted flight of Jet Airways. http://gulfnews.com/news/uae/society/protest-as-jet-airways-passengers-not-allowed-to-disembark-from-diverted-flight-1.2145872 6868
-- by Ahmed on 2017-12-25

මමත් අවුරුදු 25 ක් ඉන්නෙ රට ඔමාන් සහ කටාර් කාලෙක ඉදන් මම යන්නෙම නැහැ ශරි ලන්කන් එකෙ අන්තිමයි අපිට සලකන විදිය උඩදිත් එකයි බිමදිත් එකයි එකට ඔමාන් සහ කටාර් එයා එල. ඕක වැහිලම යන්න ඕන
-- by Sara on 2017-12-31

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links