~

අශ්වයන් ගස් නග්ගවා රිලව් දුවන්ඩ දැමූ කොරෝනා මෙහෙයුම..! පවිත්‍රාට සහ නාවික හමුදාවට එරෙහි ගෝඨාගේ කුමන්ත්‍රණයක්..!

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.2.35) ශ්‍රී ලංකාව හැරුණු කොට කොරෝනා  මර්දනය  සදහා හමුදාව යොදා ගත් අනෙක් රට චීනයයි. ලෝකයේ විශාලතම හමුදාව චීනය සතුය. එය සක්‍රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයන් 2,183,000 කින් පමන සමන්විතය. සාමාජිකයන් ගණනින් මෙන්ම සිය අධිකාරිය ක්‍රියාත්මක ක්ෂේත්‍ර  ගණනින්ද චීන හමුදාව අසමසමය. චීන හමුදාව වසංගත රෝග විශේෂඥයන්, වෛරස් විශේෂඥයන් සහ  ජීව විද්‍යාත්මක ප්‍රහාර පිළිබද පරීක්ෂණ මෙහෙයවන  විද්‍යාඥයන් මඩුල්ලකගෙන් පවා සමන්විතය. වසංගත රෝග මැඩලීම සඳහා විශේෂිත පුහුණුව ලද ඒකකය ලක්ෂයකට වැඩි  හමුදා පිරිසකගෙන් සමන්විත ය. වසංගත රෝග තත්වයක් මැඩලීමට අවශ්‍ය සියළු තාක්ෂණික උපකරණයන්ගෙන් ඔවුන් සන්නද්ධය. එබෝලා, සාර්ස්, මර්ස්  වැනි වසංගත සමග සටන් වැදී දශක දෙකකට වැඩි අද්දැකීම් ඇත. චීන රතු හමුදාව කෝරෝනා මැඩලීමේ ඉදිරි පෙළ මෙහෙයුම සඳහා දායකත්වය දුන්නේ එවැනි පසු බිමක් තුලය. ( කියවන්න සවුත් චයිනා මෝනින් පොස්ට් ලිපිය How China’s military took a frontline role in the coronavirus crisis )

වඳුරු ආරක්ෂකයා සහ රං ගොජා..

ලංකාවේ හමුදාවට වසංගත රෝග මැඩලීම ඒකකයක් තියා එවැනි පුහුණුවක් ලද හමුදා සාමාජිකයෙකුවත් සිටියේ නැත. වසංගත මැඩලීමේදී භාවිතා කරන අධිතාක්ෂණික උපකරන තියා,  අත් වැසුම්/මුහුණු ආවරණ  වැනි මූලික උපකරණවත් නොතිබුනි. වෛරස් විශේෂඥයන්, විද්‍යාඥයන් කෙසේ වෙතත් පුහුණුව ලත්  පී.එච්.අයි කෙනෙක්වත් හමුදාවේ නොවීය. මෑතකදී වෛරසය වැළැක්වීමේ ඇඳුම් කට්ටල  දස දහසක් චීනය ලංකාවට පරිත්‍යාග කළේය. එම ඇඳුම් කට්ටල භාවිතා කළ ඒවා බව හෙළි වී ඇත. ඒවා ඇඳීමෙන් කොරෝනා ඩබල් විය හැකිය. ගෝඨා කොරෝනා මැඩලීමට යෙදවූයේ එවැනි හමුදාවකි. නමුත් මෙහෙයුම් බාරගන්නා විට සියල්ල හමුදාව සතු බව ශවේන්ද්‍ර කීවේය. ත්‍රස්තවාදය මැඩලූ ඔවුන්ට කොරෝනා කජ්ජක් නොවන බව කීවේය.  සිය ආරක්ෂකයා ලෙස වඳුරෙකු පත් කොට ගෙන සිටි රජෙකු ගැන අප අසා ඇත. ඕනෑම උවදුරකට පිළිතුර කඩුව යැයි වඳුරා සිතූවාට සැක නැත. මැස්සා රජාගේ බෙල්ලේ වැසූ කල කඩුවෙන් කෙ‍ටුවේ එහෙයිනි. ලංකාවේ කමල් ගුනේ සහ ශවේන්ද්‍ර  එවැනි ආරක්ෂකයන්ය, නන්දසේන යනු ආරක්ෂාව ගැන වගවීමට වඳුරන් යෙදවූ රං ගොජෙකි. නමුත් වඳුරු ආරක්ෂකයා සහ රං ගොජා නිසා කෙලවෙන්නේ රටේ බෙල්ලටය.

මෝඩ කමට අනුකම්පා කළ හැකිය නමුත් දුෂ්ඨ පාවාදීමට ?

ලොස් ගෝඨා ලංකාවේ මිනිසුන් සාගතයෙන් පෙළෙද්දී,  වැඩ පිළිවෙලක් නැති  සාර්ක් අරමුදලට ඇ.ඩො.ලක්ෂ  50 ක් දුන්නේය. කර්ම ප්‍රවාහයෙන් උරුම වූ මෝඩකමට අනුකම්පා කළ හැක. නමුත් ගෝඨා යනු ශිෂ්ඨසම්පන්න සමාජයක පවත්වාගෙන යා යුතු යයි සම්මත අවම ගුණ ධර්මවත් නොපිළිපදින සත්වයෙකි. තම ගැලවිජ්ජාව වෙනුවෙන් ඕනෑම අයෙකු පාවා දෙන්නෙකි.   ලන්ඩන් පීසී හවුස් ආයතනයට කෝටි ගණනක් ගෙවා කොරෝනා අස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රමෝට් කළේය. ලංකාව තුල කොරෝනා වලට බෙහෙත් ඇති බව ඇඟවෙන ආකාරයේ  'ඇඩ්' එකක් විකාශණය කොට  සංචාරකයන් ලෙස කොරෝනා රෝගීන් ගෙන්වා ගත්තේය. රෝගීන් 28 ක්  සොයා ගත්තා කියා රට ලොක් ඩවුන් කළ නොහැකි බව ගෝඨා කීවේය . වැඩ වැරදුනු  විට සියල්ල කණපිට හැරුනි . කොරෝනා රෝගීන් මතුවීමත් සමග එහි වරද ඉතාලි සහ කොරියන් ශ්‍රමිකයන් මත පැටවූයේය. ඊට මාස කිහිපයට පෙර අතින් වියදම් කරගෙන මෙරටට පැමිණ ගෝඨාට ඡන්දය දුන් ඔවුන් දුෂ්ඨ ලෙස පාවා දුන්නේය.

එක බත්පත කෑ උන් පාවා දුන් හැටි..

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සිට කැබිනට් ඇමති දක්වා පිටරට වල මරණ පෙන්වා  ගෝඨා උත්කර්ශයට නැගූහ. විදෙස් රටක මිනී ගොඩක් මතින් සිය ප්‍රතිරූපය ඔසවා ගැනීම  සියවසේ රාජ්‍ය නායකයකු සිදු කළ  නින්දිතම ක්‍රියාවකි. ගෝඨාගේ  ක්‍රියාවෙන් එම රට වල වෙසෙන ලාංකිකයන්  මහත් අපහසුතාවයට පත් විය. ඔවුන්ගෙන් සාතිශය බහුතරය ගෝඨා වෙනුවෙන් හඬ නැගූ මිනිසුන්ම ය.  රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයද ගෝඨා වෙනුවෙන් කඩේ ගිය පිරිසකි. ඔවුන් කෝරෝනා පිළිබඳ  සැබෑ තත්වය හෙළි කරන විට රජයේ වෛද්‍ය නිළධාරීන්ට ප්‍රහාර එල්ල කළේය. තමන්ට වාසි අවස්ථාවේදී  මැතිවරණය  කල් දැමීම නිසා මැතිවරණ කොමිසමට  පහර දුන්නේය. මැතිවරණය පැවැත්වීමට පක්ෂව කථා කිරීමට අකැමැති වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට බැන වැදී කැමරාව තහනම් කළේය. අජිත් රෝහණ රූපවාහිනිය මැදිරි තුල නොදැක්කේ එහෙයිනි . අජිත් රෝහණට පක්ෂව ජන මතයක් ගොඩ නැගීම නිසා  තින්දුව හකුලා ගැණුනි. 

හමුදාව අනාථයි: ගෝඨා පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි..

ලංකාවේ කොරෝනා පැතිරීමේ වේගය මෙසේය.
 
001-100 : දින 54 
101-200 : දින 19
201-300 : දින 08 
301-400 : දින 04 

ඉහත තත්ත්වය යටතේ මේ වන විට සංදර්ශන පාමින් සිදුකළ රෝගීන් හඹා යාම, වාහකයන් හඹා යෑම සහ ආශ්‍රිතයන් සෙවීම නැවතී ඇත. මක්නිසාදයත් දින 4 න්  සිය ගණනක් රෝගීන් වාර්තා වීමත් සමග ආශ්‍රිතයන් හඹා යාමට තරම් භට පිරිස්  නොමැති වීමය. මේ වන විට  හමුදාවේ සහ පොලීසියේ 9000 කට වැඩි පිරිසක් නිරෝධායනයට යටත් කොට ඇත. කොරෝනා වෛරසය ගම් නියම් ගම් පුරා පැතිර ගොස්  ඇත. ගෝලීය කොරෝනා මර්දනයේ  හොඳම රාජ්‍ය නායකයා කියා  ''ගොඩහේවා''  සම්මානය ලද ගෝඨාගේ කලිසම ගැලවී ඇත. නමුත් කලිසම ගැලවුනා කියා ගෝනි සෙල්ලම් නවතා නැත . සෞඛ්‍ය ඇමතිනිය බිල්ලට දී හෙළුව වසා ගැනීමට ගෝඨා සැලසුම් කළේය.  වැලිසර නාවික හමුදා කඳවුරින් එකවර රෝගීන් 68 දෙනෙකු වාර්තා වීමත් සමග, ගෝඨා  පවිත්‍රාට කතා කොට ඉල්ලා අස්වන ලෙස දැන්වූයේය. ඉල්ලා අස්වීම වෙනුවට පවිත්‍රා කළේ මහින්ද සොයා ගොස් හඬා වැටීම ය.  ඉල්ලා අස්වීම දෙපාර්ශවයටම අවාසි යයි කියා මහින්ද දෙපැත්ත බැලන්ස් කළේය. මේ වන විට පවිත්‍රාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් දියත්ව ඇත. පවිත්‍රා පන්නා දමන මෙහෙයුම පි‍ටුපස සිටින්නේ ගෝඨාය. 

මහින්ද දේශප්‍රිය ගේ අවංක භාවය..

2010  ජනාධිපතිවරණයේ  සිදුවූවා යයි කියන ජිල්මාට්,  ඇමෙරිකන් පුරවැසියෙකු ජනපති අපේක්ෂකයෙකු ලෙස පිළිගැනීම, ගෝඨාගේ උපන්දිනය දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කාරනා බොහොමයක් නිසා මහින්ද දේශප්‍රියගේ අවංකභාවය  සැක සහිත ය. මහින්ද දේශප්‍රියට එල්.බී. මානෙල් නිෂාන්ති නම් ඥාති සොහොයුරියක් විය. (ලොකු අම්මාගේ දුව) කුඩා කල මහින්ද දේශප්‍රියගේ දරුවන් බලා ගත්තේ ඇයයි.  මහින්ද දේශප්‍රිය  බැසිල්ට කනපින්දම් කියා එකී ඥාතිවරියට  සමෘද්ධි  පත්වීමක් ලබා ගෙන ඇත. ( වනචර දශකයේ සිදුවූවකි) ප්‍රදේශය වතුගෙදර, බලපිටිය ලෙසින් පත්වීම ලැබුණි. අවාසනාවට මහින්ද දේශප්‍රියගේ ඥාති සොයුරිය  සමෘද්ධි සහායකයෙකු සමග හාද වී පැන ගියාය. ඔවුන් දෙදෙනා පැන ගියේ යම් සමුද්ධි මුදල් ප්‍රමාණයක් ද සමගිනි. නමුත් මහින්ද දේශප්‍රිය කංකෙඳිරි ගා එම නඩුවත් ගොඩ දා ගැනීමට සමත් විය. එපමනක් නොව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව යලි ‍රැකියාව ලබා ගැනීමට ද සමත් විය. කරුණු එසේ  නම් බැසිල් - මැකෝ ඩීල් නැතැයි කිව හැක්කේ කාටද?

නාවික හමුදාවේ කොරෝනා පොසිටිව් 100 පනී...

සෞඛ්‍ය සේවය දෙවන පෙළෙහි තබා  කොරෝනා මර්දනයට හමුදාව යෙදවීම අශ්වයන්ට ගස් නගින්න කියා රිලවුන්ට දුවන්න දුන්නා වැනි වැඩකි. මේ වන විට නාවික හමුදාවේ කොරෝනා පොසිටිව් ගණන 100 ඉක්මවා ඇත. මුළු නාවික හමුදාවම කොරෝනා භීතියට ලක්ව ඇත. එක් දිනක් තුල නාවික හමුදාවෙන් කොරෝනා රෝගීන් 68 වාර්තා වීමේ අසාර්ථකත්වයට වග කිව යුත්තේ පවිත්‍රා නොව නන්දසේන ය. නාවික හමුදාවට කොරෝනා බෝ වූයේ සුදුවැල්ලේ කුඩ්ඩන්ගෙන් බව හෙලි වී ඇත. සිරගෙවල්වල තද බදය වැඩියි කියා මාර්තු මාසයේදී  කුඩ්ඩන් බුරුතු පිටින් නිදහස් කළේ ගෝඨා ය . ජා ඇල සුදුවැල්ලේ තුන් දෙනෙකු මාර්තු නිදහස් වූවන් ය. ඔවුන් නිරෝධායනය කළේ නාවික භටයන් ය. පුහුණුව සහ උපකරණ නොමැති හමුදාව කොරෝනා මර්දනයට යැවූයේ ගෝඨාය. නාවික හමුදාව අනාථ කළේ ගෝඨාය . පවිත්‍රාට වරද දමා බේරීමට දැරූ තැත අසාර්ථක වීමත් සමග ගෝඨා  තවත් දුෂ්ඨ සැලසුමක් ක්‍රියාත්මක කළේය. නාවික හමුදාවට කොරෝනා බෝ වුනේ ගණිකා ඇසුරට ලොල් වූ භටයන් පිරිසක් නිසා යයි පුවතක් නිර්මානය කළේය. තව නොබෝ වේලාවකින් එය සමාජ ගත කිරීමට සූදානම් ය. පවිත්‍රාට එරෙහි සමාජ ජාල මෙහෙයුම මෙන්ම නාවික හමුදාවට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ගෝඨාගේ අනුග්‍රහයෙනි.

කීර්ති රත්නායක

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48

---------------------------
by     (2020-04-25 09:14:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links