~

හර්ෂ ආචාරියා සහ අනුෂ පැල්පිට විසින් කොම්පියුටර් ජිල්මාට් සඳහා කළ සූදානම හෙලිවේ: ලොන්ග්ඩන් පෙදෙසේ රහසිගත නිවස වටලනු (Secret Video)

(ලංකා ඊ නිව්ස් -2015.ජන.02, ප.ව.4.30) “ඡන්දෙන් බැරි තැන කොම්පියුටරයට බහීද?“ මැයෙන් ලංකා ඊ නිව්ස් පසුගිය 31 වෙනිදා පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් රාජපක්ෂ රෙජීමයේ කොම්පියුටර් ජිල්මාට් උපදේශක ආචාර්ය හර්ෂ විජේවර්ධන නමැත්තා සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති අනුෂ පැල්පිට එක්ව තවත් කොම්පියුටර් ජිල්මාට්ටුවක් සඳහා කරන ලද සූදානමක් සම්පූර්ණයෙන්ම හෙළි වී තිබේ. 

ඔවුන් මේ සඳහා යොදා ගෙන ඇත්තේ කොළඹ 07, ලොන්ග්ඩන් පෙදෙසේ අංක 30/75 - A දරණ රහසිගත ස්ථානයයි. (මෙහි දැක්වෙන වීඩියෝවෙන් පෙන්වන්නේ එම ස්ථානයයි)  මෙම ස්ථානය සඳහා පරිඝනක 40 ක් සහ දුරකථන මාර්ග 40 ක් ලබා දී ඇති අතර විදුලි සංදේශන නියාමන කොමිසමේ ටර්මිනල් ලයින් පාස් වර්ඩ් හඳුනාගත හැකි සිව් දෙනෙකුද එම රහසිගත ස්ථානයේ සේවයට යොදවා තිබේ. 

ආචාර්ය හර්ෂ විජේවර්ධන නමැත්තා වනාහී කොළඹ සරසවිය විසින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පරිඝණක පද්ධති ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයා වේ. ඔහු මේ වන විට අරලිය ගහ මැදුරේ පවත්වාගෙන යන පරිඝනක ජාලයේ උපදේශකයාද වේ.  අරලියගහ මැදුරේ සේවය කළ 20 දෙනෙක් ඉහත කී ලොන්ග්ඩන් පෙදෙසේ රහසිගත ස්ථානයේ සේවයට කැඳවා ඇත. 

මෙම කන්ඩායම මැතිවරණ කොමසාරිස් වරයා වෙත ලැබෙන අවසන් ප්‍රතිඵලය අතරමගදී සොරකම් කර විකෘතියකට ලක් කිරීම සඳහා ක්‍රියා කිරීමට යන බව වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් සියළු තොරතුරු විපක්ෂය වෙත ලැබී ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කර එය වළක්වා ගැනීමට ක්‍රම සහ විධි යොදා තිබේ. 

මෙම හඳුනාගත් රහසිගත ස්ථානය ජනතාව විසින් වටලා විරෝධය පළ කර ඒවා වසා දැමීමට බළ කළ යුතුය

මීට අමතරව පෙර කී ආචාර්ය හර්ෂ නමැති මරාවාදී සට්ටැඹියා පසුගියදා ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවට ගොස් විදෙස් ගතවන ලාංකිකයන්ගේ ඇඟිලි සලකුනු වල වාර්තා රැගෙන ගොස් ඇත. එම වාර්තා ඔහුට දිය නොහැකි යයි ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් වරයා ආචාර්ය හර්ෂට දැනුම් දුන් විට ඒවා ලබා ගැනීම සඳහා ගෝඨාභය විසින් නිකුත් කරන ලද ලිඛිත නියෝගයක් පෙන්වා ඇති අතර ඉන්පසුව රෙජිස්ට්‍රාර්වරයා විසින් එම වාර්තා ආචාර්ය සට්ටැඹියාට ලබා දී ඇත. එම අවස්ථාවට හර්ෂ සමග කපිල නමැත්තෙක් සහ ජී.ඩී.බී. සිල්වා නමැත්තෙක්ද සහභාගී වී තිබේ.

ලංකා ඊ නිව්ස් පළමු පුවතින් හෙළි කළ පරිදි මෙකී ආචාර්ය හර්ෂ විජේවර්ධනට විපක්ෂ බුද්ධි අංශයන්ගේ උකුසු ඇසින් ගැලවී යා නොහැකිය 

---------------------------
by     (2015-01-02 11:36:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links