(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.06, ප.ව.4.30) ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායකගේ දෙටුපුත් සංගීතවේදී ජයන්ත රත්නායක අද උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 51 ක් පමණක් විය.
ලංකාවේ කණ්ඩායම් ගීත කලාවේ වෙනසක් ඇති කළ සිහ ශක්ති සංගීත කණ්ඩායම ආරම්භයේ ඔහු එහි කැපී පෙණුනු නිර්මාණ රාශියක් කෙළේය. ඔහු එහි ඕගන් වාදකයා ද විය.
ඉතාමත් අහිංසක නිහතමානී පුද්ගලයෙක් වූ ජයන්ත දෙදරු පියෙකි.
ජයන්තගේ සිරුර අද සවස දෙකෙන් පසු තලංගම කොස්වත්තේ මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.
---------------------------
by (2020-04-06 11:04:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි