~

කොරෝනා මර්දනයට උපාය මාර්ගයක් නැතිකම වැඩ අල කරන විරුවාගේ එකම උපාය මාර්ගයයි..! නාවික සෙබලුන් අසාදිත වෙද්දී නාවික විරුවා ටික්ටොක් බාල් නටයි..!

විශේෂ ලියුම්කරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.27, ප.ව.11.30) කොරෝනා වයිරස පවුලේ ඉතිහාසය 1930 වැනි අතීතයකට යයි. ඒ ගෘහාශ්‍රිත කුකුළන්ට වැළඳුනු ස්වසන රෝගයක් ලෙසය. මිනිසුන්ට වැළඳුනු කොරෝනා වෛරසයක් හමුවන්නේ 1960 දී ය. වර්ෂ 90 ක්  වැනි කාලපරාසයක් තුල මෙම වයිරසය සියදහස් වාරයක් විපර්යාසයන්ට භාජනය වී පරිණාමීය වෙමින් පැමිණ තිබේ .

SARS-CoV in 2003, HCoV NL63 in 2004, HCoV HKU1 in 2005, MERS-CoV in 2012, යන වයිරස වලින් පසුව  SARS-CoV-2 in 2019 ලෙස  වත්මන්  කාලයේ මානව ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටී. මුලදී  කුරුල්ලන්ට  මෙම වයිරසයෙන් මරණ  හානිය 40% 90% අතර වූ අතර SARS-CoV in 2003 අවස්ථාවේදී එය  9% ක මරණ  අනුපාතයක් විය 2003 කාලයේදී  ලෝකයේ  සාමාජ  මාධ්‍ය ප්‍රබල නොවූ බැවින්ද ප්‍රධාන  ධාරාවේ  මාධ්‍ය SARS-CoV in 2003 සඳහා  වර්තමානයේ මෙන් ලොකු ඉඩක් මාධ්‍ය තුල ලබා නොදීමද විශේෂයි. ඊට ප්‍රධාන හේතුව වුයේ 2003 වසරේදී ඇමරිකාව සිදුකළ ඉරාක යුධ  ආක්‍රමණයයි. සියලු මාධ්‍ය  ඉරාක  යුද්දය සඳහා ඉඩ ලබා දී තිබිණ. නමුත් 2019 වසරේදී ඇතිවුන SARS-CoV-2  2019 පිළිබදව මුළු ලෝකයේම සමස්ත  අවධානය දිනාගෙන තිබිණ.  ඇමෙරිකානු මාධ්‍ය  දිනපතා  90% කට වඩා  SARS-CoV-2 in 2019 සඳහා ලබා දීමත් සමග සමාජ මාධ්‍ය තුල SARS-CoV-2 in 2019 පිළිබඳ තොරතුරු  වැඩිවශයෙන් සංසරණය විය. 

 'බොරළුගොඩ පිනා' කී සියවසේ විහිලුව..

2019 දෙසැම්බර් වන විට ලොව පුරා අනෙක් රටවල්  මේ සඳහා විද්‍යාත්මකව  සුදානම් විය.  නමුත් අපේ රටේ පාලකයන් පැවසුවේ  නැනෝ තාක්ෂණයෙන් ගුවන් තොටුපොලෙන් වයිරසය රටට පැමිණීම නවතා ඇතිබවයි. 'බොරළුගොඩ පිනා' යන අන්වර්ථ නමින් හඳුනන කිසිදා අගමැති නොවන  ලංකාවේ විදේශ ඇමතිවරයාගේ කටින්ම එය පැවසීමද සියවසේ මහා විහිලුවකි. විද්‍යාත්මකව ගුවන් මගීන්ගේ ශරීර  උෂ්ණත්වයෙන් පමණක් SARS-CoV-2  2019  වයිරසය ආසාදිත බව සොයාගත  නොහැකි බව රටේ  ගොන් පාලකයින් දැන  සිටියේ නැත හෝ අසා  සිටියේ නැත. රටේ  බහුතරයක් බත් කන හරක්  නිසාදෝ ගුවන්තොටුපොළේ  උෂ්ණත්ව මානක කැමරා සවිකර හිරු , දෙරණ වැනි ජඩ මාධ්‍ය ඔස්සේ  ලංකාව ආරක්‍ෂිත බව රටේ  මතය බවට පත් කළේය  

ලෝකයම චීන සංචාරකයින්ට ගුවන් තොටුපොල වසද්දී පෙබරවාරියේ පමණක්  චීන ජාතිකයින් 22000 කට වඩා ගෙන්වා ගත්තේ කිසිදු විද්‍යානුකුල ක්‍රමවේදයකින්  තොරවයි. මේ අතර SARS-CoV-2  2019 වයිරසය දරුණු වෙමින් විපර්යාසයන්  තුනක් ඇතිවී A /B /C ලෙස  වයිරස කාණ්ඩ තුනකින් විනාශ කරමින් සිටින විට ඉතාලියේ /කොරියාව/ ප්‍රංශය ඇමෙරිකාව වැනි  රටවල්වල සිටි ශ්‍රී ලාංකිකයින්  නැවත ලංකාවට පැමිණෙන්ට විය. එහිදී ද කිසිදු පරීක්ෂාවක් සිදු නොකොට  ගුවන්තොටුපොලෙන් පිටවීමට ඉඩ ලබාදී තිබු අතර නැවත ජඩ මාධ්‍ය හිරු /දෙරණ  මගින් සමාජ ගත කළ බොරුව වූයේ සියලුදෙනා තම නිවෙස්වල සිට  නිරෝධායනයට ලක් කරන බවයි. ලංකාවේ ජනතාවගේ විනය ගැන දන්නා සියලු  දෙනා දන්නා එක දෙයක් ඇත. එනම් ලංකාවේ මිනිසුන් විනයගරුකව එවැනි නිරෝධායන කටයුතු සිදුනොකරන බවයි. සිදුවුයේ ජනතාව අතර රෝගය වේගයෙන් පැතිර යාමයි. හොඳම උදාහරණය ඉතාලියෙන් පැමිණි එක අයකු නිවාස  26 කට ගොස් තිබීමයි.

විනාඩි 15 න් පරීක්ෂා කළ හැකි කට්ටල කලින්ම ලංකාවට ගෙනාවා නම්..

ඉන් අනතුරුව අධෝමුඛය කැඩුණු කඩියා මෙන් විදේශ ගතවී පැමිණි අය සොයා  මෙහෙයුම් කරන්නට විය. කුඩු ලන්සා නිසා අසමත් වූ හැඳල  නිරෝධායන මධ්‍යස්ථානය පසුව මඩකලපුවට ගෙන ගියේය. විද්‍යානුකුලව SARS-CoV-2  2019  පරීක්ෂාව සඳහා ඉක්මන් වී පරීක්ෂණ විනාඩි 15 න් කළ හැකි කට්ටල කලින්ම  ලංකාවට ගෙන ආවා නම් ගුවන් තොටුපොලෙදීම පරීක්ෂා කොට SARS-CoV-2  2019 රෝගය වැලඳුන අය පමණක් නිරෝධායනය කළ හැකි විය. එසේ නොමැති වීමෙන් SARS-CoV-2  2019 වැළඳුණු හඳුනා නොගත් අය සමග එකම ශාලාවක  පොදු වැසිකිලි ලබා දීමෙන්  SARS-CoV-2  2019  රෝගය වැළඳී නොසිටි  අහින්සකයිනටද කොරෝනා වැළඳී මරණය පවා උදාවිය .

රෝගීන් 28 ක්  සිටියදී ගුවන්තොටුපොළ  වැසීම අනවශ්‍යයයි කියමින් රෝගය  පාලනයකින් තොරව රට තුලට රැගෙන ඒමට ඉඩ දී සිටියේය. පාලකයින් නිරෝධායනය පිලිබඳව විශ්වාස නොකළ බවට හොඳම උදාහරණය නම් චීනය  සඳහා පියාසර කළ ගුවන් යානයේ කණ්ඩායම දින 14 ක නිරෝධායන  කාලයට  දින 9 ක් තිබියදී ජනාදිපති මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් මාධ්‍ය ප්‍රචාරණය ජඩ මාධ්‍ය ඔස්සේ ලබාදීමය.

මාධ්‍ය සංදර්ශන බොරු; කළ යුත්ත සහ නොකළ යුත්ත..

එළැඹෙන මැතිවරණය නිසා කතුවරුනටත්  පුවත් පත් හිමිකරුවන්ටත් මුදල් ගෙවමින් කොරෝනා රට අල කරන විරුවාට පහව ගිය බව තහවුරු කිරීමට පුවත් මවමින් සිටින මුත් දැන් දැන් දින 2 කට රෝගීන් 100 කට වඩා හමුවීමෙන්  ඔවුන්ගේ මාධ්‍ය සංදර්ශන බොරු බව බුද්ධිමත් අතොලොස්සක් වූ  ජනතාව  අවබෝධ කරගෙන සිටිති.

කොටි ත්‍රස්තවාදී  යුද්ධය  මෙන් කොරෝනා යුද්ධය ජය ගන්නා බව කීවද  කොරෝනා යුද්ධය  ජයගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට STRATEGY එසේත් නැතිනම් උපාය මාර්ගයක් නොමැති බව දැන් පැහැදිලිය.  එකම උපාය මාර්ගය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට පමණි. රටේ කොරෝනා මර්දන ව්‍යාපාරය සඳහා  රාජ්‍ය යාන්ත්‍රණය නිසිපරිදි යොදා නොගන්නා රජය ත්‍රිවිධ හමුදාව ඉදිරිපෙල තබා වීශේෂ දැනුම ඇති අය දෙවැනි පෙළ තබා කටයුතු කිරීම දැන්වත් නවතා දැමිය යුතුව  තිබේ.  

පළමුව කොරෝනා පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයට අනුව හැසිරවීමත්  අනිල් ජාසිංහ, ශවේන්ද්‍ර  සිල්වා මාධ්‍යට පවසන තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයෙන් සංස්කරණය කොට ලබා දීමත් නතර කළ යුතුය. ජනතාවට ගෝඨාභයගේ බොරු ජාසිංහගේ හෝ සිල්වාගේ  කටින් ඇසීම මගින් සෙතක් සිදුනොවේ.

මේ වන විට ලංකාවට ලැබී ඇති රුපියල් බිලියනයකට ආසන්න ආධාර මුදල් මගින් SARS-CoV-2  2019 විනාඩි  15 වේ පරීක්ෂණ කට්ටල මිලියන 2.5 ක් වත්  ලංකාවට ගෙන ආ යුතුය. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 10% වත් ජනතාව  ප්‍රතිශතයක් ලෙස බහුලව ජීවත් වන ප්‍රදේශවල සිදු කළ යුතුව ඇත.

වෛරසයේ අලුත්ම පරිණාමය.. 

වර්තමානයේ  පරීක්ෂණ මගින් සොයා ගෙන ඇති අන්දමට SARS-CoV-2  2019 රෝග තත්වය ඇති බොහෝ දෙනෙකුට දින 21 කට වඩා කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ජීවත් වන නිසා එහි දරුණු බවය. පෙර තත්වයට වඩා දරුණු වී ඇති බව පිළිගැනීමයි. වර්තමානයේ සොයා ගෙන ඇති අන්දමට SARS-CoV-2  2019 වයිරසයේ පරිණාමය තව දුරටත් සිදු වෙමින් පවතී. ජපානයේ වාර්තා වූ පරිදි එක රෝගියකු කොරෝනා වාහකයකු සමග ගැටී  දින 31 කින් පසුව පමණ වයිරසය ශරීරයෙන්  මතුව තිබේ. විවිධ පුද්ගලයන්ගේ  ප්‍රතිශක්තිකරනයේ මට්ටම අනුව SARS-CoV-2  2019 වයිරසයේ  ලක්ෂණ මතුවීමේ කාලය තීරණය වේ. ලෝක ජනගහණයෙන් 2-3% අතර පිරිසක් මෙම වයිරසයට ස්වභාවිකව ඔරොත්තු දීමේ හැකියාව උපතින් ලබන ශක්තියකින්ද යුක්ත වීම විශේෂයි.

ඕස්ට්‍රේලියා උදාහරණය සහ ලංකාවේ මන්ද බුද්ධික ජනයා..

කොරෝනා වසංගත අර්බුදයේදී ලංකාවට හොඳම උදාහරණය ලෙස සමාන ජන අනුපාතයක් සහිත ඔස්ට්‍රේලියාව ගත හැක. ඔස්ට්‍රේලියාව කොරෝනා සටන සඳහා මුලික  අවිය කොටගෙන තිබෙන්නේ හැකිතාක් නියැදි පරීක්ෂණ සිදුකිරීමයි. මේ වන විට එය දිනකට 16000 ත් 18000ත් අතර ඉහල අගයක් ගනී. ලොකුම විහිලුව  මේ දක්වා  ලංකාවේ සමස්ථ පරීක්ෂණ ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ දිනකට සිදුකරණ  පරීක්ෂණ වලින් 50% වත් ආසන්න ප්‍රමාණය වත් නොවීමයි. බ්‍රිතාන්‍යයේ  මෙම ප්‍රමාණය දිනකට පරීක්ෂණ 100,000 දක්වා  ඉහල අගයකට ලඟා වෙමින් තිබේ . අවාසනාවකට ලංකාවේ සමස්ත මන්ද බුද්ධික ජනයා දියුණු රටවල් වලට වඩා  ලංකාවේ කොරෝනා පාලනය ඉහල යයි උපකල්පනය කරන්නේ ලංකාවේ  කොරෝනා පරීක්ෂණ සැලකීමට ලක්කිරීමට පවා අවම මට්ටමක පවතින අවදියකයි.

පසුගිය කාලය පුරා හදිසි බෝම්බ ප්‍රහාර වලට ලක්වුනා මෙන් ලංකාව පුරා රෝහල් වලින් කොරෝනා රෝගීන් අසත්‍ය ලිපිනයන් මගින් රෝහල් වල ලියාපදිංචි වීමෙන් රෝහල්වල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්කොට නිරෝධායනයට ලක් කිරීමට සිදුවිය. රජය සෑම රෝහලකටම රෝගීන් ඇතුලත් වීමේදී හෝ සායන වලට පැමිණීමේදී පරීක්ෂණ කට්ටල ලබා දුන්නේනම් එවැනි  කරදර කිසිවක්  සිදුනොවන්නට ඉඩ තිබුණි.

තවමත්  පූර්ව පරීක්ෂණ  සිදුනොවන බැවීන් රෝහල් කාර්යය මණ්ඩල  බලකිරීමෙන් හෝ රජයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුව තිබේ
රට අල කොරන විරුවාට කවුරුන් හෝ බල කර සිටිය යුතුය.

චිචීගේ යෝශිතගේ ඇඹේනියන්ගේ උපදෙස් හෙවත් හැඳුනුම්පත් අංක වැඩේ..

රට අල කරන විරුවාට උපදෙස් දෙන්නේ චිචී හෝ යෝශිතගේ හෝ ඇඹේනියන් වැනි පිරිසක් වික හැකිය. මක් නිසාද යත් පසුගියේ සතියේ හැඳුනුම් පතේ අවසන් අංකය අනුව ඇඳිරි නීතිය පවත්නා දිනවල නිවසින් බැහැරවීමට පවුලේ සියලුදෙනා යොමු කිරීමෙන් සමස්ථ පවුලටම කොරෝනා බෝ කිරීමේ මෝඩ කර්තව්‍යට රාජපක්ෂලා අතගසා ඇති නිසා ය. මෙය නවතා නොදැමුවහොත් ඉදිරි මස තුල ලංකාවේ කොරෝනා පවුල් සියගණනක් ඇති වනු ඇත.

සිදු කළ යුතු වන්නේ දිවයින පුරා ජනතාව ගැවසෙන ප්‍රධාන සුපිරි වෙළද සැල් වැනි ස්ථානවල දිනපතා පරීක්ෂණ කටයුතු සිදුකිරීමත් පවුලේ එක් අයකු පමණක් පිටතට යාමට සැලස්වීමත්ය. රජය පවසන පරිදි යා හැක්කේ නිවාස අසල වෙළඳ සලට  පමණක්  නම් පවුලේ සියලු දෙනා ඇයි ?  

කොරෝනා පොකුරු මතුවීමේදී සිදුකළ යුතු දේ..

පසුගිය කාලයේ කෙසෙල්වත්තේ මෙන් කොරෝනා පොකුරු මතුවීමේදී සිදුකළ යුතුව ඇත්තේ සමස්ත පොකුරු ප්‍රදේශයම කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමයි . එසේ නොමැතිව හඳහන් බලන්නා  සේ සීමිත පිරිසක් පමණක් කොරෝනා  මධ්‍යස්ථාන වෙත  ප්‍රවාහන /ඉන්ධන /ආහාරපාන වැයකරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද ජීවිත නිසි ආරක්‍ෂිත ක්‍රම නොමැතිව සේවයට යවා බිලිදීම නවතා  දැමිය යුතුය. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පරීක්ෂණ කරන රෝහල් පරීක්ෂණ කාර්ය මණ්ඩල ආරක්ෂාවට පමණක් යොදාගත යුතුය.

හමුදා සාමාජිකයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය..

කොරෝනා සඳහා රාජකාරි කරන හමුදා සාමාජිකයින් නැවත හමුදා කඳවුරු වලට යැවීමට පෙර තාවකාලික කදවුරු (පාසල්) වලදී කොරෝනා පරීක්ෂාවට  ලක්කිරීමෙන් පමණක් නැවත කඳවුරු හෝ නිවාඩු සඳහා හෝ යැවිය යුතු අතර  නිවෙසින් කඳවුර වෙත පැමිණීමේදී  නැවත කොරෝනා පරීක්ෂාව සිදුකළ යුතුය. වත්මන් රජය සිදුකරන තවත් බරපතල වැරද්දක් වනුයේ කොරෝනා වලදී සුවවී  නිවෙස්වලට යැවූ පිරිසට සහ පවුලේ අයට නැවත කොරෝනා පරීක්ෂණ සිදුනොකිරීමයි. මේ වනවිට සොයාගෙන ඇති අන්දමට කොරෝන වැළඳී  සුව වූ බොහෝදෙනා නැවත ආසාදනයට ලක්වීමත් ඔවුන්ගෙන් පවුලේ අයට කොරෝනා  ආසාදනය  වී තිබීමත්ය. වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා  සුව වූවන් සතියකට වරක් පසු පරික්ෂාව ඇරඹීමට රජයට බල කළ යුතුය.

පුද්ගලික රෝහල් ජාලය භාවිතා නොකිරීමේ ගොංකම..

කොරෝනා පාලනයේදී රජය පුද්ගලික රෝහල් ජාලය හා ඔවුන්ගේ සම්පත්  නිසිලෙස භාවිතා නොකිරීම ලොකුම ගොන් කමකි. ලංකාවේ මන්ද බුද්ධික මධ්‍යම පාන්තිකයින් රජයේ රෝහල්වලින් කොරෝනා ප්‍රතිකාර ගැනීමට බියක් දක්වයි. ජාතිවාදී  හිරු /දෙරණ ජඩ මාධ්‍ය නිසා මුස්ලිම්ජාතිකයින් පවා බියක් දක්වයි. ගල්කිස්සේ මුස්ලිම් ව්‍යාපාරිකයා සැඟවී සිටීමට හේතුවද එයයි. පුද්ගලික රෝහල් ජාලය කොරෝනා මර්දනයට දායක කර ගැනීමෙන් කොරෝනා නිසා සැඟවෙන  පිරිස අවම කර ගත  හැකිය.

රට අල කරන විරුවාගේ අපූරු බුද්ධි අංශ..

රට අල කරන විරුවාගේ නිතර පුරසාරම මහා බුද්ධි අංශයක් පවතින බවයි. නමුත්  සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාලියෙන් පැමිණි කිහිප දෙනකු තවමත් සොයාගැනීමට නොහැකිව සිටීමෙන් පෙනෙන්නේ කොරෝනා වෙනුවට බෝම්බ කරුවන් සැඟවුනානම්  සොයා ගැනීමට සිදුවන්නේ අපිටම බවයි. රට අල කරන විරුවා තම බුද්ධි අංශය නිසියාකාරව කොරෝනා මර්දනයට  භාවිතා  නොකරන බවට තවත් උදාහරණ අවශ්‍යද..?

කොරෝනා ලංකාවට උදාකළ සත්‍යය..

කොරනා  නිසා  ලංකාවේ වරප්‍රසාද ලාභී ඉහල පන්තියක් බිහි වී ඇත. සාමාන්‍යය  ආහාර වෙළඳ ව්‍යාපාර  වැසෙද්දී  piza /dominos /takobell /kfc  වැනි අහාර ජාල වැසුවේ නැත. ජඩ මාධ්‍ය වන හිරු /දෙරණ ටෙලිනාට්‍යය තවමත් පොලිස්  ආරක්ෂාව  යටතේ පටිගත කරයි.  ලක්ෂ්මන් හුළුගල්ලලා හිල්ටන් හෝටල්වල මත්පැන් බොමින් සිටි. දහම් සිරිසේනලා රූෆ්  ටොප්  සාද දමයි. චිචිලා දරුවන් සමග සිංහල අවුරුද්දට දළදා වඳී. සාමාන්‍යය නාවික සෙබලු රට අලකරන විරුවා වැලිකඩින්  නිදහස් කළ කුඩු කාරයින් ඇල්ලීමට ගස් නැග කූඩු කාරයන්ගෙන් කොරෝනා  හදාගෙන දුක් විඳින විට, මිය යන විට,  රාජපක්ෂ හොර නාවික විරුවා බිරිඳ සමග ටික්ටොක් පැමිණ බාල් නටයි. කොරෝනා ලංකාවට උදාකළ සත්‍යය මෙය පමණයි.

කොරෝනා අසාදිතයකු  පිළිබඳ ආරක්ෂක අංශ සහ සුවසේවා අංශවලට තොරතුරු  ලැබුණු සැනින් එම තොරතුරු සඳහා රුපියල් 2000 බැගින් ගෙවීමට  හිරු /දෙරණ ජඩ මාධ්‍ය පෙළඹී සිටීමද මහා කණගාටුවකට කරුණකි. අවම තරමින් මූලික මිනිස්  අයිතිවාසිකම් නොදන්නා දිලිත්, රෙනෝ වැනි ජඩ මාධ්‍ය ලොක්කන් රටේ  ජනතාව යනු පොල්කුඩු යයි සිතා සිටිති. 

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි-

---------------------------
by     (2020-04-27 20:15:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links